Day 05
තවත් අලුත් දවසක්... උදේම තමන්ගේ වැඩ ටික ඉවර කරපු සනුත් ලෑස්ති වුණේ අත්‍යාවශ්‍ය කරුණු ටිකක් සටහන් කරගන්න පුස්තකාලයට යන්න.....
කළු පාට ස්ලිම් ෆිට් ජීන්ස් එකට සුදු ටීෂර්ට් එක ඇඳලා.... ඊට උඩින් කළු පාට චෙක් ශර්ට් එකක් ඇඳපු සනුත් ශර්ට් එකේ අත් දෙක වැලමිට ළඟට එනකම් නවා ගත්තා... සුදුපාට Adidas Super Star සපත්තු දෙකත් දාගෙන අත් ඔරලෝසුවත් බැඳගත්ත සනුත් එක අතකින් කොණ්ඩය එහෙ මෙහෙ කරමින් හදාගත්තා...
බෑගයත් කරේ දාගෙන ගෙදරින් එළියට බහිනකොටම දුරකතනය නාද වෙනවා ඇහුණ සනුත් සාක්කුවේ තිබුණ දුරකථනය අතට ගත්තා ... දුරකතනයේ තිරයේ Mahith කියලා සටහන් වෙද්දි සනුත් තුෂ්නිම්භූත වුණේ මහිත්ගේ අංකය කොහොමද තමන්ගේ දුරකතනයේ තියෙන්නේ කියලා හිතාගන්න බැරිව...
"හෙ..... හෙ..ලෝ...."
"ගුඩ් මෝනිම් සනූ..... මොකද කරන්නේ....."
"අයියේ... ඔ...ඔයාට කොහොමද මගේ නම්බර් එක...."
"ම්ම්ම්ම්ම්ම්... හොඳට මතක් කරන්න බලන්න...ම්ම්ම්..."
"ඔහොම පොඩ්ඩක් ඉන්න..... එතකොට ඊයේ ෆෝන් එකේ සල්ලි නෑ කියලා බොරුවක්ද කිව්වේ.... නම්බර් එක ඉල්ලන්න තිබ්බනේ ... මොකටද බොරු කිව්වේ.... තෞසේ නම් මහ බොරුකාරයෙක්...."
තොලත් නොපිට පෙරලගෙන පුංචි ළමයෙක් වගේ නෝක්කාඩු කියන සනුත්ගේ මූණ බලන්න තරම් ලස්සනයි... මේ නෝක්කාඩුවේ තරම කොච්චරද කියනවනම් මෙච්චර දවසක් සනුත් සනුත් කියලා කතා කරපු මහිත් එක පාරටම සනූ කියලා කතා කරපු එකවත් සනුත්ට තේරුණේ නෑ.....
"හෝව් හෝව් ළමයෝ....කෝච්චිය වගේ කියවන් කියවන් යන්නැතුව ඉන්නවකෝ..... සල්ලි නෑ කිව්වේ ඇත්තටම ..... මේකේ පැකේජ් එකක් තියෙන්නේ... අනික මම කොහෙද බොරු කිව්වේ....
මම ෆෝන් එක ඉල්ලුවේ කෝල් එකක් ගන්නනේ ..... ඉතින් මම මගේ ෆෝන් එකටම ගත්තා .... මම කිව්වෙ නෑනෙ කාටද ගන්නේ කියලා..."
"ඒ වුණාට නම්බර් එක ඉල්ලන්න තිබ්බනේ.....
"ඉල්ලුවනම් දෙයි මේං ආ අයියේ කියලම... අනේ නිකම් ඉඳහන් සනූ... මම දන්නවනේ තෞසේ ගැන....."
"ඒ උනාට තෞසෙ මහ කපටියෙක් නේ ... "
හෝව් හෝව්..... මේ නම් අර මුළු ගැන්නිලා තනියම ඉඳපු සනුත් නම් වෙන්න බෑ... සනුත්ගේ මේ වගේ ස්වරූපයක් දැකලම නැති මහිත් මේ වෙලාවේ ටිකක් පුදුම වෙලයි හිටියේ..... හැබැයි ඒ පුදුමය අඟවලා මේ මූඩ් එක නැති කරන්න මහිත්ට ඕනි වුණෙත් නෑ.....
"හරි හරි..... මේ බොරු කාරයට සමාව දෙන්නකෝ ඉතින්....."
"ම්ම්ම්....."
"අද මොකද කරන්නේ...."
"මම මේ ලයිබ්‍රියට යන්න ලෑස්ති වුණේ... පොත් ටිකක් තියෙනවා බලන්න....."
"දන්නවද ලයිබ්‍රිය තියෙන තැන.... නැත්තම් මම එන්නද ගිහින් දාන්න...."
"ගූගල් මැප් එක දාගත්තා.... ගියා..... "
"කීයටද ලයිබ්‍රියෙන් එන්නේ... ඉවර වුණාම කෝල් එකක් දෙන්න... මං එන්නම්....."
"හරියටම වෙලාවක් කියන්න බෑ ඉතින්.... පැයක් දෙකක් යයි....."
ඇමතුම විසන්ධි කරපු සනුත් පටු පාර දිගේ ඇවිදගෙන ගියේ බස් නැවතුමට....
......................
මේ අතර මහිත් තාම හිටියේ ඇඳට වෙලා..... සනුත්ගේ ඇමතුම විසන්ධි කරපු මහිත් ටිකක් වෙලා කල්පනා කරමින් ඉඳලා සවින්දගේ අංකය ඩයල් කළා.....
"මහියා....කියපං මොකෝ සීන් එක ....."
"මට හෙල්ප් එකක් ඕන සවියා....."
......................
මහිත්ට ඇමතුමක් දෙනවද නැද්ද කියන දෙගිඩියාවත් එක්ක සනුත් පුස්තකාලයෙන් එළියට ආවා....
පුස්තකාලයත් ප්‍රධාන පාරත් සම්බන්ධ කෙරෙන ඉන්ටලොක් ගල් අල්ලපු පාර දිගටම දෙපැත්තේ රූස්ස මාර ගස් හිටවලා තිබුණේ වැටෙන ගිණි කාශ්ටක අව්වෙන් පුංචිම පුංචි සහනයක් දෙන්න වගේ....
මාර ගස් හෙවණ දිගේ හෙමි හෙමින් ඇවිදගෙන ආව සනුත් ප්‍රධාන පාර අයිනේ තිබුණ බස් නැවතුම්පලේ හිටගත්තේ වටපිටාව බලන ගමන්...
එලියට එන වෙලාවක් හරියටම කිව්වෙ නෑනෙ මං... ඒ නිසා එන එකක් නෑ.....ඔන්නොහෙ බස් එකේම ගෙදර යනවා.... සනුත් තමන්ටම මුමුණ ගත්තත් ඇස් දෙක වටපිටාවට කරකවමින් මොනවා හරි හොයන එක නම් නතර කලේ නෑ.....
මේ අතරෙදි තනි කළු ඇදගෙන මූණු වැහෙන්න හෙල්මට් දාගත්තු බයික්කාරයෝ කීප දෙනෙක් කීප වතාවක් තමන් ඉන්න පැත්ත බලමින් එහෙට මෙහෙට යන හැටි සනුත්ට පෙණුනා...
"අඩ්ඩේහ්... කවුද බලපල්ලකෝ මේ ඉන්න මුව පැටියා....."
මෙච්චර වෙලා කැරකි කැරකි තිබුණු බයික් දෙක බස් නැවතුමට ටිකක් එහායින් නැවතුණා... බයික් වලින් බැහැපු උස මහත තරුණයෝ හතර දෙනෙක් සනුත් ළඟට ඇවිත් හිටගත්තේ සනුත්ගේ අවධානය ඒ පැත්තට හරවගමින්...
හෙල්මට් එක ගලවලා අතට අරන් සනුත්ට මුව පැටියා කියලා කතා කරපු තරුණයා කවුද කියලා මූණ දැක්ක ගමන් සනුත්ට මතක් වුණා...
"සුදු මල්ලි.... ඉතින් කොහොමද..... මතකද දන්නෑ මේ අයියව..... "
"හහ්..... මතකයි මතකයි.... මොකද මතක නැත්තේ?... ඔය මහ ලොකු අයියට නම් අමතක පාටයි කාපු පාර....."
දැනට සති කීපෙකට කලින් පන්තියක් ඉවර වෙලා ගෙදර යන ගමන් හිටපු තමන්ට ඇණයක් වෙන්න ඇවිත් කම්මුල් පාරක් කාපු හාදයාව මූණ දැක්ක ගමන් සනුත් අඳුරගත්තා....
සනුත් කියන්නේ සමාජශීලි කෙනෙක් නොවුනත් බියගුලු කෙනෙක් නම් නෙවේ.... තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න පුලුවන් තරමේ කොල්ලෙක්..... එදා තනියෙන් ඇවිත් කම්මුල් පාරක් කාලා ගියපු එකා අද දෙතුන් දෙනෙක් එක්කගෙන ආවත් සනුත්ට බයක් හිතුනේ නම් නෑ...
"මං උඹව හොය හොයා හිටියේ පොඩි ප**..... උඹ කැ*ම ලයින් නේද අල්ලන්නේ..... උඹ ඇයි මලෙන් උපන් කුමාරයෙක් කියලද හිතන් ඉන්නේ..... අද උඹේ ඔය ගණන් බස්සන්න තමයි මමත් ආවේ...."
"අනේ නිකන් බයිලා නැතුව හිටපං බං..... ලයින් අල්ලනවා තමයි..... නැත්තම් උඹලා වගේ අසහනකාරයෝ අතන මෙතන මිරිකන්න එද්දි පුක දීගෙන නිකම් ඉන්නද කියන්නේ.....
උඹ මගේ ගණන් බස්සන්න ඕන්නෑ.... මට මේ ගණන් ඇති..... උඹත් මහ ගෝතයෙක්නේ බං.... තනියෙන් ගුටි කාලා ලැජ්ජ හිතිලද ගැන්සි අරන් එන්නේ....."
"මේ මේ... පොඩි එකෝ....කට පරිස්සම් කරගනින්..... නැත්තන් උඹට හෙට ඉඳන් බත් කන්න වෙන්නේ ඔය ලස්සන දත් සෙට් එක නැතුව....."
"අනේ මේ.... උඹලත් නිකම් නොදී ඉදපල්ලා..... උඹලාගෙයි මගෙයි කතාවක් නෑනේ..... මම මූගෙනේ කන අත ගෑවේ... එහෙනම් මූයි මායි ඒක බලාගන්නම්..... උඹලා පැහෙන්නැතුව ඉඳපල්ලකෝ....."
"මොකද්ද ඒසා කොල්ලෝ තෝ කියන්නේ....උඹට අද මම....."
තමන්ගේ නසරාණි යාලුවෝ තුන්දෙනෙක් ඉස්සර කරගෙන සනුත්ට පාඩමක් උගන්නන්න හිතාගෙන ආව අදීශ කියන්නේ සනුත් තරම් වත් පෞරුෂයක් තියෙන මිනිහෙක් නෙවේ.....
අදීශ ඇතුලු නඩය සනුත්ව බය කරන්න විතරක් හිතාගෙන තර්ජනය කළත් සනුත් උන්ව සත පහකටවත් ගණන් නොගෙන කතා කරපු විලාශයට අදීශ ඇතුලු තරුණයන්ට නප්පෙටම තද වීගෙන ආවා...
"මොකද්ද මෙතන වෙන්නේ....."
කළු ඇදගත්තු හතර දෙනාගෙන් එකෙක් ඉස්සරහට පැනලා සනුත්ගේ කමිස කරෙන් ඇදලා අරගෙන අනික් අත ඉස්සුවේ හොඳ කම්මුල් පාරක් දෙන්න හිතාගෙන..... ඒත් ඒ එක්කම ඇහුණු ගැඹුරු, ගාම්භීර කටහඬක් නිසා උස්සපු අත එහෙමම තියෙද්දි ගල් වුණු තරුණයා හඬ ආව දිහාට හැරිලා බැලුවා....
"අතෑරපං ඔය කොල්ලව..."
"මහියා.... උඹ මොකද මෙතන.... "
එකපාරටම මතුවුණ මහිත් දිහා ඇස් ලොකු කරන් බලාගෙන උන්නු අදීශ එහෙම ඇහුවත් මහිත්ගෙන් නම් උත්තරයක් ලැබුන්නෑ.....
"මහිත් මචං මේක මුගෙයි මගෙයි ප්‍රශ්නයක් .... උඹ මේකට අත දාන්න එන්නෙපා.... මුගේ අද ඝනකම බස්සලා යවන්නේ මම....."
"බස්සපං බලන්න....පිම්පියා.... තනියෙන් කාලා මදිවටද තව තුන් දෙනෙක් එක්ක ආවේ මගේ ගණන් බස්සන්න...."
අදීශගේ පම්පෝරිය අහගෙන හිටපු සනුත්ට කොයිතරම් තරහා ගිහින්ද කියලා රත වැදුණු ඇස් දෙකත් , නහර ඉලිප්පුණු බෙල්ලත් සාක්ශි දැරුවා.....
"සනූ ..... ස්ටොප් නව්...ලෙට් මී හැන්ඩ්ල් දිස්.... අදීශ ඉනෆ් නව්.... මගේ ඉවසීම චෙක් කරන්න එපා.... උඹේ මේ ගෝතයෝ ටිකත් අරං පලයන්..... "
"උඹට මොකද්ද මූ ගැන තියෙන රුදාව.... මූ උඹේ මොකාද.... උඹේ සහෝදරයෙක්වත් නෙවේ.... අපි උඹලා පුංචි කාලේ ඉඳන් දන්න එවුන්..... ඊට වඩා මේ කොහෙවත් යන එකෙක් හින්දා උඹ මාව කපනවද....."
"Listen Carefully Adeesha, He is not a කොහෙවත් යන එකෙක්.... He is my BOYFRIEND and I have a රුදාව ඔන් හිම්.....
You got that .... and මම දෙපාරක් කියන ජාතියේ එකෙක් නෙවේ.... Hope You Know Well....Now Get Lost You MFs..."
මහිත් ගැඹුරු සීතල හඬකින් එහෙම කියද්දි අදීශ වෙව්ලලා ගියා..... මොකද සෑහෙන කාලයක් තිස්සේ මහිත්ව ආශ්‍රය කරපු අදීශ දන්නවා දැන් මෙතනින් මාරුවෙන එක ඇඟට ගුණයි කියලා....
ඉතින් තමන්ගේ යාලුවෝ තුන්දෙනාවත් එකතු කරගෙන ආපහු බයික් වලට නැගපු අදීශ යන්න ගියේ සනුත් පුස්තාකලයට එනවා කියලා ඔත්තුව දුන්න තමන්ගේ ඥාති සහෝදරයා උනු සවින්දටත් හතර අතේ බනිමින්....
මේ අතරෙදි සනුත් ඉන්නේ තමන්ට ඇහුණු දේවල් ගැන අපැහැදිලි හැඟීමකින්... අඳුනගෙන සතියක් වුණේ නැති කොල්ලෙක්.... එක පාරටම වෙනත් අය ඉස්සරහා තමන්ව පෙම්වතා විදියට හඳුන්වලා දෙන එක සාමාන්‍යද....
සමලිංගික සම්බන්ධතා සනුත්ට ප්‍රශ්නයක් නෑ..... ඕනිම මනුස්සයෙක්ට තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියෙනවා.....නමුත් ආදරයක්, සම්බන්ධයක් ගැන හිතලාවත් නැති සනුත්ට තමන් මහිත්ගේ පෙම්වතා විදියට හැඳින්වීම ලොකු අපහසුතාවයක් වුණා.....
"දැන් දවසම මෙතන ඉඳන් මනෝ පාර ගහන්නද කල්පනාව.... ගෙදර යන්නැද්ද?...."
"ආ....අහ්...හා... ය..ය..මු....."
හිටපු තැනම හිටගෙන කම්මුල් රතු කරගෙන බරපතල කල්පනාවක ගිලිලා හිටපු සනුත්ගේ උරහිසින් හොලවපු මහිත් එහෙම ඇහුවා.....
සනුත්වත් ඉස්සර කරගෙන කාර් එකට ගියපු මහිත් වාහනය හෙමින් හෙමින් ප්‍රධාන පාරට ඇතුළු කළා....
"ඇයි එහෙම කිව්වේ...."
"කොහොමද....."
වාහනය ඉදිරියට ඇදෙද්දි මෙච්චර වෙලා නිහඬව ඉඳපු සනුත් කකුල් දෙක උඩ තිබුණු බෑග් එක කොනිති ගහමින් බිම බලාගෙන හීන් හඬකින් ඇහුවා...
"මං ඔයාගේ....."
"ඔව්.... මගේ..."
"ඔයාගේ...අර....මේ..."
"ඔව්...ඉතින් මගේ .... මොකද්ද...."
සනුත්ට අහන්න ඕනි ප්‍රශ්නේ දැනටම දන්නවා වුණත් බෑග් එක කොනිති ගහන සනුත් දිහා ඇස් කොණින් බලපු මහිත් හීන් හිනාවක් එක්ක සනුත්ව ටිකක් මඩවන්න හිතුවා.....
"අර්හ්.....ශිට්....Stop Fu***ng Teasing Me..... ඇයි මාව බෝයිෆ්‍රෙන්ඩ් කිව්වේ....."
ඒ වතාවෙ නම් තද වුණ සනුත් අත මිටි මොලවන් තමන්ගේම කලවයකට ගහගෙන වේගෙන් කියාගෙන ගියේ මහිත්ගේ හිර කරන් හිටපු හිනාව එලියට පනිද්දි.....
"Why .... what's wrong with it..... I told it cause you are my boyfriend .....ඇයි කැමති නැද්ද මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න...."
"හාහා ..... හහා..... වෙරි ෆනී...."
තොලත් නොපිට පෙරලපු සනුත් කට ඇද කරමින් එහෙම කියලා ජනේලෙන් එහා පේන පහුවෙන මුහුද දිහා බලාගෙන හිටියා....
"ඕකේ...ඕකේ.... අයිම් සොරි බබා... මම එහෙම කිව්වේ.... එතන හිටියේ මම දන්න කියන එකෙක්.... අදීශ කියන්නේ අපේ සවින්දගේ කසින් කෙනෙක්....
ඉතින් ඌ දන්නවා මට සහෝදර සහෝදරියෝ නෑ කියලා.... ඒ වගේම අපේ කීප දෙනා ඇරෙන්න මට යාලුවොත් නෑ කියලා..... ඉතින් මට බෑ ඌට ඔයා මගේ මල්ලි කියලවත්, යාලුවෙක් කියලා වත් කියන්න....ඉතින් මට තිබ්බ හොඳම ඔප්ශන් එක බෝයිෆ්‍රෙන්ඩ් කියන එක....."
"ඉතින් අලුතෙන් හම්බුණු යාලුවෙක් කියන්න තිබ්බනේ...."
"එහෙම කිව්වනම් ඌ ආයේ දවසක් තෞසෙව හොයාගෙන එයි....ආයෙ කරදර කරන්න.... දැන් ආයේ ඌ වචනයක් කියන්නෑ.... මොකද ඌ දන්නවා මේ මහිත් අභිමාන්‍යගේ දේකට අත තිබ්බොත් වෙන දේ....."
අන්තිම ටික මහිත් කියපු විදියට නම් සනුත්ගේ බඩත් එක්ක සීතල වෙලා ගියා වගේ දැණුනා ...
"හවස ගමනක් යමුද..... ලෑස්ති වෙලා ඉන්න මම එන්නම්...."
"කොහෙද....."
"නිකිත් මතකද.... මගේ යාලුවා.....එදා අර ක්ලාස් එකෙන් හම්බුණේ....."
"අර උස සුදු අයියනේ..."
"ෆුහ්.... හොව් හොව්... ඒ උස සුජු අයියා තමයි.... හහ්... හරි සුදු.... සුදුයි දත් ටික... "
නහයෙන් පිඹ පිඹ මහිත් එහෙම කියද්දි සනුත්ට තනියම හිනා.....
"හරි හරි..... තෞසෙත් උසයි සුදුයි තමා.... ඉතින් එයාට මොකද?...."
"අද ඌගේ බර්ත්ඩේ එක... "
"ආ.... එහෙමද.... මමත් විශ් කලා කියන්න...."
"ඉතින් ගිහිල්ලම කියමු..... පොඩි පාටියක් තියෙනවා හවස... "
"අනේ..... මට එහෙම හුරු නෑ...."
"ඉතින් ළමයෝ..... හුරු නැති හින්දා තමා හුරු වෙන්නත් එක්ක යමු කියන්නේ..... අනික පාටියක් කිව්වට අපි හතර පස් දෙනා විතරයි....."
"ඒත්...."
"Don't Worry.... මාත් එක්කනේ යන්නේ..... අනික සනූ ඔයා හැමදාම ඔහොම ඉන්නද..... පොඩ්ඩක් එළියට පහලියට ගිහින් යාලුවෝ ටිකක් හදාගෙන... ෆන් එකක් අරගෙන... කොල්ලෝ වුණාම එහෙමනේ ඉන්නෝන...."
"........"
"අම්මගෙන් අහන්න ඕනද.... ඕනනම් මං අහන්නම්...."
තමන් කියපු දේවල් වලට සනුත්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා මහිත් ආයෙම එහෙම ඇහුවා...
"එහෙම එකක් නෙවේ.... අනික හැම එකම අම්මගෙන් අහලා කරන්න මං බබෙක් නෙවේනෙ ... හුහ්...."
මහිත්ගේ දිහාට හැරුනු සනුත් ඇස් දෙකත් හීනි කරලා ඒ විදියට උත්තර දුන්නේ නෝක්කාඩු ස්වරයකින්....
"හැබැයි මට නම් පේන්නේ තාම 6 වසරේ පොඩි එකෙක් වගේ... කොහෙද උසවත් තිබ්බා නම්..... පව් ඉතින් කොට ජීවිත..."
"අනේ අනේ ....මේ.... තෞසේ මේ පොල් ගහක් වගේ උස වුණාට මම මොනා කරන්නද.... අනික කොටයි කොටයි කියන්නේ... මම 5" 6 ක් ඉන්නවා....."
"ඉතින් බං.... කොටයි තමානේ.... මම අඩි 6යි...."
"යැයි යැයි යැයි තමයි..."
මේ තරම් දවසක් සනුත් කියන්නේ මහ ආඩම්බරකාර කොල්ලෙක් කියලා හිතන් හිටපු මහිත්ට මේ වෙනකොට සනුත්ගේ වෙනස් ම පැතිකඩක් පේන්න ගත්තා....
මේ විදියට බුම්මගෙන නෝක්කාඩු කියන සනුත් , මීට ටික වෙලාවකට කලින් අදීශව මරාගෙන කන්න තරම් කේන්තියෙන් හිටපු සනුත්..... සනුත් කියන්නේ පිටුවෙන් පිටුව කියවන්න කියවන්න ආසා හිතෙන පොතක් වගේ මනුස්සයෙක් කියලා මහිත්ට හිතුණා...
"එහෙනම් හවසට යනවනේ මාත් එක්ක...."
"ම්ම්ම්.... ගිෆ්ට් එකක්වත් ගත්තේ නෑ.... නිකම්ම යන්නේ කොහොමද....."
"ගිෆ්ට් එකක් දෙනවනම් ඉතින් ජැක් ඩැනියෙල් එකක්වත් තමා ගෙනියන්න වෙන්නේ....."
"ඔච්චර ජාති කරන්න මට හතර මහා නිධානේ පහල වෙලා නෑ.... හහ් ..."
"හරි හරි..... ගිෆ්ට් ඕනි නෑ.... නිකම් ගිහිල්ලා එමු....."
"ම්ම්ම්ම්..... බලමුකෝ...."
......................
" මම 5 වෙද්දි එනවා.... ලෑස්ති වෙලා ඉන්න....."
"ම්ම්ම්ම්..... පරිස්සමට යන්න....."
සනුත්ව ගෙදර ළඟින් බස්සපු මහිත් වාහනය හරවගෙන යන ගමන් කල්පනා කළේ කොයිතරම් කාලෙකින් ද කෙනෙක් තමන්ට පරිස්සමින් යන්න කියන වචන දෙක කිව්වේ කියලයි...
.......................
Savinda Calling
රතු පාට ට්‍රැෆික් ලයිට් එකට අවනතව නතර කරපු කාර් එකේ ඩෑශ්බෝඩයේ තිබුණු ඩිජිටල් තිරයේ ඒ විදියට සඳහන් වෙද්දි මහිත් ඇමතුමට සම්බන්ධ වුණා....
"අඩෝ මහියා..... මොකද්ද බං උඹ කලේ..... අන්න අරහේ අරූ මට බලු බැණුම් බනිනවා....."
"ආ... ඒක මේ.... මං පොඩ්ඩක් ඌව සප්‍රයිස් කලා....."
"මොකද වුණේ බං.... උඹ උදේ කිව්ව විදියට ම මං ඌට කෝල් කලා... ඊට පස්සේ....."
"ඊට පස්සේ ... සවියා.... වෙන්න ඕනි කොහොමද.... එහෙමම වුණා ..... I just Made a scene & I am The hero..... එච්චරයි..... ඕල් රෙඩි මම බෙට් එක දිනලා ඉවරයි.... "
"හම්මාහ්... ඒ කියන්නේ උඹ ඌට සෙට්... "
"උඹේ බෙට් එක කොහොමද.... ඌව බලු කුක්කෙක් වගේ මං කියන දේ අහන්න සලස්වන එකනේ.... එහෙනම් එච්චරයි..... හවසට සෙට් වෙමු....."
ඇමතුම විසන්ධි කරපු මහිත් වාහනය ඉදිරියට ධාවනය කළේ... මාර්ග සංඥා වල දැල්වුණු කොළ එළියත් එක්කමයි.....
......................
.....මතුවට හමුවෙන තුරු........