Chapter 4 - Chapter -04

"Calling dhanuka.."

"කියපන් බං,good morning..රිසාල්ට් ඇවිත්ද..? "

"Good morning සුදූ ,රිසාල්ට් ඇවිත් බං..මම පාස් බං 9,7 ක් තියෙනවා බං.මට මාර සතුටුයි.උබ මට අන්තිම දවස් ටිකේ පාඩම් කරන්න කියල කියපුව නිසා තමයි මම ගොඩ ගියේ,උබට ගොඩක් පින් බං.." ධනුක අඩන ගමන් කිව්ව.

"අඩොව්,මරුනේ යකෝ..මමත් රිසාල්ට් බලල එන්නම් එහෙනම්.මමත් පාස් වෙලා තිබ්බොත් හරි බං.මම කෝල් එක්ක ගන්නම් උබට ඉදපන්.."

මම exam number එක ගහල result එක බැලුව,මට 9,8 ක්ම තිබ්බ.මට එදා තරම් සතුටක් දැනුනේ නෑ ජිවිතේ කවදාවත්..

"හෙලෝ බං,මමත් පාසේ හු## මට 9,8 ක් තියෙනවා.මම බයෙන් හිටියේ බං දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.මම හිතුවේ ඔක්කොම ඉවරයි කියල.ඒක නෙවයි අපි අද යමුද අස්වීම ගන්න ඉස්කෝලෙට..?"

"ඔව් නේද බං අද ගිහින් ඒකත් අරන් එමු,එතකොට ලෙසිනේ.ඒනම් උබ ඇදුමක් දාගෙන වරෙන්,මම ගේට් එක ළග ඉන්නම්.ඉක්මනට වරෙන් හොදේ මම මේ දැන් එනවා."

"හරි බං මමත් එන්නම් මිස්ලා සර්ලා හම්බෙන්නත් ඕනිනේ."

අපි ගිහින් අස්වීමත් අරන් ආව,A/l පටන් ගන්නවා කිව්වේ ලබන මාසේ නිසා අපි අලුතෙන් යන්න ඉස්කෝලෙයක් හොයන්න පටන් ගත්ත.එතකොට තමයි අපේ අම්මගෙ යාලුවෙක් ඉන්නවා කියල ඒ ටීච ඉන්න ඉස්කෝලෙට යන්න කියල කිව්වේ.එක හොඳ ප්‍රසිද්ද ඉස්කෝලෙයක් නිසා මමත් කැමැති උනා..

"මේ ධනුකයෝ,උබ යන්න ඉස්කෝලෙයක් හොයා ගත්තද බං,අපේ අම්ම කිව්වා ################## ඉස්කෝලෙට යන්න එක හොදයි කියල,මම නම් කැමැති..උබ මොකෝ කියන්නේ..?අවුලක් නැත්නම් එකට application දාමු."

"අඩේ එක මරු බං අපි එහෙනම් ඒ ඉස්කෝලේ යමු,අපි කවද්ද application දාන්න යන්නේ.උබ යන දවසක් හරියට කියපන්කො මට මමත් එදාට එන්නම්.අපි මුලින්ම ගිහින් දාමු නෙ ඒ ඉස්කෝලෙට තොර ගන්නේ අඩුවෙන්ලු.ඒ ගන්නෙත් හොදම result ලු."

"අහ් එක න්ම් අවුලක් නැ අපේ අම්ම දන්න යාලුවෙක් ඉන්නෝ කීවා එයාගෙන් අහල් දිනයක් මම උබට කියන්නම්කෝ,අපිට දැන් class එහෙමත් හොයා ගන්න වෙයි නේද,මේ ළගක class ඇත්තෙත් නැ නෙ හොද ගුරුවරු ඉන්න."

"හ්ම් එහෙනම් බලල කියම්කො.පස්සේ ගන්නම් එහෙනම් bye"

14 වෙනිදා තමයි application බාර ගන්න දවස,අපි එදා උදේම ගිහින් application බාර දීලා ආව.අපි යනකොටත් එක එක ඉස්කෝල වල ළමයි ගොඩක් ඇවිත් හිටිය.අපි select වෙයිද කියලත් පොඩි බයක් නොතිබුනාම නෙවයි..

"මේ බං මට ටොයිලට් යන්න ඕනි,වරෙන්කො යන්න මම දන්නෙත් නැ කොහෙද තියෙන්නේ කියල.."

"මම දන්නෙත් නැ යකෝ,කාගෙන් හරි අහගෙන යමන්කෝ එහෙනම්,උබටත් වැදගත් වැඩකට ආවා ගමන් කොහෙවත් නැති බරක් එනවා නෙ.."

"අනේ බං ඕව කියවන්න පස්සේ පුළුවන්,ඉක්මනට යමන්කෝ.."

"Excuse me miss,toilets කොහෙද තියෙනෙන්..?"

"අර පැත්තේ කෙලවරේ පුතේ,ඔය ඉස්සරහින් යන්න "ඒ මිස් අපිට පාර කිව්වා.අපි ඒ මිස්ටත් ස්තුති කරල ඉක්මනට ගියා.එතනට යනකොටත් එතන A/l අයියල පිරිලා,ඒ අය ටිකකින් ගියාට පස්සේ අපි ගියා.."

දඩාස්..කොහේද හු## යන්නේ ඇස් පෙන්නේ නැද්ද උබේ..?

"අනේ සොරි අයියේ,මම දැක්කේ නැ"මම කිව්වා.ඒ අයිය අපි දිහා බලන් ඉදලා අලුතෙන් ද එන්න ඉන්නේ කියල ඇහුව අපි ඔව් කියල එන්න ආවේ.ඒත් මගේ කරුමෙකට මාව එතන ලිස්සන් ගිහින් වැටෙන්න ගියා.අර අයිය ඉක්මනට ඇවිත් මාව අල්ලගත්ත.මම අයෙත් thank you කියල එන්න හදද්දී අයෙත් ඒ අයිය කතා කරා.

"කලිසමේ ෂිප් එක වහගන්නවා,ඕක හැමෝටම පෙන්න පෙන්න යන්න එපා " කියල කින්ඩියට වගේ කිව්වා.මම එතකොටයි දැක්කේ මගේ කලිසමේ ෂිප් එක ඇරිල තියෙනවා.මගේ මුන රතු උනා.මම ඒකත් වහගෙන ඉක්මනට ඉස්කෝලෙන් එලියට ආව."

"අපි යමු නේද බං එහෙනම් ගෙදර,දැන් දවල් වෙලානේ ඉස්කෝලේ පටන් ගන්නවා කිව්වේ ලබන සතියෙනේ,එහෙනම් අපි ලබන සතියේ හම්බුවෙමු.." කියල මමත් ධනුකයට bye කියල බස් එකක් නැගල ගෙදර ආව.

"A new massage from dhanuka"

"උබ ගෙදර ආවද,මම ආවේ දැන් "

"ඔව් මමත් මේ දැන් ආවේ "

දැන් ඉතින් සතියක් ඉවසන් ඉන්න ඕනිනේ ඉස්කෝල් යන්නත්,අර වෙච්ච දේත් එක්ක ආයේ ඒ අයියට මූන දෙන්නත් ලැජ්ජයි වගේ දැන්න්ම්..ශික්,මටමනේ මේවා වෙන්නේ..