විනාඩි 20කින් වගේ මහිත් ඇවිත් වාහනය නතර කලේ සනුත්ගේ ඇනෙක්සියේ ගේට්ටුව ඉස්සරහා..... ගේට්ටුව ළඟ ඉඳන් වාහනයේ හෝන් එක නාද කළත් සනුත් ආවෙ නැති නිසා වාහනයෙන් බැහැලා ගිහින් ගේට්ටුවෙව් අගුල පන්නපු මහිත් ආයෙම වාහනයට ගොඩ වෙලා කාරෙක වත්තට ඇතුල් කළා.....
කාර් එකේ දොරවල් ලොක් කරපු මහිත් ආයෙම ගේට්ටුවේ අගුල දාලා ඇනෙක්සියේ වැරෙන්ඩාව දිහාට ඇවිදගෙන ගියේ ඇනෙක්සිය දිහාට ඉව කරමින්....
විවෘත වෙලා තිබුණු ප්‍රධාන දොරෙන් ඔලුව දාපු මහිත්ට ගේ ඇතුලෙන් තරමක සද්දෙන් වාදනය වෙන සිංදුවකුත්....ඒකට සමාන්තරව සිංදුව කියන සනුත්ගේ කටහඬත් ඇහුණා..... ඊට අමතරව..... නහය පිනා යන තරම් හොඳ සුවඳක්.....
ගේ ඇතුලේ ඉඳන් මහිත්ට ඇතුලට එන්න ආරාධනා කරනවා වගේ දැණුනා.....
කාර් එකේ යතුර පොඩි මේසය උඩින් තියපු මහිත් හෙමි හෙමින් පොඩි කුස්සිය දිහාට අඩිය තිබ්බා...
මට මම ම වී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට
මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න
මිහිකත මතින්
සිහිනෙ සනහා
කිරණින් දැවෙනා
පොල්කටු හැන්දක් අතින් අරගෙන මයික් එකක් වගේ අල්ලගත්තු සනුත් සිංදුවට උපරිම සාධාරණයක් කරමින් රඟපාන හැටි තප්පර කීපයක් බලන් හිටපු මහිත් සිංදුවේ ඊලඟ කොටස ගායනා කරේ සිංදු කිය කියා හිටපු සනුත් ගැස්සිලා අතේ තිබුණු හැන්දත් බිම වැටෙද්දි.....
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි
සිත මිහිරි
කල මැනවි
බිදු කදුලු
පිනි පොකුරු
කල මැනවි
"ඔ...ඔ...ඔ..යා...."
"ම්ම්ම්....මම තමයි....හරිම ශෝක්....ගෙදර දොරත් ඇරලා දාලා...කණ පැලෙන්න සිංදුත් දාගෙන.....හොරෙක් ඇවිත් උස්සන් ගියත් එච්චරයි ....."
"........."
"මොනවද උයන්නේ ..... පාරට එනවා සුවඳ....."
මෙච්චර වෙලා මහිත්ට හිතේ තිබුණු නොසන්සුන්කම, අර හුස්ම හිර කරවන ගතිය එක පාරටම නැතිවෙලා ගිහින් හරිම සැහැල්ලුවක් දැනෙන්න ගත්තා...
"පරිප්පු....තෙ...තෙල් දාලා..."
"ම්ම්ම්....තව...."
"ගොටුකොළ සම්බෝලයක්..."
"බිත්තර නැද්ද....."
"ඈහ්....."
"බිත්තර .... බිත්තර....අර සුදු පාට ඕවල් හැඩේට තියෙන ඒවා...."
පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ තමන් දිහා බලන් හිටපු සනුත්ගෙන් මහිත් එහෙම ඇහුවේ හිනාවෙවී...මහිත්ගේ විහිලුවට කට ඇද කරපු සනුත් ශීතකරණය ඇරලා බිත්තරයක් මහිත්ට දුන්නා....
"ඇයි සනුත් වෙජිටේරියන්ද..... "
"නෑ ඇයි....."
"එහෙනම් මට විතරක් බිත්තරයක් ගත්තේ... ඔයාටත් එකක් ගන්න...."
"ඔ...ඔ..ය...ත් කන්....න ඉන්න....ව...ද...."
අකුරෙන් අකුර කඩ කඩා ඇස් දෙකත් උඩ තියාගෙන එහෙම අහපු සනුත් දිහා බලපු මහිත්ගේ මූණට හීන් හිනාවක් ආවා.... ඒක අර සෙල්ලක්කාර කමට සමච්චල් සහගත හිනාවක් නම් නෙවේ .....
"එපාද ඉන්න....එපානම් කියන්න මම යන්නම්...."
"නෑ.... නෑ.... ඉන්න.....ඉන්න...බිත්තරේ බැදලද කන්නේ... තම්බලාද....."
බොරුවට මූණ නරක් කරගත්තු මහිත් එහෙම අහලා යන්න හැරෙද්දි කලබලෙන් සනුත් එහෙම කිව්වා.....
අන්තිමට දුම් දාන බත් පිඟාන උඩින් රතු මිරිස් කරල් කඩලා, අබ යහමින් දාලා තෙම්පරාදු කරපු පරිප්පුත්.... දෙහි,අමුමිරිස්,රතුළූණු එක්ක හීනියට ලියපු උම්බලකඩ කෑලිත් යහමින් දාලා අනපු ගොටුකොළ සම්බෝලෙත් එක්ක බාගෙට තම්බපු බිත්තරේකුත් තියාගෙන දෙන්නම වාඩිවෙලා කන්න පටන් ගත්තා...
"අම්මෝහ්..... අද නම් බඩ උස්සගන්නවත් බෑ....."
දෙපාරක්ම බෙදාගෙන කාලා පිඟාන හෝදලා බඩ අත ගගා විසිත්ත කාමරේට ආව මහිත් එහෙම කියව්වෙ සෝෆාවේ වාඩිවෙන ගමන්....
"කෑම එක නියමයි සනුත්.... අවුරුදු ගානකින් මේ වගේ රසට කෑවෙ.... ඇත්තටම මාර රසයිනේ.... ඔයාට රසට උයන්න පුලුවන් නේ.... "
"ම්ම්ම්ම්..... ඇයි අවුරුදු ගානකින් කිව්වේ....දැන් අම්මා උයන ඒවා රස නැද්ද....."
"ම්ම්ම්.....මගේ අම්මා නෑ සනුත්....එයා මාව දාලා ගිහින් දැන් අවුරුදු 6ක් වෙනවා....."
"ඒ කිව්වේ..."
"බ්‍රෙස්ට් කැන්සර් එකකින් එයා නැතිවෙද්දි මට අවුරුදු දාහතරයි සනුත්.....
කොයිතරම් සල්ලි , සැප සම්පත් තිබුණත් අපිට එයාව බේරගන්න බැරි වුණා ....."
සනුත් අම්මා ගැන අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න මහිත්ගේ කටහඬ අන්තිම මොහොතෙදි බිඳිලා ගියා..... අම්මාගේ මරණෙන් පස්සේ කවදාවත් පිටස්තරයෙක් එක්ක අම්මා ගැන කතාකරන්න තියා හිතලවත් නැති මහිත්; සනුත්ට තමන්ගේ අම්මා ගැන කියාගෙන ගියේ අම්මගේ මතකය කළු ඇස් කොණට කඳුළු බිංදුවක් මතුකරද්දි.....
"එයා .....හරිම .....ලස්සනයි ...සනුත්.... එයා හිනාවෙද්දි හරියට මල් පිපෙනවා වගේ.... හරිම ලස්සන හිනාවක් .... මේ ඉන්නේ එයා... මේ ෆොටෝ එක ගත්තේ වෙඩින් එකකට යන්න....."
දුරකථනයේ තිබුණු අම්මාගේ චායාරූපයක් තමන් ළඟින් වාඩිවුණ සනුත්ට පෙන්නපු මහිත් නිහඬවම ඒ චායාරූපය දිහා බලාගෙන උන්නා.....
"එයා හරිම ලස්සනයි අයියේ...."
"මට ....මට.... එයා නැතුව පාළුයි....."
මහිත්ගේ බිඳුණු කටහඬ ඇහුණ සනුත්ගේ හිතේ හීනි රිදුමක් වගේ එකක් දැනෙන්න ගත්තා... නිහඬවම ඇස් දෙකේ කඳුළු පුරෝගෙන දුරකථනය දිහා බලන් හිටපු මහිත්ගේ කලවයක් උඩ තිබුණු නිදහස් අත උඩින් තමන්ගේ අතක් තියපු සනුත් හෙමින් හෙමින් තට්ටුවක් දාන්න වුණා....
ජීවිතේ අපි හැමෝටම එනවා ඇති තරම් අඬන්න උරහිසක්.....වචන වලට වඩා ස්පර්ශයක්..... ඕන වෙන අවස්තාවන්.....අඩුම තරමේ ඒ වගේ එකම එක අවස්තාවක්වත් අපේ ජීවිත වල තියෙනවාමයි... ඒ වගේ අවස්තාවකදී කෙනෙක්ට පුලුවන් නම් අපේ පැත්තෙන් හිටගන්න.....තමන් වෙනුවෙන් උරහිසක්....තමන් තනිවෙලා නෑ....කියලා දැනෙන ඒ හැඟීම විතරක්ම ඇති අපිට නොවැටී ඉන්න....
අම්මා කියන මාතෘකාවෙදි මහිත් කියන්නේම බිඳුණු මිනිහෙක්... සනුත්ව දැලේ දාගෙන ඔට්ටුව දිනන්න තදබලවම උවමනාව තිබුනත්, අම්මගේ මතකයන් නිසා මතු වුණු තමන්ගේ සංවේදී චරිතය පෙන්වලා සනුත්ගේ අවධානය, අනුකම්පාව ගන්න සැලැස්මක් නම් මහිත්ගේ තුන් හිතකවත් තිබුනේ නෑ... ඉතින් මේවා අහම්බ.... මහිත්ට තවමත් තේරෙන්නැත්තේ ඇයි කවදාවත් නැති තරම් මේ විදියට සනුත් ළඟ සැනසුමක් දැනෙන්නේ කියලා.....
"මට විශ්වාසයි එයාටත් ඔයා නැතුව පාළු ඇති කියලා.... එයා ඉන්න තැනක ඉඳන් ඔයා දිහන් බලාගෙන ඇති අනිවාරෙයෙන් ම..... හැබැයි ඔයා ඔහොම දුකින් හිටියොත් අම්මාටත් ගොඩක් දුක හිතෙයිනේ අයියේ....."
"........."
"දැන් බලන්න....ඔයාට දුක හිතුනොත් ඔයාගේ යාලුවෝ ඉන්නවා...මේ මමත් ඉන්නවා.....ඒත් අම්මාට එහෙම නෑනෙ....ඔයා දුකින් ඉන්නවා දකිද්දි අම්මටත් දුක හිතුනොත්... එයා තනියමනේ....."
අඬන පුංචි දරුවෙක් නලවන්න අම්මා කෙනෙක් නානාප්‍රකාර සුරංගනා කතා කියනවා වගේ මහිත්ව සනසවන්නත් සනුත් එක එක ආකාරවලින් උත්සහා කලා..... මේ තරම් දවසකට සනුත් කතා කරපු වැඩිම වචන ගාන මේකද මන්දා.....
ඒක මහා බොළඳ කතාවක් වගේ පෙනුනට..... මේ වෙලාවේ මහිත්ගේ මූඩ් එක වෙනස් කරන්න සනුත්ගේ වචන වලට පුලුවන් වුණා..... ඒක හරියට මායාවක් වගේ.... හරියට තමන්ට මේ මොහොතෙදී ඕනි වෙලා තිබුණ හිතේ සැනසීම....හිතේ හයිය සනුත් වචන වලින් දුන්නා වගේ දෙයක්.....
මාව විශ්වාස කරන්න.... වචන කියන්නෙම දෙපැත්ත කැපෙන කඩුවක් වගේ... ඇතුලාන්තයෙන් මැරුනු මනුස්සයෙක්ව පණ ගස්සවන්න වගේම පණපිටින් ඉන්න මනුස්සයෙක්ව මරලා දාන්න වුණත් වචන වලට පුලුවන්....
මොකද්දෝ නොදන්න හේතුවකට තමන් මේ දැනෙන සැනසීමට කැමතී වගේ මහිත්ට දැණුනා.... හිතා නොහිතාම සනුත් ළඟදී තමන්ගේ ඇතුලාන්තය විවෘත වෙන වෙන මේ හැඟීමට මහිත් ටික ටික ආසා වෙන්න පටන් අරගෙන වගේ....
අනිත් අතට සනුත්... සනුත් මේ වෙනකොටත් මහිත්ගේ යාළුකම වෙනුවෙන් තමන්ගේ රාමුවේ බැමි ලිහිල් කරලා ඉවරයි.....
ඔරලෝසුවේ විනාඩි කටුව වට කාලක් විතර කැරකෙන තුරුම මහිත්ගේ නිහඬ කල්පනාවත් සනුත්ගේ තට්ටු දැමිල්ලත් ඒ විදියටම පැවතුණා.....
Brr.....Brr.....
චිත්‍රපටයක ලස්සන රූප රාමුවක් වගේ තිබුණු මොහොත මහිත්ගේ දුරකතනය වයිබ්‍රේට් වෙන හඬින් විනාශ වෙලා ගියා... හදිසියේම පියවි සිහියට එලැඹුණු මහිත් උගුර පාදමින් දුරකතනය අතට ගනිද්දි ක්ශණිකව අත ඇදලා ගත්තු සනුත් ඔලුව කසමින් අනික් පැත්ත බලාගත්තා.... තව ටිකක් ලංවෙලා බැලුවනම් දෙන්නගෙම කන් පෙති රතු වුණ හැටි බලාගන්නත් තිබුණා...
"නිකියා..."
"මහියා....උඹ කෝල් අරන් තිබ්බා....අඩෝ පොඩි වැඩක හිටියේ බං.....දැක්කේ නෑ..... ඊයේ බීපුවගේ සැර බැස්සේ නැද්ද තාම.... හහ් හා....හහා...."
දුරකතනය කනේ ගහගෙන මහිත් වැරැන්ඩාව පැත්තට ඇවිදගෙන ගියා....
"ආහ් ඒක හරි බං.... උඹ කොහෙද ඉන්නේ බලන්න ගත්තේ....දැන් හරි...."
"මොකක් හරි අවුලක්ද මහියා..... මම එන්නම් උඹ දැන් කොහෙද...."
"ම්ම්ම්ම්...අවුලක්මත් නෙවේ.....උදේ ඩැඩී ගෙදර ඇවිත් හිටියා..."
"අංකල් මුකුත් කිව්වද...."
"ම්ම්ම්.... පොඩ්ඩක් බර බරේ....දන්නවනේ.... එක්සෑම් එකයි අරකයි මේකයි....බ්ලා බ්ලා බ්ලා...."
"ම්ම්ම්ම්....උඹ අවුලෙන් නේ.....සෙට් වෙමුද..... විනාඩි 10න් එන්නම්...."
"නෑ... නෑ.... අවුලක් නෑ නිකියා...මම ඉන්නේ සනුත්ගේ ගෙදර....."
"අහ් හා ... ඒත් උඹට ශුවද අවුලක් ඈ කියලා....."
"ඔව් ඔව් බං....අවුලක් නෑ..... ශේප්...."
ඩැඩී එක්ක සිදුවුණු හැම කතා බහකම අවසානෙදි පෑරෙන තමන්ගේ හිත හදාගන්න මහිත් මෙච්චර කාලයක් දුවගෙන ආවෙ නිකිත් ළඟට....හැබැයි අද ඒක වෙනස් වෙලා..... වෙනදා වගේ නැති අමුතුම සැහැල්ලුවක් අද මහිත්ගේ කටහඬේ තිබුණා නේද කියලා නිකිත් කල්පනා කලේ ඇමතුම විසන්ධි වුණ දුරකතනයට තට්ටුවක් දාන ගමන්.....
ඇමතුම විසන්ධි කරපු මහිත් ආයෙම ගේ ඇතුලට යද්දි සනුත් පාඩම් මේසේ ළඟ පොතක් දිගෑරගෙන.....
"මේකේ පොඩි වැරැද්දක් තියෙනවා වගේ නේද සනුත්...."
"කොතනද....."
සනුත්ගේ පිටිපස්සෙන් හිටගෙන පොතට එබුණ මහිත් එහෙම ඇහුවේ පොතට ඇඟිල්ලකුත් තියාගෙන....
"මෙතන මේ ටැග් එක ක්ලෝස් වෙනකොට ස්ලෑශ් එක එන්නෝනි නේද?....."
"නෑනෙ අයියේ.....මේක ග්‍රැෆික් HTML එකක් නේ....මේවගේ ටැග් එක ක්ලෝස් කරන්නේ නෑ.... ඒ වෙනුවට src attribute එකක් විතරනේ එන්නේ....."
"ම්ම්ම්ම්....එහෙමද.....ඒත් මට මතක එහෙම එනවා වගේ...."
"නෑ ..... නෑ... මේ බලන්න මේ 2017 පාස් පේපර් එකේ ඔය වගේ ම ප්‍රශ්නේ.....මේ බලන්න මාකින් ස්කීම් එකේ ටැග් එක ක්ලෝස් කරලා නෑ....."
ගිය වතාවේ යන්තම් C සාමාර්ථයක්වත් තිබුණ ICT විශයට මේ පාර නම් C එකත් නැතිවෙයි වගේ මහිත්ට තේරුණා..... ඊට පස්සේ ගතවුණු පැය ගාණම මහිත් කළේ... සනුත් එක්ක පහුගිය ප්‍රශ්න පත්‍ර.... පාඩම් වල ගැටලු සහගත තැන් සාකච්ඡා කරපු එක.....
මහිත් කියන්නේම ඉගෙනගන්න බැරි මෝඩයෙක් නෙවේ..... නමුත් උවමනාවක් නැති කම නිසා ඉගෙනීම අතෑරලා දාපු සෙල්ලක්කාරයෙක් කිව්වොත් වැරදි නෑ...
ගිය අවුරුද්දේ විභාගයට එකම එක දවසක් ගිහින් එක විශයක් ලියලා ආව මහිත්ට ඊළඟ විශයන්ට මූණ දෙන්න වුණේ නැත්තේ ක්ලබ් එකක ගුටි කෙළියකට මැදිවෙලා අතක් කඩාගන්න සිදුවුණ නිසයි....
ලියපු එකම විෂය වුණ ICT වලට C සාමාර්ථයක් තිබුණත් අනික් විෂයන් දෙකටම සහභාගී නොවීම නිසාම තිබුණේ ab අකුරු දෙක පමණයි ... මේ වතාවේ නම් විභාගය ගොඩ දාගන්න බැරිවුණොත් නම් ඩැඩීගෙන් කනක් ඇහිලා ඉන්න ලැබෙන්නැති බව මහිත්ට සීයට දාහක් විශ්වාසයි.....
හැබැයි සනුත් කියන්නෙම මීට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්.... කතාපොත් වල ඉන්න පොතක් පතක් අතින් නොඅල්ලා විභාග සමත් වෙන ජාතියේ කෙනෙක් නම් නෙවේ..... තමන්ගේ ඉලක්ක ළඟා කරගන්න උපරිමයෙන් කැපවෙන කෙනෙක් සනුත් කියන්නේ....
අ.පො.ස. සාමාන්‍ය පෙළ A සම්මාන 4ක් B සම්මාන 3කිනුත් C සම්මාන 2කිනුත් හැඩ කරගත්ත සනුත්....උසස් පෙළට ඉංජිනේරු තාක්ෂණවේදය විෂය තෝරගත්තේ මාමගේත් අනුදැනුම ඇතුව...
නගරයේ පාසලටම උසස් පෙළට ඇතුල් වුණ සනුත් පළවෙනි අවුරුද්දම පාසලේ උගන්නපු දේවල් වලින් සෑහීමකට පත් වුණත්..... දෙවනි අවුරුද්ද වෙනකොට නම් සනුත්ට අමතර පංති වල අවශ්‍යතාවය තදින්ම දැණුනා.....
ඉතින් අම්මා එක්කත් අදහස් සාකච්ඡා කරපු සනුත් අවසානෙදි තීරණය කළේ දෙවනි අවුරුද්ද මේ ගෙන්දගම් පුරේ ඉඳන් නැවතිලා අමතර පන්ති වලට සහභාගී වෙන්න.....
නිරාශා වුණත් මේ අදහසට එකඟ වුණේ....අවුරුදු 19ක තරුණයෙක් වුණත් සනුත් ගේ සමාජශීලීබව, සමාජයට මුහුවීම අවම මට්ටමක නිසාත්; මේ අදහස ඒකට හොඳ අවස්තාවක් වේවි කියලා හිතපු නිසාත්....
කොහොමින් කොහොම නමුත් කොළඹ නවතින්න තීරණය කළත් නවාතැන්පලක ගැටළුව මතුවුණ තැනදි නිරාශා යෝජනා කළේ තමන්ගේ පැරණි මිතුරියකගේ නිවසක පවත්වාගෙන යන බෝඩිමක්..... නමුත් බෝඩිමකදී තමන්ගේ නිදහසට බාධා වෙන නිසා සනුත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා...
ඊට පස්සේ නවාතැන්පළවල් හොයලා හොයලා අවසානෙදි තමන්ගේ පිටරට පදිංචි මිතුරෙක්ට අයිති කුඩා නිවසක් අඩු මුදලට කුලියට ලබාගන්න සනුත්ගේ මාමා වුණ නිරෝධට පුලුවන් වුණා....
.......................
"යෝහ්... දැන් කීයද වෙලාව..... කලුවරත් වැටිලා..."
" 5යි කාලයි අයියේ....."
සනුත් එක්ක එකතු වෙලා ප්‍රශ්න පත්‍ර වල ගැටලු සාකච්ඡා කරපු මහිත්ට වෙලාව යනවා දැණුනෙවත් නෑ... වටපිටාවේ අඳුරු ගතිය ජනෙල් පියන් වලින් ගේ ඇතුලට කාන්දු වෙනකොටයි දෙන්නම පාඩම් මේසෙන් නැගිට්ටේ....
"තේ එකක් බොමුද?"
"ම්ම්ම්.....මං හදන්නම්....."
"සනුත් Can I have your phone for a moment? මගේ ක්‍රෙඩිට් නෑ....'
මේසෙ කොණක තිබුණ දුරකතනය අන්ලොක් කරලා මහිත්ගේ අතේ තියපු සනුත් කුස්සිය පැත්තට ගියේ තේ දෙකක් හදන්න හිතාගෙන...
ඒ අතරෙදි සනුත්ගේ දුරකතනයෙන් තමන්ගේ අංකය සටහන් කරපු මහිත් ඇමතුම ඩයල් කලේ සනුත්ගේ දුරකතනයේ තමන්ගේ අංකය Mahith විදියට සේව් කරමින්.....අනික් අතට තමන්ගේ දුරකතනයටත් සනුත්ගේ අංකය සේව් කරගත්තු මහිත් කුස්සියට පැත්තට ගියා...
ඉඟුරු කෑල්ලක් සුද්ධ කරමින් හිටපු සනුත් මහිත්ගේ අඩි සද්දෙට පිටි පස්ස හැරිලා බැලුවා.....
"ගත්තද කෝල් එක.....?"
"ම්ම්ම්....තෑන්ක් යූ සනුත්..."
"යූ ආ වෙල්කම්... ඉඟුරු අවුලක් නෑනේ...?"
"නෝප්....I love to have ginger in team..."
තේ කෝප්ප දෙකත් අරගෙන ඇවිත් වැරැන්ඩාවේ තිබුණ පුටුවකට බරවුණ සනුත් අනිත් පුටුවේ වාඩිවෙලා හිටපු මහිත්ට තේ කෝප්පයක් දික් කලා.....
"ඉතින්...."
"ම්ම්ම්ම්ම්....."
හෙමින් හෙමින් තේ එක තොල ගාන ගමන් මහිත් සනුත් එක්ක කතාවකට මුලපිරුවා... හොඳට තලලා දාපු ඉඟුරු කෑල්ලට ගානට කහට සීනි එකතු කරලා හදලා තිබුණු තේ එකේ සුවඳ වගේම රසත් ඉස්තරම්මයි.....
"සනුත්ට නංගිලා මල්ලිලා නැද්ද.... ?"
"නෑ.....මම විතරයි...."
"ම්ම්ම්....මටත් නෑ කවුරුත්..... අම්මා ගොඩක් කල් ඉඳන් රටද සනුත්..."
"ම්ම්ම්ම්....අවුරුදු 4ට ලඟයි දැන්....."
"එතකොට පවුලේ වෙන කවුද ඉන්නේ...."
"ම්ම්ම්...සීයාප්පච්චියි, අත්තම්මයි, මාමයි..... අයියගේ?"
"මගේ නම් මමයි ඩැඩීයි විතරයි.... තව ගෙදර වැඩට ඉන්න අය ඉන්නවා..."
තේ කෝප්ප හිස් කරන ගමන් කතාබහ කරමින් ඉඳපු මහිත් පුටුවෙන් නැගිට්ටේ ගෙදර යන්න හිතාගෙන....
......................
මේ අතර දවස් තුනක නුවර එළියේ ට්‍රිප් එකක් ගිහින් ආව ගීතාන් හිටියේ හරිම මහන්සියෙන්..... මහන්සිය යන්නත් එක්ක නාන කාමරේට වැදිලා හොඳට නාගත්ත ගීතාන් අම්මා දුන්න තේ එකත් අරගෙන කාමරේට ආවේ සනුත්ගේ අංකය ඩයල් කරන ගමන්....
නුවර එළි ගමනට සනුත්ටත් එන්න කියලා ආරාධනා කළත්, ගීතාන්ගේ අම්මා තාත්තට අමතරව තවත් පවුලේ ඥාතීනුත්, හිතවතුනුත් ඒ ගමන යන බව දැනගත්ත සනුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා....
දවස් තුනකින් සනුත්ට දුරකතන ඇමතුමක්වත් දෙන්න බැරි වුණ නිසා හිතේ මොකද්දෝ වරදකාරී හැඟීමක් වගේ දෙයක් තියෙන වග ගීතාන්ට දැණුනා .... සනුත් සම්බන්ධයෙන් වචන වලට පෙරළගන්න බැරි මොකද්දෝ දෙයක් තියෙන බව ගීතාන්ට මේ වෙනකොටත් තේරිලා තිබුණා....
"හෙලෝ..."
"සනුත්....මොකද බං කරන්නේ..."
"මුකුත් නෑ බං... පොඩි නැප් එකක් දැම්මා....."
"මේ වෙලාවේ....තාම 8ට විතරනේ....."
"ඉතිං ඒකනේ බං නැප් එකක් දැම්මා කිව්වේ..... ඉතින් ඉතින්...කීය විතර වුණාද එද්දි....කොහොමද ට්‍රිප් එක?...."
"ම්ම්ම්....මරු හැබැයි....උඹටත් එන්න තිබ්බේ අපරාදේ....කොහෙද උඹ කැමති නෑනේ..... මම ෆොටෝස් එවන්නම්කෝ.... පට්ට ලස්සන ලොකේශන් වලට ගියේ මේ පාර නම්..."
"අවුලක් නෑ බං.... උඹ දන්නවනේ මම එච්චර සෝශල් නෑ කියලා.... උඹලා එන්ජෝයි කලා නම් එච්චරයි ....."
"ම්ම්ම්..... ආ මේහ්... මට IT ක්ලාස් එකේ නෝට් ටික එවපංකෝ..... "
"මාර කේස් එක වුණේ බං..... එදා මං ක්ලාස් ගියාට මට ඉන්න හම්බුනේ නෑ ..... මට උණ ගැණුනනේ..."
"යකෝ.... උඹ මට කෝල් එකක්වත් දෙන්නෙපැයි..... මාර පොරක්නේ උඹත්..... ඇයි හදිස්සියෙම උණ ගැණුනේ...."
"ඊට කලින් දවසේ මහ වැස්සකට අහු වුණානෙ මම.... "
"ඊට පස්සේ මොකද වුණේ... උඹ බෙහෙත් ගත්තද....දැන් අඩුද....."
එතනින් එහාට දුරකතන ඇමතුම ඇදුණේ සනුත් විසින් තමන්ට මහිත් උදව් කරපු හැටි ගීතාන්ට විස්තර කරලා කියන ගමන්....
"මම දන්න තරමින් ඌ මහ ආඩම්බරකාරයෙක්.... ලේසියකට කා එක්කවත් එහෙම ක්ලෝස් වෙන්නෑලු.... අනික උන් 4 දෙනාම හෙන සල්ලිකාරයොලු... කෝකටත් උඹ අතේ දුරින් ආශ්‍රය කරපන් ඌව....."
"ඒ වුණාට මහිත් අයියා ගේ කියන්න තරම් අවුලකුත් නෑ වගේ.... ඌ නිකම් මට සහෝදරයෙක් වගේ සලකන්නේ....."
මහිත් කියන චරිතය සනුත්ට ළං වෙන එක ගැන නම් ගීතාන්ගේ හිතේ තිබුණෙ නොපහන් හැඟීමක්..... ඒත් සනුත් නම් මේ වෙද්දි මහිත්ට ටික ටික තමන්ගේ ජීවිතේ ඉඩක් දීලා තිබුණේ ගීතාන්ටවත් නැති තරම්....
.....මතුවට හමුවෙන තුරු.......