බස් එකේ දැක්කේ...
මා හා සිනා පෑවෙ.....
පුසුඹේ බැරුවා.... මා ළඟින් වාඩිවුන්නේ...
ජනේලෙන් අහක බැලුවේ...
මා දෙස හොරෙන් බැලුවේ.....
කොටුවට ටිකට් ගත්තේ....
ඒ ළඟම හදත් ගත්තේ.....
ක්ලාස් එක පටන් ගන්න තව පැය බාගයක්ම ඉතුරුයි.... හැම පන්තියකම අන්තිම පේලිය මෙහෙම තමා...දවසකට රොමේශ් සුගතපාල, දවසකට ශශිකා නිසංසලා....ඇයි සමහර දවස්වලට මාස්ටර් අමරදේවත් එනවා....අද නම් ෆන්කි ඩර්ට්ලා ඇවිත්....
හෝල් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති තරම් ළමයි... පොදුවේ කරන පේපර් ඩිස්කසින් ක්ලාස් එකක් නිසා ෆස්ට් ශයි...සෙකන්ඩ් ..තර්ඩ්...මේ ඔක්කොම ළමයි මේ අස්සෙ පිරිලා.....
"අඩේ සවියා...බලපංකෝ අරකි....හම්මේහ්...කෝමද වනන වැනිල්ල....."
"මෙලෝ රහක් නෑ බං... ඕකි පාර දෙක තුන රන් කරන එකියක්....."
"ඉතින් කවුද කිව්වෙ පවුල් කන්න ඕනි කියල පගෝ....."
" අර ඉස්සරහ ඉදන් 8 වෙනි පේලියෙ ඉන්න කණ්ණාඩි දාපු එකී මගේ ඈ....එකෙක්වත් ඉල්ලන්න එන්නෙපා ඕං...."
"නවත්තපල්ලකො හුත්තො උඹලගේ කන් කරච්චලේ..... ආව ගමන් ගෑනු තෝරන්න ගත්තා මෙතන..."
මෙච්චර වෙලා පාට පාට ගෑණු ළමයින් තෝර තෝර අයිතිය බෙදාගන්න බැරුව කියෝගත්තු තුන් කට්ටුව මහිත්ගෙ එක වචනෙට කටවල් සිප් කරගත්තේ නිකම් බොරුවට මහිත්ගේ කේන්තිය අවුස්සගන්න ඕන නැති නිසා....
අන්තිම පේලියට පේලි දෙකක් ඉස්සරහින් එක පෙලට උන්නු කොල්ලො හතර දෙනා ක්ලාස් එකේ VVIP ලා කිව්වොත් වැරදි නෑ.... Agarwood නැත්තම් සිංහලෙන් කිව්වොත් වල්ලපට්ට වලින් ලෝකෙම අල්ලගත්තු ENIGMA පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකේ අනාගත අයිතිකාරයා මහිත් රේමන්ඩ්.... සුප්‍රසිද්ධ අගවිනිසුරුවරයෙක්ගෙ පුතෙක් උනු නිකිත් දිසාසේකර.... යෞවන කටයුතු හා ක්‍රීඩා භාර ඇමතිතුමාගෙ බාල පුත්‍ර රත්නය උනු සවින්ද කැකුණවෙල... Avenra හොටෙල් චේන් එකේ ඊලඟ අයිතිකාරයන්ගෙන් කෙනෙක් උනු ඉරෝශ් මනතුංග..... ආයෙ දෙකක් නෑ....බෝයිස් ඕවර් ෆ්ලවර්ස් එකේ F4 ටීම් එක වගේ..... නැත්තම් අපි රජ ඉබ්බෝ වගේද... කොහොම නමුත් රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා උන්නු මේ හතර දෙනාට කිසිම දේකින් අඩුවක් කියන්න තිබුනෙ නෑ...ඉගෙන නොගත්තත් කිසිම අඩු පාඩුවක් නැතුව ඉන්න පුලුවන් වාසනාවන්ත ජීවිත....
"කොතනද ගීතාන් ඉන්නෙ?.. මේකෙ හොයන්න තියා ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නෑනෙ....
ආ....හරි හරි මම දැක්කා.... ඉඳපන් මම එන්නම්....."
වමතින් ෆෝන් එක කනේ ගහගෙන...දකුණතේ සයිඩ් බෑග් එකත් එල්ලගත්තු සනුත් වටපිට බලන ගමන් ඉක්මණ් ගමනින් පන්තියට ඇතුල් උනා... තමන් මෙච්චර වෙලා හොය හොයා උන්නු ඒ රූපෙ දැක්ක සනුත්ගෙ මූණට හිනාවක් ආවා....
"අම්මෝ බං....මේකෙ ඉන්න ළමයි ගොඩ.... මං වෙලාවට ආවානෙ නේද....සර් තව ඇවිත් නැද්ද....."
බෙල්ල වටේ අත යවලා බෑග් එක ගලවලා වාඩිවෙන ගමන් සනුත් එහෙම කිව්වෙ මේ නාඳුනන දාහක් මූණු අතරේ තමන් දන්න එකම කෙනා....ගීතාන් ගෙ මූණ දිහා බලමින්....
දුශ්කර අනුරාධපුරේ ඉඳලා මේ ගෙන්දගම් පොළොවට අඩිය තියලා මහ ලොකු දවසක් නොවුණත් දැනටම සනුත් මේ පරිසරේට හුරු වෙන්න පරන් අරගෙනයි තිබුනෙ....
අනුරාධපුරේ නිස්කලංක පරිසරේක ජීවත් උනු සනුත්ට කොළඹ මේ ඝෝශාකාරී බව නම් මහ වදයක් උනා.... සමහරක් දවස්වලට උඩට අදින හුස්ම ටිකත් හිරවෙනවා වගේ හැඟීමක් දැනෙන්න උනා.... ඒත් මේ කට්ට කන්නම වෙනවා කියල සනුත් දන්නවා..... අම්මා දුක් වින්ඳා ඇති..... මහන්සියක් දැනුනු හැමවෙලේම සනුත් හිතුවෙ ඔය වචන ටික....
"සනුත්... ඕයි මොනාද බං කල්පනා කරන්නෙ...??...මම දැන් කී පාරක් කතා කලාද ...සර් ආවා ..."
මෙච්චර වෙලා කල්පනා සාගරේක ගිලිලා උන්නු සනුත් ගීතාන්ගෙ කටහඬෙන් පියවි සිහියට ආවා.... ගිතාන්ගෙ අම්මගෙයි සනුත්ගේ අම්මගෙයි පරණ යාලුකමක ප්‍රතිඵලයක් විදියට තමා සනුත් ගීතාන්ව අඳුනගන්නේ.....
"ආ....මේ....මුකුත් නෑ බං..."
ගිතාන් අහපු දේට හිනාවෙලා උත්තර දෙන ගමන් බිමට ඇස් හරවපු සනුත් දිහා බලපු ගීතාන්ගෙ ඇස් එක තප්පරේකට සනුත්ගේ ඇස් වල පැටලෙද්දි ගීතාන්ට දැණුනේ කියාගන්න අමාරු හැඟීමක්....
හරියට නිකම් කියාගන්න දාහක් දේවල් තිබ්නත් වචන උගුරේ හිර වෙලා වගේ හැඟීමක්....ඒ ඇස්..... ඒවා මායාකාරී ඇස්....
සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ඇස් වල තියෙන දුඹුරු කළු මිශ්‍ර වුණු පාටක ඇස් දෙකක්ම තමා සනුත්ට තිබුනෙත්.....හැබැයි....එක දෙයක් ඇර...
"Talking Eyes.....ඒවා කතා කරනවා...."
"ඈ.....මොකද්ද.....මොනාද බං කතා කරන්නේ..."
මෙච්චර වෙලා සනුත් දිහා බලන් උන්නු ගීතාන්ගෙ දැහැන සනුත්ගෙ කටහඬින් බිඳුනා....
......................
එක දිගට පැය ගාණක් වාඩි වෙලා ඉඳලා පශ්චාත් බාගෙ හිරි වැටිලා වගේ .... ඇඟේ හිරි අරින ගමන් මහිත් තමන්ගේ රාජකීය සෙට් එකත් එක්ක පඩිපෙළ බැහැගෙන එළියට යන්නයි ලෑස්ති උනේ....
"මහිත්....පොඩ්ඩක් මෙහෙට වරෙල්ලා සෙට් එකම....."
යන්න තියපු අඩිය ආපස්සට ගන්න උන්නේ මෙච්චර වෙලා කොල්ලො දෙන්නෙක් එක්ක බරපතල කතාවක උන්නු සර් තමන්ගේ නම කියලා කතාකරපු නිසයි.....
තාම අයියෙ කියල කතා කරන්න පුලුවන් වයසක උන්නු සර් කොයි ලමයත් එක්කත් උඹ වරෙන් පලයන්.....ක්‍යලමයි කතා කළේ...
අද නම් ලෙක්චර් එකක් සෙට් වෙයි වගේ... කියලා කල්පනා කරන ගමන් අනික් තුන්දෙනාවත් පිරිවරාගෙන මහිත් පන්තියේ ඉස්සරහට ඇවිදන් ගියා...
"හරි කොල්ලෝ...එහෙනම් වැඩ ටික කරගෙන යන්නෝනි...මේවගෙ එක එක ජාතියෙ උන් ඉන්නවා...එක එකා එක්ක සෙට් වෙලා වල බැහැලා කාලකණ්ණි නොවී...එක පාරින් ගොඩ යන්න බලපන් පුතේ.....
ගීතාන්.....කොල්ලව ටිකක් බලපන් හොඳද....."
"හරි අයියේ...මං බලාගන්නම්...."
ගීතාන්ගෙ ලොකු නැන්දගේ පුතා තමයි රවිඳු.....එහෙම නැත්තම් අපේ මේ කතාවෙ IT සර්.....ගීතාන්ටත් සනුත්ටත් උපදෙස් දුන්නු සර් ඊලඟට හැරුනේ තමන් කතාකරනකම් බලන් ඉන්න මහිත් ඇතුලු රාජකීය නසරාණි සෙට් එක දිහා.....
"දැන් උඹලට මේ ශයි එකේවත් ගොඩ යන්න අදහසක් නැද්ද???
මූණෙන් මූණ බලාගත්තු හතරදෙනා ආයෙම බිම බලාගත්තෙ පිටට කොච්චර වැඩ්ඩො උනත්.... සර්ට ඒවා අදාල නැති බව දන්න නිසාමයි...
පැය බාගෙක විතර දේශනේකට අහුවුනු මහිත් ඇතුලු නඩේ හෙමින් හෙමින් බයික් නවත්තලා තිබුණු පාක් එක දිහාට ඇවිදන් ආවෙ ගෙවල් වලට යන්න කලින් තව පොඩ්ඩක් රෝන්දයක් දාන්න හිතාගෙන....
"මේ උඹලා දැක්කද අර ගීතානයා එක්ක හිටපු කොල්ලා....
සවින්ද බයික් එක උඩින් වාඩි උනේ එහෙම අහගෙන....අනික් තුන්දෙනත් මොකද්ද මේ සවින්ද කියන්න යන කතාව කියලා අහගන්න ඔලු ඒපැත්තට හැරෙව්වා....
"එච්චරම මීටරෙන් බැලුවේ නෑ.... ඇයි උඹ දන්න එකෙක්ද???..."
ඉරංග ඇහුවේ ඇස් හීනි කරන ගමන්.... කොහොමත් වචන දහයකට වඩා කතාකරන්න කට නොහොල්ලන මහිත් සවින්දගේ මූණ දිහා බලන් හිටියේ ඉතුරු ටිකත් කියපන් වගේ බැල්මකින්.....
"ඕකා අපේ අදීශයට කනට ගහලා තිබ්බා...."
"ටෞකන්ඩ.....කොහෙන්ද බං ????..."
"KC කාරයගේ ක්ලාස් එක ඉස්සරහින්...."
"අදීශයා මොකක් හරි කුණු වලියක් ඇදගෙනද....??"
"ඌ කියන විදියට ඌ පොඩි විහිලුවක් කරපු එකට තමා මූට මලපැනලා කණට ගහලා තියෙන්නෙ....
මුගෙත් ලේසි ලොකුකමක් නෙවේලු තියෙන්නෙ....අදීශයාට මාර නෝන්ඩිය....කොයි වෙලේ හරි රිටර්න් එක දෙනවා කිය කිය ඉන්නේ..."
"අනේ අනේ..... ඌ දෙන රිටර්න්.... හහා හහා....."
තමන්ගේ ඥාති සහෝදරයා උනු අදීශට සනුත් කණේ පාරක් ගහලා කියන ආරංචිය යාලුවෝ එක්ක කියන ගමන්...මේ හැමදේම සාවදානව අහගෙන ඉන්න මහිත් දිහාට හැරුණු සවින්ද; ඊළඟට කවුරුත් නොහිතපු විදියේ ප්‍රශ්නයක් ඇහුවා.....
"මොකද කියන්නෙ මහියා....අපි පොඩ්ඩක් උගේ ගණන් බස්සමුද...."
"අපෝ අපෝ....අදීශයගේ කුණු වලවල් ඌම ඇදගත්තාවේ...මහියව ඕවට අල්ලන්නැතුව ඉදපන්...."
"උඹ ඉඳපන් නිකියා....මහියා...මොකද කියන්නෙ...අපි පොඩ්ඩක් පොරගෙ ගණන් බස්සලා ගමු..."
"උඹලට ඌට පාඩමක් උගන්න ඕනි නම් උඹට පුලුවන්නේ...තාත්තගේ ගාර්ඩ්ලා දෙන්නෙක් තුන්දෙනෙක් ලව්වා ගුටි පෝරියල් එකක් සෙට් කරන්න....පාඩුවේ ඉන්න මහියගෙ ඇඟේ ටින්කිරි ගාන්නනෙ උඹ හදන්නේ...."
"අනේ හුත්තෝ....ගුටි පෝරියල් එකක් දෙන්න නම් මං උඹලට කිය කිය ඉන්නවද...මම මේ වෙනකොටත් කරලානෙ පගෝ..."
ඇස් හීන් කරගෙන මහිත් දිහාට හැරිලා සවින්ද අහපු ප්‍රශ්නෙට මහිත්ගෙන් උත්තරයක් ලැබෙන්න කලින්ම නිකිත් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කලා....හැබැයි සවින්ද නම් සැලුනේ නෑ....
"දැන් උඹ මට මොකද්ද කරන්න කියන්නෙ...මම කොහොමද ඌගෙ ගණන් බස්සන්නෙ.."
මෙච්චර වෙලා සද්ද නැතුව අහගෙන උන්නු මහිත් කටහඬ අවදි කලා....
"මෙච්චරයි මචං..... උඹ ඌව සෙට් කරගනන්නවා...ඊලඟට ඌව උඹේ ගානට නම්මගෙන බලු කුක්කෙක් කරගන්නවා....උඹ හිටගන්න කිව්වම හිටගන්න...ඉඳගන්න කිව්වම ඉඳගන්න ජාතියෙ එකෙක්....
කොහොමත් උඹට කෙල්ලො කොල්ලො අවුලක් නෑනෙ...
අනික බං බලහන්කෝ මූ කැතකුත් නෑනෙ... පාර්මසාන් චීස් කුට්ටිය වගේ කහම කහ පාටට ඉන්නවනෙ...
උඹට ගේමක් නෑනෙ.... අපි වගේද....උඹට වැටෙන්නැති කෙල්ලෙක්, කොල්ලෙක් ඉන්නවද මේ ලෝකේ..."
අමුතුම ජාතියේ සෙල්ලකාර හිනාවක් එක්ක සවින්ද එහෙම කියද්දි ඉරංගත් ඒ හිනාවට එකතු උනා....නිකිත්ගේ මූණෙ නම් ඒතරම් පැහැදීමක් තිබ්බෙ නෑ....මහිත්ගෙ මූණෙ තිබුණෙ මොන වගේ හැඟීමක්ද කියලා තෝරගන්න හරි අමාරුයි....
"හරි මම උඹ කියන විදියට ඕකව සෙට් කරගෙන බලු කුක්කෙක් කරගත්තා කියමුකෝ....
මට මොනවද ඒකෙන් ලැබෙන්නේ...."
"ඒ කිව්වෙ මචං...."
"ඒ කිව්වෙ.... සවියා...මම ඕක කරාම මට ලැබෙන බෙනිෆිට්ස් මොනාද.... ඌ කණට ගැහුවේ අදීශයට....අදීශයා උඹේ කසින්....මට අදාලම නෑ එතකොට ඔය සිද්ධිය....ඉතින් මේ මගුල කරනවනම් මට මොනාම හරි තියෙන්නෙපැයි...."
අත් දෙක පපුවට බැඳගත්තු මහිත් සවින්දව විනිවිද යන බැල්මක් හෙලන ගමන් සවින්දගේ උත්තරේ බලාපොරොත්තු උනා ....
"ඕ....ඒ කියන්නෙ මේක උඹට චැලේන්ජ් එකක් කරගන්නයි ඕනි....මට අමතක උනානෙ මහිත් අභිමාන්‍ය රේමන්ඩ් කවුද කියලා....හරි මචං....
මේක බෙට් එකක් මහියා....උඹ ඔය කොල්ලව දාගෙන පෙන්නපන්...සතියයි....එක සතියෙන් ඕකව බලු කුක්කෙක් කරල පෙන්නපන්.... ඊට පස්සෙ එනිතින්ග් යූ වෝන්ට්.... එනිතින්ග්...."
ඇඟිලි තුඩු නළලෙ තද කරගෙන සවින්ද එහෙම කිව්වෙ ඇත්තටම මහිත් කියන්නෙ කවුද කියන එක අමතක උනු එක ගැන පසුතැවීමකින්....සවින්ද හරි....මහිත් කියන්නෙම ඒ වගේ එකෙක්....ඔට්ටුවක්,චැලේන්ජ් එකක් කිව්වොත් මැරෙන එක උනත් කරන්න ලෑස්ති අමුතුම පුතයෙක්....
"මාක් යෝ වර්ඩ්ස් සවින්ද කැකුණවෙල...."
ෆිට්ස් බම්ප් එකකින් සවින්දගේ පපුවට යන්තම් තට්ටුවක් දාපු මහිත් බයික් එකේ යතුර අතට අරගෙන ආයෙම සවින්ද දිහාට හැරුණා.....
"මට උගේ නම,ගම, එඩ්‍රස් එක...හොයාගන්න පුලුවන් හැම තොරතුරක්ම හවස් වෙන්න කලින් එවපන්.... තව එකක් සවියා....එනිතින්ග් මීන්ස් එනිතින්ග්...."
කටකොණකින් අමුතුම හිනාවක් දාපු මහිත් බයික් එක ස්ටාට් කරගත්තේ ටවුන් එක පැත්තට රවුමක් දාන්න හිතන්....
......................
බස් හෝල්ට් එකට එනකම් ඇවිදගෙන යන ගමන් ගීතාන් කලේ තමන්ට සමාන්තරව ඇවිදින සනුත් දිහා බලාගෙන කල්පනා කරපු එක.... දැනට සති කීපෙකට කලින් තමන් ලඟට අම්මා ආව හැටි ගීතාන්ට මතක් උනා....
ටොක් ටොක්....
"පුතා....ඔයා වැඩක්ද....???"
"නෝට් වගයක් හදනවා අම්මා....එන්න ඇතුලට..."
"පුතා...මම මේ දෙයක් කියන්න ආවේ....."
"ම්ම්ම්....මොකද්ද අම්මා...."
"ඔයාට මතකද පුතා මගේ පරණ යාලුවෙක් හිටියා නිරාශා කියලා...."
"මොන???...මට ගාණක් නෑනෙ අම්මා..."
අතේ තිබුණු තේ කෝප්පෙ මේසෙ උඩින් තියන ගමන් සන්ධ්‍යා; ගීතාන්ගෙන් ඇහුවා....
"ඔයාට මතක නැතුවැති...ඔයා පොඩි කාලේ අපි අනුරාධපුරේ ගියපු වෙලාවක ඒ ආන්ටිලාගේ ගෙදරත් ගියා....."
"ම්ම්ම්....එහෙමද .....මට මතකයක් නම් නෑ..... ඇයි ඉතින් දැන් ඒ ආන්‍ටිට?....."
"ඒ ආන්ටිට පුතෙක් ඉන්නවා....ඔයාගේ වයසෙම... ඒ දරුවාට එහේ ක්ලාසස් වලින් උගන්නනවා මදිලු කියලා.....මෙහේ ක්ලාසස් වලට ජොයින් වෙන්නලු හදන්නේ....."
"ඉතින් අම්මා ඔන්ලයින් ක්ලාස් තියෙනවානේ....."
"ඒවා ඒතරම් සාර්ථක නෑනෙ පුතා....මම දැක්කනේ පහුගිය කාලේ... නිකම් කාලේ කන වැඩක්නේ..."
"හ්ම්ම්.....ඉතින් ... ඉතින්...."
තේ කෝප්පය අතට ගත්ත ගීතාන් හරිබරි ගැහිලා පුටුවේ වාඩිවුණේ විස්තරේ හරියටම දැනගන්න.....
"ඉතින් ඒ දරුවා මෙහේ එනවලු ක්ලාසස් වලට ජොයින් වෙන්න....."
"මෙහෙ කිව්වෙ මේ අපේ බෝඩිමටද අම්මා....??"
ගීතාන්ගේ තාත්තා සාමාන්‍ය පාසල් ගුරුවරයෙක් ..... අම්මා ගෘහණියක්... ඉතින් අමතර ආදායමක් වෙනුවෙන් සන්ධ්‍යා නිවසේ එක කොටසක් බෝඩිමක් විදියට කුලියට දීලයි තිබුණේ...
එක අතකින් බැලුවාම ඒකේ පුදුමයකුත් නෑ..... මේ නගරයේ ඕනිම තැනක ගෙවල් 10ක් ගත්තොත් ගෙවල් 8ක්ම බෝඩිම් කාමර වලට ඉඩ වෙන් කරලයි තියෙන්නේ...
"නෑ නෑ...ඒ ළමයා ටිකක් ඉන්ට්‍රොවර්ටඩ්ලු.... බෝඩිමක ඉන්න අපහසුයි; තනියම ඉන්න කැමතී කිව්ව නිසා පොඩි ඇනෙක්ස් එකක් රෙන්ට් කරාලු...."
"ආ...එහෙමද... මොනාද ඒ ළමයා කරන සබ්ජෙක්ට්?"
"ටෙක් කරනවා කියලා තමා කිව්වේ.... රවිඳුගේ IT ක්ලාස් එකටත් ජොයින් වෙන්නලු හිතන් ඉන්නේ....
ඒ දරුවා මේ පරිසරේට පොඩ්ඩක් හුරු වෙනකම් පොඩ්ඩක් බලන්න කියලා නිරාශා ආන්ටි කියනවා..."
"ම්ම්ම්ම්ම්.....දැන් මම ඒ ළමයව කන්ටෑක්ට් කරගන්නේ කොහොමද....."
"හෙට ඒ ළමයා ඇවිත් යන්න ඒවි... මම ගෙදරට එන්න පාර කිව්වා..."
පහුවෙනිදා ගීතාන්ගෙ ගෙදර ආව සනුත් එක්ක තරමක් මිත්‍රත්වයක් ගොඩනගාගන්න ගීතාන්ට පුලුවන් උනා... නෑ.... මුලින් මුලින් වචනෙකට දෙකකට වඩා සනුත්ගේ කටින් වචනයක් පිට වුණේම නැතිතරම්.....
කෙල්ලෙක්ටත් වඩා දිග ඇහි පිහාටු වලින් හැඩ වුණු සනුත්ගේ මායාකාරී ඇස්....ඔව්...ගීතාන් ඒවට කිව්වෙ මායාකාරී ඇස් කියලා....දකින දකින වෙලාවට තමන් ගැස්සිලා...කියාගන්න බැරි බර හැඟීමක් දැනෙන්නේ ඇයි කියලා ගීතාන්වත් දන්නේ නෑ...
"ගීතාන් මේ.... මට පොත් ටිකක් ගන්න තියෙනවා...ඔයාට පරක්කු නැත්නම් ඒ ටිකත් අරගෙනම යමුද??..."
"අවුලක් නෑ සනුත්... කොහෙන්ද ගන්නෝනි.... සරසවිය නම් මේ එහා පැත්තේ..."
"එහෙනම් ඒකෙන් ගමු...."
සනුත්ගේ කටහඬින් වර්තමානයට පය ගහපු ගීතාන් සනුත්වත් ඇදගෙන සරසවිය පැත්තට ඇවිදගෙන ගියා....
......................
Brr.... Brr....
එක දිගට ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි නාන කාමරේ ඉඳන් ඔලුව පිහ පිහ ආව මහිත් ඇඳ උඩ තිබුණු ෆෝන් එක අතට ගත්තා .... එහෙමම ඇඳේ ඉඳගෙන ෆෝන් එකට ආව පණිවිඩ බලපු මහිත්ගේ කට කෙළවරකට සෙල්ලක්කාර හිනාවක් ඇඳුණා....
"සනුත් යුහංස දිසානායක..... ඉට්ස් ටයිම් ටු හන්ට්.... කීප් රන් බේබි බෝයි..."
ඇමතිවරයෙක්ගේ පුතෙක්ට කරන්න බැරි දෙයක් නෑ කියලා සනාථ කරන්න වගේ සවින්ද එවලා තිබුණු සනුත්ගෙ විස්තර එකින් එක බලමින් මහිත් තමන්ටම කියාගත්තේ ගොදුරකට කුරුමාණම් අල්ලන සිංහයෙක් වගේ.....
......................
.....මතුවට හමුවෙන තුරු........