Chapter 6 - Chapter -06

මම අයෙත් නැගිටල කම්මැලිකමේ ඉද්දි සිතාර අයිය ගියපු ගමන් මැසේජ් එකක් දාන්න කිව්ව ඒක මතක් උනා.මම ඉක්මනට අර කොළ කෑල්ල හෙව්වා.එකේ මොනවද ඇට ජාතියකුත් තිබ්බ.මම ඒවගේ සුවද බැලුව..

"අහ්..ලැවෙන්ඩර් මල් සුවඳයි..." 

ඔව් එයා මට ලැවෙන්ඩර් ඇට ටිකකුත් ඒ නම්බර් එකත් එකක්ම දිල තිබ්බ.මම ඒ ටික පෝච්චියක් අරන් පැලකරා.ඊට පස්සේ මම ෆෝන් එක අරන් නම්බර් එක ගහල එක සිතාර අයිය කියල සෙව් කරා.ඊට පස්සේ whatsapp එකට ගිහින් එයාගේ චැට් එක open කරල මොකක්ද දාන්නේ කියල කල්පනා කරා.

"Hi,මම මියුරු.අද නම්බර් එක දුන්නේ මැසේජ් එකක් දාන්න කියල"

මැසේජ් එක දාපු ගමන් එක delivery උනා,delivery වෙලා තත්පර ගානකින් ඒ මැසේජ් එක seen උනා.

"Hey,මම දන්නවා විස්තර..මියුරු කියල කිව්වම ඇති" සිතාර කිව්වා.

"මම අහන්න හිටියේ අයියේ ඔයාගෙන්,ඔයා කොහොමද දන්නේ මම කරන සබ්ජෙට් ගැන..?"

ඒ ගමන් ටයිප් කර කර හිටපු එක නැවතිලා ආයෙත් ටිකකකින් ටයිපින් කියල පෙන්නුවා.මමත් කුතුහලයෙන් බලන් හිටිය.

"එක ඔයාට වැඩක් නැ,මම උදෙත් කිව්වනේ,ඒක මගේ දෙයක්.මගේ දේවල් ඔයාට ඔනි නැ නෙ.."

"මට ඔනි"

"ඕනි නම් ගන්න..මම නවත්තන්නේ නැ ඔයාව.."

"මේ මිනිහා මොන බයිලයක් කියවනවද මන්දා,මූ එක්ක කතා කරන්න ගියොත් පේපර් එකක් ලිව්වා වගේ තමයි " මම මටම කියා ගත්ත.

"හා හා ඕනි නැ,මම හොයාගන්නම්කෝ.ඒක නෙවයි මට මැසේජ් එක්ක දාන්න කිව්වේ ඇයි..?"

"ඇයි මැසේජ් කරන එක කරදරයක්ද මම,කෙල්ල එක්ක චැට් කරන්න තියෙනවද..?"

"අනේ මේ මට ඇති කෙල්ලෙක් නැ.අනික මම ඇහුවේ හදිස්සියක් වෙන්න ඇති කියල ඔහොම අහන අහන එකට හරහට උත්තර දෙන්න එපා.පොඩ්ඩක් මනුස්ස්සයෙක් වගේ කතා කරන්න සිතාර අයියේ.." මම කිව්වා..

"හරි හරි ඒක මම බලාගන්නම්.දැන් රෑ වෙලා යනවා ගිහින් නිදාගන්නවා.දකින අය හිතයි මල් කඩනවා කියල මහ රෑ තිස්සේ ඇහැරන්..good night මියුරු❤️"

"මම මොකද ඔයා කියද්දී නිදාගන්න ඕනි,හරි මම නිදාගන්නම්.good night සිතාර අයියේ" මම ❤️ එකක් දාන්න ගියේ නෑ.

"අහ් මේ අයියේ,මට කෙල්ලේක් නෑ හරිද..මම මේ කා එක්කවත් මල් කඩන්නේත් නෑ.ආයේ ඕක කියන්න එපා"

"එහෙනම් කොල්ලෙක් ද ඉන්නේ..?" සිතාර ඇහුව

"ඔව් ඇයි.."මම කේන්තියෙන් වගේ ඇහුව.

"ආ එහෙමද,මම හොයාගන්නම්කෝ ඒකත් එහෙනම්..ගිහින් නිදා ගන්නවා හෙට උදේ ඉස්කෝලේ එන්න ඕනි නෙ"

"හා"

මම එහෙම්ම ඇඳට ඇවිල්ල ෆෝන් ඒකත් චාජ් එකට දාල නිදා ගත්ත.ඉස්කෝලේ ගිහින් මහන්සි නිසාදෝ මට ඇඳට ආපු ගමන් නින්ද ගියා.ඉක්මනින් උදේ උනා වගේ මට දැනුනේ.

"පුතේ නැගිටින්න..ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙන්න.නැත්නම් බස් එක අල්ලගන්න වෙන්නේ නැ"

"හරි අම්මා,මම නැගිටින්නම්..මට කිරි එකක් හදන්න" මම නිදිමතේ කිව්වා.

මම නැගිටල ලැහැස්ති වෙලා කිරි ඒකත් බීල පාරට දුවල ගියා.මම ගිහින් විනාඩියකින් වගේ බස් ඒකත් ආව.මම ගිහින් පිටිපස්සේ මුල්ලක් අල්ලගෙන ඉදන් හිටිය මොකද මගින් ධනුක නගින නිසා.ඌත් මගින් නැග්ග.අපි කියව කියව ගියා.බස් එක ඉක්මනට ඉස්කෝලේ ලගට ඇවිත්,අපි බැහැල ඉස්කෝලේ ඇතුලට ගියා.

"අඩෝ බං,අද කොන්ඩ බලනවාද කොහෙද අර ආපහු හරවල යවන්නේ.." ධනුක කිව්වා.මමත් දැක්කේ එතකොට ශිෂය නායකයෝ කොන්ඩ බලල කොන්ඩේ වැඩි අයව ආපහු හරවල ගෙදර යවනවා.ඒත් ශිෂ්‍ය නායකයන්ගේ නම් කොණ්ඩ තියෙනවා කුකුල් පෙඳ වගේ.

"අපි ගිහින් බලමු බං,අපිවත් යවයි ද දන්නේ නැ.යැව්වොත් නම් ඉවරයි තමයි.අම්මගෙන් බැනුම් අහන්න වෙයි.කමක් නැ අපි ගිහින් බලමුකෝ"

අපි දෙන්න එක්ක අපූ වේගෙ අඩු කරල හිමින් හිමින් ඒ අයට එහා පැත්තෙන් ගියා.

"ඒ..ඒ..උබලා දෙන්න කොහෙද යන්නේ හොර පාරෙන්..? මෙහෙ වරෙන් " එක ශිෂ්‍ය නායකයෙක් කතා කරා.අපි ඒ පැත්තට ගියා.

"උබලා දෙන්නගෙත් කොන්ඩේ වැඩි,ආපහු ගෙදර පලයන් "

"අපේ විතරක් ද ඔයාලගේත් කොන්ඩේ වැඩිනෙ එහෙනම්,ඔයාලට විතරක් වෙන නිතියක් ද..?" මම ඇහුව

"මොකක්ද උබ කියන්නේ..ආ.." ඒ අයිය මට ගහන්න අත ඉස්සුවා.මගේ ඇස් ඉබේටම පිය උනා.මම ඇස් පියාගෙන ඉන්නවා.ඒත් මට තව වැදුනේ නැ.මම ඇස් ඇරල බැලුව.

"සිතාර අයියේ ඔයා....!" මම ලොකු සතුටකින් කැ ගැහුව.සිතාර අයිය මට ගහන්න ආපු අයියගේ අත අල්ලගෙන ඉන්නවා කේන්තියෙන් වගේ..

"එහාට යන්න ඔයා..." කේන්තියෙන් සිතාර අයිය කිව්වා.මම ඒ කටේ සද්දෙටම එහාට උනා.

"උබ මොකද මේ ළමයට ගහන්න හදන්නේ " කියල සිතාර අයිය අර අයියගේ කනට එකක් ගැහුව.ඒ සද්දේ ඉස්කෝලේ පුරාම දෝන්කාර දුන්න.

"ආ..උබ දන්නවද උබ ඒ කාටද අත ඉස්සුවේ කියල.උබලට අයෙත් කියන්නේ නැ මියුරුට ආයේ කරදරයක් වෙලා තිබුනොත් මම නරක මිනිහා කියන්න එපා." සිතාර ගිගිරුවා.

"ඇයි උට‍ ගහන්න හදද්දී උබට රිදෙන්නේ ඌ උබේ කොල්ලද..?" අර කෝල්ල අයෙත් ඇහුව.

"ඔව් මේ මගේ කෝල්ල තමයි " කියල සිතාර අයියා මගේ අතින් ඇදගෙන Art එකට ගියා.."

"ඔයාට අවුලක් නැ නේද,ආයේ කවුරු හරි මොනවා හරි කියාගෙන අවොත් ඔයා මට කියන්න ඕනි..හරිනේ" සිතාර අයිය සන්සුන් විදිහට කිව්වා.ඇත්තටම එයා ළග තිබුණ ඒ කේන්තිය නිවිලා ගිහින් ඒත් එයා රතු වෙලා.

"හරි අයියේ,මම කියන්නම්.ඔයා දැන් පන්තියට යන්න.අපි එක්ක ඉදලා ඔයාට මිස්ගෙන් බැනුම් අහන්න වෙයි." මමත් කිව්වා.

"හරි මම යන්නම්,පරිස්සමින් ඉන්න" කියල අර වෙනද හිනා වෙන විදියට හිනා වෙලා එයා යන්න ගියා.අපිත් පන්සිල් ගන්න ගිහින් ඇවිත් පන්තියට වෙලා ඉදන් හිටිය.මුලින්ම තිබුනේ geo නිසා මිස් ඇවිත් උගන්නල ගියා.මමයි ධනුකයිත් මිස් ගිය ගමන් එලියට ගියා පොඩ්ඩක් ඇවිදල එන්න කියල.

"ඒ බං toilet එකටත් ගිහින්ම යමු නැත්නම් අයෙත් එන්න වෙයි." ධනුක කිව්වා.මමත් හා කියල ඌ එක්ක toilet එකට ගිහින් ඇවිත් එලියට එන්න හදද්දීම මාව එතන තිබ්බ මඩ වලකට ලිස්සලා වැටුන.

"අයියෝ හැ####,ඒ බං මගේ කලිසමේ මඩ ද.."

"අඩෝ ඔව් බං,කලිසම පුරා මඩ ගොඩයි.අපි මිස්ට කියල ගෙදර යමු.උබට ඔහොම මඩ පිටින් ඉන්න බැ නෙ 1.30 වෙනකම්.යමන්කෝ මම මිස්ට කියන්නම්." ධනුක කිව්වා"

"අහ් හ්ම් එහෙනම් යමුකෝ,මටත් මෙහෙම ඉන්න බැ බං.අප්පිරියයි මට.ඉක්මනට යමු,කට්ටිය දකී නැත්නම්." මමත් කිව්වා.අපි ඒ යද්දීම මිස් හම්බු උනා.ධනුක මිස්ගෙන් ඇහුවම මිසුත් බලලා යන්න කිව්වා.තනියම යන්න දෙන්න බැ කියල මිස් වටපිට බල බල ඉද්දි සිතාර අයිය ඒ ලගින් යනව දැකල "සිතාර,පුතේ මේ මියුරු මඩ වලක වැටිල.පුතාට පුලුවන් ද මියුරුව එයාලගේ ගෙදරට ගිහින් ඇරලන්න."මිස් සේරම විස්තරේ කිව්වම සිතාර අයිය හිනා වෙලා "හරි මිස් මම ගිහින් දාන්නම්.පොඩි ළමයි වගේ මඩ නාගෙන ඉස්කෝලේ ඉන්න බැ නෙ කොහොමත් " කියල සිතාර අයිය මම දිහා අමුතු විදිහට බැලුව.නිකම් මම මේ හිතල වැටුන වගේ නෙ.මට හින්ට් ගහන්නේ මූ..

මිස් principal සර්ගෙනුත් අහල අපිට යන්න පුලුවන් කිව්ව.සිතාර අයිය එයාගේ bag ඒකත් අරන් එනවා දැකල මම ඇයි ඇහුව.එයාත් එහෙම්මම ගෙදර යනවා කියල කිව්වා.

"හරි දැන් යමු,නැත්නම් බස් එකක් එනකම් ගොඩක් වෙලා බලන් ඉන්න වෙයි.."

"ඔයා දන්නවද අපේ ගෙදර තියෙන්නේ කොහද කියල..? " මම පුදුමෙන් ඇහුව.එයා ගත් කටටම ඔව් කිව්වා.කොහොමද දන්නේ ඇහුවම මොකුත් කිව්වෙත් නැ.ටික වෙලාවක් යද්දී බස් එක ආව.අපි එකේ නැගල ගෙදර එන්න පිටත් උනා.ධනුකත් අපිත් එක්ක හොරෙන් ආව තනියම ඉන්න බැ කියල.ඒ නිසා ඌ මම එහා පැත්තේ ඉදන් කතා කර කර ආව.අපි එක එක ඒවා කියල හිනා වෙද්දී සිතාර අයිය ධනුක දිහා බලල රැව්ව.ඒ නිසා ධනුක ඊට පස්සේ වැඩිය කතා කරෙත් නැ.ඌ බහින තැනදි වෙනද වගේම ම‍ටත් පාරක් ගහල bye කියල බස් එකෙන් බැස්ස.ඒ වෙලේ එහා කෙළවරේ හිටපු සිතාර අයිය ඇවිත් "ඇයි අරු ගැහුවේ..?" ඇහුව."ඒ නිකම් යාලුකමට,ඕක තමයි මගේ හොදම යාළුවා " මම උත්තර දුන්න.සිතාර අයියත් හ්ම් කියල කාටවගෙනම අපේ ගේ ළගට එනකම් ආව.ගේ ලං වෙද්දී එයාම බෙල් එකත් ගහද්දි මට පුදුමයි මෙය මේ විස්තර කොහෙන් හොයා ගත්තද කියල..

"වඩම්මන්න ඕනි නැ නේද,බහින්න.අපි ගේ ළඟ ඉන්නේ" මට කින්ඩියෙන් වගේ කිව්වා.

"හා හා අනේ ඇයි හරහටම කතා කරන්නේ..?" කියාගෙන මමත් බස් එකෙන් බැස්ස.අම්ම අපි යනකොට මල් පැල වලට වතුර දාන ගමන් හිටියේ.