Chapter 3 - Chapter -03

ඔහොම දවස් ටික ඉකමනින් ගත උනා.අන්තිම දවස වෙද්දී මම හිටියේ ගොඩක් දුකෙන්,මොකද එයාගෙ ඉස්කෝලේ දාල යන්න වෙන නිසා ඒ වගේම එයාට අලුත් ඉස්කෝලෙකට යන සතුටත් තිබ්බ.ඒ සතුට දෙගුණ තෙගුණ වෙන හේතුවක උනේ එයාගේ හොඳම යාලුව ධනුකත් එයා එක්ක එයා යන ඉස්කෝලෙට යන නිසා.

අන්තිම දවසේ exam ඉවර වෙලා මම ඉස්කෝලේ අන්තිම වතාවට බලන්න ඕනි කියල හිතිල ධනුකත් එක්ක වටයක් දාල ගෙදර එන්න පිටත් උනා.ගෙදර එන ගමන් ළග කඩෙන් අයිස් පැකට් එකකුත් අරන් එකත් කන ගමන් ඕපාදුප හොයන ඇන්ටිලටත් අහන ඒවාට උත්තර දිදී හවස 3 වගේ වෙද්දී ගෙදර ආව.

"ඔන්න අම්මේ ආයේ නම් මම පොතක් අල්ලන්නේවත් නැ.මේ කරදරෙත් ඉවර කරේ පුදුම අමාරුවෙන්.අයෙත් නම් A/l වලට අලුත් ඉස්කෝලෙකට ගියාම තමයි පොතක් අල්ලන්නේ.අහ් එක නෙවයි අම්මේ ධනුකත් මම එක්ක මම යන ඉස්කෝලෙට එනවා කිව්වා." මම ඉස්කෝලේ ගිහින් ගෙදර ආපු ගමන් අම්මට කිව්වා.

"හරි හරි එහෙනම්,ටික දවසක් නිදහසේ ඉන්නකෝ හැබැයි රෑ වෙනකම් ෆෝන් එක බල බලා නම් ඉන්න බැ හරිද..? "අම්ම කිව්වා

"හරි හරි බලමුකෝ " ඇහෙන නෑහෙන විදිහට මම කිව්වා.

ඔහොම දින සති ගෙවීගෙන ගියා,o/l result එන දවසත් ලං උනා.රිසාල්ට් එනව කියල තිබ්බ දවසට කලින් දවසේ මගේ කලබලේ දැකල අම්ම පුදුම උනා.

"මොකද ළමයෝ මේ කලබලෙන්,කෝ මෙච්චර දවස් කියවපු පණ්ඩිත කතා.රිසාල්ට් අවම බලමුකෝ පුතාගේ කෙරුවාව." අම්ම තර්ජනාත්මක ස්වරයෙන් කිව්වා.

"හරි හරි අම්මේ ඔයා ඉන්නකෝ බය නොවී,අම්මගේ සුදු පුතා එකෙන්ම පාස් තමයි.මම විතරක් නෙවයි ධනුකයත් පාස් වෙනව.ඌත් අන්තිම දවස් ටිකේ පාඩම් කරා මගේ කීම අහල මම එක්ක වෙන ඉස්කෝලෙකට යන්න ඕනි නිසා."

"අහ් එහෙනම් හොදයි නෙ,දෙන්නත් එක්ක එහෙනම් හෙට රිසාල්ට් අවම ඉස්කෝලෙට ගිහින් අස්වීමත් අරන් එන්න.එතකොට ආයේ දවසක් යන්න ඕනි නෑ නෙ."

හෙට රිසාල්ට් එන නිසා මම හිටියේ ටිකක් බයෙන්,මොකද කොච්චර මට මාව ෂුවර් උනත් මතක් වෙද්දී බය හිතෙනවා.මොකද,හදිස්සියෙවත් fail වෙලා තිබ්බොත් ඔක්කොම ඉවරයිනෙ..

දන්නෙම නැතුව රෑ වෙලා නිසා මියුරු නිදාගන්න ගියා.රෑ.11.30 වගේ වෙද්දී,

"Dhanuka is calling.."

මගේ නින්දෙන් එකපාරට් ඇහැරිල ධනුකගේ කෝල් එක answer කරා.

"හෙලෝ ධනුකයා,මොකෝ උනේ හදිස්සියක්ද බං මේ රෑ කෝල් ගන්නේ "

"ඔව් බං ලොකු හදිස්සියක්,රිසාල්ට් ඇවිල්ලලු බං " ධනුක කෑ ගහන ගමන් කිව්වා..

"අනේ පල,සිරාවටද කියන්නේ උබ.අඩෝ උබ පාස් ද බං..?"

"නෑ නෑ බං,ජෝක් එකක් කලේ.උබ බයවෙන්න එපා.රිසල්ට් එන්නේ හෙටනෙ ඒ නිසා උබට පෙර පුහුණුවීමක් දුන්නේ මම" කියන ගමන් ධනුක හිනා උනා..

මේ වෙලාවේ කේන්ති ගිය මියුරු "අනේ හු## උබ මේ රෑ උබේ සීයව මට කියල සිහි කරගන්න එපා හරිද.." කෑ ගහල කිව්වා.

"අනේ හරි හරි බං,සොරි ඉතින් ජෝක් එක්කනේ කලේ.මේ උබ මොකෝ කරන්නේ නිදිද,හෙට රිසාල්ට් අවම මම ෆේල් උනොත් මම උබලගේ දිහා එන්නම් හරිද.මට ගෙදර ඉන්න වෙන්නේ නෑ ෆේල් උනොත්."

"නිදි නෑ මම මේ රෑ #%  &%#@ ගමන් හිටියේ,උබට විතරක් නෙවයි ෆේල් උනොත් මටත් ගෙදරින් යන්න වෙන පාටක් තියෙන්නේ.මම හෙට කෝල් එක්ක ගන්නම් එහෙනම් රිසල්ට් ආවම.good night bn."

"අහ් හරි හරි බං good night"