"පුතේ නැගිටින්න,බලන්නකෝ වෙලාව කීයද කියල ඔයා තවත් නිදි.ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න ඉක්මන් කරලා."
"හරි හරි අම්මේ,තව පොඩ්ඩකින් නැගිටින්නම්."
මම ටිකකින් නැගිටලා ඉස්කෝලේ යන්න ලැහැස්ති උනා.උදේ පාන්දර සීතලේ ඉස්කෝලේ යනවා කියන්නේ කෙනෙක්ට සුන්දර දෙයක් උනත් මට නම් ඒක පොඩ්ඩක්වත් සුන්දර දෙයක් නෙවෙයි.තව ටික දවසනේ කියලා හිත හදන් මම යන්න පිටත් උනා.
"ඒ මියුරු උබ English home work ටික කරාද..?"
"ඔව් බං,ඒ ටික නම් ලෙසිනේ,මම ඒ ටික කරා,ඇයි උබ කරේ නැද්ද..?"
"අඩෝ නැ මචං,මට පොත පොඩ්ඩක් දියන්කෝ..
අහ් මගේ බැග් එකේ පළවෙනියටම තියෙන පොත ගනින්,ලියාගෙන අයෙත් තිබ්බ විදිහටම දාල තියපන් හොදේ.."
"අහ් හරි මචං මම දාල තියන්නම්,thank you බං.."
මම පන්තියේ ගොඩක් පිළිවෙලට ඉන්න කැමැති කෙනෙක්,ඒ වගේම මම අනික් අය වගේ ඉගෙනගන්න අකමැති කෙනෙක් නෙවයි.මම අකමැති සබ්ජෙට් දෙක තුනකුත් තිබුණ,ඒත් මම ඒවත් period cut නොකර ගියා.හැබැයි මෙහෙමයි..🙂💔
"ඒ බං තව සති ගානකින් අපි o/l ලියනව නේද..මට නම් දැන් බයෙත් බැ" ඒ මියුරුගේ හොදම යාළුවා ධනුක..
"අනේ ප## ඒකනේ උබට මම 10 වසරේ ඉදන් කිව්වේ නට නටාම ඉන්නේ නැතුව පාඩම් කරපන් කියල."
"මට ලොකු රිස්ල්ට් එකක් ඕනි නැ බං,A/l Art කරන්න වෙන ඉස්කෝලෙකට යන්න තිබුනොත් ඇති.උබත් ආස Art කරන්න නේද බං.අපි දෙන්නම එකම ඉස්කෝලෙකට යමු..ම්ම්.."
"හරි හරි ඒ ඔක්කොටම කලින් උබ පාඩම් කරල ඉදපන් බූරුවෝ.උබ මේ ඉස්සරහට වෙන දේවල් ගැන හිතන්න කලින් මේ මොහොතේ වෙන දේ හිතපන්."
"මේ මොහොතේ මොනා වෙන්නද බං,උබ වෙනද වගේ මට උපදෙස් දෙනවා.මම අහගෙන ඉන්නවා.මේ ඒක නෙවයි අපි A/l මොනද බං කරන සබ්ජෙට්.උබ මොනද කරන්න හිතාගෙන ඉන්නේ..?"
"ම්ම්ම්,මම කරන්න ඉන්නේ Art නිසා මම හිතුවේ Geography,Media,Agri කරන්න.උබ මොනද කරන්න හිතං ඉන්නේ.?"
"අඩෝ මමත් media,geography,history කරන්න ඉන්නේ බං,කොහොම හරි අපි දෙන්නට ඒක වගේ සබ්ජෙට් දෙකක් තියෙන නිසා හොදයි නැත්නම් මට උබ නැතුව පාලු හිතෙයි.අපිට එකටම Class යන්නත් පුළුවන් නෙ බං."
"ම්ම්,ඔව් පුළුවන්.ඒ ඔකොකොටම කලින් o/l pass වෙලා ඉමුකො."
ධනුක තමයි මියුරුගේ හොඳම යාළුවා,ඒ දෙන්න 1 වසරේ ඉදන් හොඳම යාළුවො.ඔහොම ටිකෙන් ටික O/l ලං උනා.ඉස්කෝලේ administration ඒකත් අරන් ගෙදර එන්න පිටත් උනා.
"අම්මේ..අම්මේ..අම්මගේ සුදු පුතා ගෙදර ආවෝ..අම්මේ..!"
"අහ් ආවද,එහෙනම් wash එකක් දාගෙන පාඩම් කරන්න පටන් ගත්ත නම් හරි මහත්තය,අනිද්ද exam ඒක පටන් ගන්නවනේ.."
"අහ් හරි අම්මේ,මම පාඩම් කරන්නම්කෝ,ඔයා මට කෑම ලෑස්ති කරල තියන්නකෝ.මම ඉක්මනට wash එකක් දාගෙන එන්නම්."
ධනුකට පාඩම් කරන්න කියල උපදෙස් දුන්නට වැඩේ කියන්නේ මටත් පාඩම් කරන්න කම්මැලි.කලින් කිව්වත් වගේ මම පාඩම් කරන්න අකමැති උනාට මම ඉගෙනගන්න ආසයි.ඇයි දෙයියනේ මේ exam මේ ලෝකෙට හදුන්වාදුන්නේ 😫..
ඔහොම දවස් ගත වෙද්දී exam දවසත් ආව,එදා මුලින්ම තිබුනේ ආගම.මම ආගම එච්චර ආස කරන් සබ්ජෙට් එක්ක නෙවයි ඒත් මම ඊට කලින් දවසේ පාඩම් කරපු මතකෙන් හිතට එන ටික ලිව්වා.මගේ ඉස්සර ඉදන් පුරුද්දක් තමයි පේපරේ ප්රශ්නෙට අදාළ උනත් නැති උනත් මම පාඩම් කරපු ටික පේපරේ කොහෙට හරි ලියල දානඑක.හැබැයි එහෙමයි කියල මට කිසිම සබ්ජෙට් එකකට ලකුණු අඩු උනෙත් නැ.