මමයි ධනුකයි ඒ සතිය ඇතුලේ අපිට යන්න හොඳ පන්ති තියෙන තැනක් හෙව්වා. අපී කලින් A/l කරපු අයියලා අක්කලගෙනුත් අහල හොඳ පන්ති ටිකක් හොයාගත්තා. ධනුකත් මම කරන සබ්ජෙට් ටිකම කරන නිසා අපි දෙන්නටම එකට පන්ති යන්නත් පුළුවන් උනා.
" ඒ බං මම History වලට තනියම යන්න වුණහම තමයි මටත් කම්මැලි. උඹවත් නෑනෙ කතා කර කරවත් ඉන්න කම්මැලි හිතුනාම"
" අනේ යකෝ, ඔය පන්ති යන්නේ ඉගෙනගන්න නෙමෙයිද කතා කර කර ඉන්නද..? මම ආවෙ නැති උනාට කමක් නෑ අලුත් යාලුවෝ හම්බුවෙයි."
"මොන යාලුවෙක් හම්බුනත් උබ තරම් සෙට් වෙන්නේ නැ නෙ මට"
" හරි හරි ඒකට කමක් නෑ. අපිට අනික් සබ්ජෙක්ට් එකට එකටම යන්න පුළුවන් නේ.මමත් Agri වලට යන්න ඕනේ තනියමනේ. අනික තනියමින් තිබ්බත් පැය දෙකයි නේ. ඒක නිසා ඕක ඔච්චර හිතන්න එපා බං.."
ටිකෙන් ටික ඒ සතියත් ගෙවිලා ගියා. හෙට තමයි මුල්ම වතාවට අලුත් ඉස්කෝලෙට යන්න තියෙන්නෙ. අපි දෙන්නම හිටියේ ගොඩක් කලබලයෙන් මොකද මොන වගේ දෙයක් වෙයිද කියලා අපිටත් හිතාගන්න බැරුව හිටියේ. මම එදා ඉස්කෝලේ යද්දිත් ධනුක ඇවිත් පන්තියට වෙලා එළිය දිහා බලාගෙන හිටියා.
"Good morning ධනුක.." මම එකපාරට කෑ ගහල කිව්වා.
"අහ්,Good morning බං.මම බයත් උනා එකපාරටම කෑ ගහද්දි."
"උබ අද වේලාසනින්ම ආවද,වෙනද උබ එන්නේ ඉස්කෝලේ බෙල් එක ගහන්න ලං වෙලානෙ.අලුත් ඉස්කෝලෙට අවම හොද දේවල් පුරුදු වෙලා වගේ උබ...ම්ම්"
"ඔව් ඔව්, මම කොහොමත් එදා ඉඳන් හොඳ ළමෙක් තමයි තමයි. මේ අවුරුදු දෙකේ මම හැමදාම වේලාසනින් ඉස්කෝලෙ එන්න ඕනි කියල හිතුවා.උබත් වේලාසනින් එන නිසා මටත් කම්මැලි නැ"
" හැමෝම පිට්ටනියට යන්න පන්සිල් ගන්න හදන්නේ" මිස් කෙනෙක් කෑ ගහලා කිව්ව. අපි දෙන්නත් පන්තියේ අනිත් ළමයි එක්ක ඉක්මනට පිට්ටනියට ගියා. පිට්ටනිය හැම තැනම ළමයි විසිරිලා,Art section එකේ අයට වෙනම පේළියක් හදාගන්න කියලා එතන හිටපු මිස් කෙනෙක් ඇවිත් කිව්වා.
ඔක්කොම පේළි හැදුවට පස්සේ රැස්වීම පටන් ගත්තා. මුලින්ම පන්සිල් අරගෙන විදුහල්පතිතුමා කතා කරන්න පටන් ගත්තා.A/l වලට අලුතින් ආපු ළමයි පිළිගැනීමේ උත්සවයක් තියලා ඉස්කෝලෙට බාරගන්නවා කියලා කිව්වා. එතකම් අද සුළු පිළිගැනීමක් රැස්වීමෙන් පස්සේ සංවිධානය කරලා තියෙනවා කියලත් කිව්වා. ඊට පස්සේ ළමයි ටිකක් ඇවිල්ලා එයාලගේ අංක ඉදිරිපත් කරලා වේදිකාවෙන් බැහැල ගියා. අපිත් ඒ අයට අත්පොඩි ගහල පන්ති වලට යන්න පිටත් උනා. අපි පන්තියේ ළඟට යන්න හදද්දී 13 කට්ටියක් අපේ පන්තියේ ටික දෙනෙක් වට කරගෙන හිටිය.
"සින්දුවක් කියපන්,කිව්වොත් යන්න දෙනව.නැත්නම් යන්න නම් වෙන්නේ නැ." එක අයිය කෙනෙක් කෑ ගගහ කිව්ව.එතකොට තමයි මම දැක්කේ එදා මගේ ඇඟේ හැප්පුන් අයියත් ඉන්නවා.
"හරිනේ අමාරුව,මෙයත් කරන්නේ Art ද..මෙයාද ඉස්කෝලේ head perfect..!මම ඉවරයි වගේ" මම මටම කියාගත්ත..
"අහ් උබලා කොහේද යන්න හදන්නේ,මෙහෙට වරෙන් " අපි දිහා බලලා එක අයිය කෙනෙක් කිව්වා.අර perfect අයියත් අපි දිහා බලල අමුතු විදිහට හිනාවක් දැම්ම.අපි ඒ පැත්තට ගියා
"උබල ගැන විස්තරයක් කියපන් බලන්න අපිට " තව එකෙක් කිව්ව."උබ මුලින් කියපන්" කියල ධනුකගේ දිහාට ඇගිල්ලක් දික් කළා.ධනුක බයෙන් වගේ ඌ ගැන විස්තර ටිකක් කිව්වා.
"අහ් උබ කට ඇරන් බලන් ඉන්නේ ඇයී උබත් කියපන් උබ ගැන" ඒ අයියම කිව්වා.
"නම මොකක්ද?"
"මියුරු සංකල්ප අධිකාරි"
"පවුලේ තව කවුද ඉන්නේ ළමයි ?"
"මම විතරයි"
"කෙල්ලෙක් එහෙම ඉන්නවද?"
"අපෝ නැ"
ඒ ප්රශ්න ඔක්කොම ටික ඇහුවේ අර perfect අයිය.මට කෙල්ලෙක් නැ කිව්ව එකට එයාට හරි හිනා,හිතං ඉන්නේ මම කැතයි කියල ද දන්නේ නැ.අනික් අය මම දිහා බලන් හිටියේ කවදාවත් දැකල නැති එකෙක් දිහා බලන් ඉන්නවා වගේ.
"හා යනවා එහෙනම් පන්තිය" එකෙක් කිව්ව.අපි එන්න හදද්දීම අයෙත් "මියුරු" කියල කතා කරනවා ඇහුන.මම අයෙත් පිටිපස්ස බැලුව.මට ආයෙත් එන්න කිව්වේ අර prefect අයිය."ඔය ෂිපර් එක වහගන්න,මෙක ඉස්කෝලෙයක්.ඔයා ගෙදර ඉන්න විදිහට මෙතන ඉන්න බැ "කියල කිව්වා.
එතකොට තමයි මම දැක්කේ මගේ කලිසමේ ශිපර් එක පොඩ්ඩක් ඇරිල තියෙනවා.මගේ මූන අයෙත් රතු උනා.අර prefect අයිය මගේ රතු වෙච්ච මූන දිහා බලල අමුතු විදිහට හිනා උනා.
"මූ හිතං ඉන්නේ මම මේ ගෙදර මේ විදිහට ඉන්නවා කියලද දන්නේ නැ,මෝඩයා.කව්ද දන්නේ නැ මුට perfect දුන්නේ.prefect නම් කමක් නැ කියමුකෝ ඒත් head prefect දෙන්න තරම් විශේෂත්වේ මොකක්ද මුගේ " මම හිතුව.
"මොනවද කල්පනා කරන්නේ,ඕක වහගෙන පන්තියට යනව.Geo මිස් ඇවිත් ඇති.."අයෙත් මට කෑ ගැහුව.
"මම geo කරනවා කියල ඔයා කොහොමද දන්නේ..?" මම ඇහුව.
"ඒක ඔයාට වැඩක් නැ නෙ,ඒක මගේ දෙයක්.අනුන්ගේ දේවල් හොයන්න එපා.යන්න පන්තියට.."
"හා හා එහෙනම් මම යන්නම් " කියල මම කිව්ව.
"ඒ සිතාර මෙහෙ වරෙන් English මිස් එන්න කලින් ground ඒක පැත්තට යමු.."ඈත ඉදන් එකෙක් කෑ ගැහුව.
"අහ් මෙයාගේ නම සිතාරද..? සිතාර් ඒක මතක් වෙනවා නම ඇහෙද්දි " මට හිනා යන්න ගියා.
"මොකද මියුරු හිනා වෙන්නේ,යනවා පන්තියට දැන් මේ යාලුවත් එක්ක.මිස්ගෙන් පලවෙනි දවසෙම බැනුම් අහන්න ඕනිද..?Agri වලට අර අතනට යන්න ඕනි.Media මිස් නම් පන්තියට එනවා.පිරියඩ් කට් කරන්න තහනම්..හරිනේ"
"හා හා සිතාර අයියේ,අපි යන්නම්.."කියල අපි පන්තියට ආව.මිස් අවෙත් අපි එද්දිම වගේ නිසා මිස් මොකුත් කිව්වේ නැ අපි දෙන්නට.
"මේ බං,සිතාර අයිය කොහොමද දන්නේ උබ කරන සබ්ජෙට්.උබ ඒ අයියව දන්නවද කලින් ඉදන්.අර එදා ටොයිලට් ඒක ළග වැටෙන්න ගිහින් උබව අල්ලගත්ත අයිය නේද ඔය..?" ධනුක ප්රශ්න වැලක් ඇහුව.
"අනේ මන්දා බං,මම එයාව දන්නේ නෑ බං.ඔව් එදා මාව අල්ලගත්තේ එයා තමයි ඒත් මම එයා ගැන මොකුත් දන්නේ නෑ.එයා කොහොම මම ගැන හොයාගත්තද දන්නේ නෑ." මම (මියුරු) උත්තර දුන්න.
අපි කියපු විදිහට ඒ ඒ period ඒකට ඒ ඒ මිස් /සර් ලගට ගියා.13 වසරට එහා පැත්තේ අපේ පංතිය තිබ්බ නිසා සිතාර අයියත් අපි දිහා බලන් ඉන්නෝ මම සැරින් සැරේ දැක්ක..ඉන්න,ඇයි එයා මම දිහා බලන් ඉන්නේ.මම මොකක් හරි වැරැද්දක්වත් කරලද එයාට...
ඔහොම ටික වෙලාවක් යද්දී 1.30 ට ලං උනා..අපේ පන්තිය භාර හිටියෙත් සිතාර අයිය ඒ නිසා එයා 1.25 වෙද්දී අපේ පංතිය ලගට ඇවිත් අපිට ගාථා දාපු ගමන් වැඳගන්න කිව්වා.
"ඉස්කෝලේ ඇරිල යන්න කලින් මාව පොඩ්ඩක් හම්බුවෙලා යන්න.මම පිටිපස්සේ ගේට් ඒක ළග ඉන්නවා.." මට රහසින් වගේ කියනවා ඇහුන.මම එකපාරටම බැලුව ඒ කව්ද කියල එතන හිටපු කෙනාව දැකක්ම මගේ ඇස් උඩ ගියා.
"සිතාර අයියේ ඔයා...ඒත් මම..මම ඇයි ඔයා හම්බුවෙන්න ඕනි.මම අතින් ඔයාට මොකක් හරි වරදක් උනාද..?" මම බයෙන් ඇහුව.
"ඔව් වරදක් උනා,එනවකො යාලුව එක්ක මාව හම්බුවෙන්න පණ්ඩිත නොවී.."
මමත් බයෙන් වගේ "හරි අයියේ " කියල කිවා.
ට්රින්..ට්රින්..ට්රින්..
යෝ වදතං පවරෝ මනුජේසු
සක්යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි
තං සුගතං සරණත්ථමුපේමි
රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසූ පුරිස යුගේසූ
අට්ඨ ච පුග්ගල ධම්ම දසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි
"මේ බං සිතාර අයියා හම්බුවෙන්න යමුද,එයා එන්න කිව්වනේ.."
"හ්ම් හ්ම් එහෙනම් යමුකෝ බං මොකටද දන්නේ නෑ එන්න කිව්වේ.මටනම් බයයිත් එක්ක.නපුරු පාටක් නම් පෙන්න නෑ ඒත් කියන්න බැ නෙ බං.."
"නෑ,අපි ගිහින් බලමුකෝ මොකෝ වෙන්නේ කියල,උබ බය වෙන්න එපා.මට මොනා කලත් උබට මොකුත් කරන එකක් නෑ.මටනේ එන්න කිව්වෙත් ඒ නිසා උබ බය නොවී ඉදපන්.."
අපි කුතුහලයෙන් පිටිපස්සේ ගේට් ඒක ලගින් ඉස්කෝලෙන් එලියට ගියා.ඒ ගේට් ඒක ළග පාර හරි පාලු පාටයි.
"අහ්,ඇවිල්ල නේද..?මම හිතුවේ එන එක්ක නෑ කියල.." මගේ පිටිපස්සෙන් ඇවිත් සිතාර අයිය කිව්වා.මම ගැස්සුනා.
"ඔව් මම ආව.ඇයි අයියේ එන්න කිව්වේ මට.ඔයාට පුලුවන් නම් ඉක්මනට කියනවද,මට බස් ඒක මිස් වෙයි නැත්නම්.."
"ආ මෙක ගන්න" කොළ කෑල්ලක් මගේ අතට දුන්න.
"ඕක දිහා බලන් ඉන්න නෙවයි දුන්නේ,ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න ඔය නම්බර් එකට..ම්ම්"
"අහ් හරි අයියේ.මම දාන්නම්.." කියල අපි එන්න හදද්දී අයෙත් සිතාර අයිය මට කතා කරා.මම හැරිල බැලුව..
"අහ් හරි හරි යන්න.අදත් ඇරගෙනද බැලුවේ.ඔහොම බස් එකේ ගිහින් මිනිස්සුන්ට නූල් බඳින්න වෙයි "කියල හරි අමුතු විදිහේ හිනාවක් දාල එයා යන්න ගියා..
මමයි ධනුකයිත් ඉක්මනට බස් එකට ඇවිත් ගෙදර ආව.ගෙදර ආවා ගමන් මහන්සි නිසා මම wash එකක් දාගෙන නිදාගන්න ගියා.