හිමි අහිමි [Himi Ahimi ]

🇱🇰Mandy_129
  • --
    chs / week
  • --
    NOT RATINGS
  • 4.4k
    Views
Synopsis

Chapter 1 - 01

When will I see you again?

You left with no goodbye

not a single word was said

No final kiss to seal any sins

I had no idea of the state we were in

ඝන සිගරට් දුම් වලාවක්..... හිස් බීර කෑන්... බ්ලැක්, රෙඩ් නානා විධ ලේබල්වල හිස් බෝතල්.... නිල් පාට මල් වැලක් ගියපු පෝසිලේන් කෑලි රතු පාට එක්ක අමුතු ආට් එකක් ඇඳලා.... පැය ගාණක් තිස්සෙ ප්ලේ වෙන Adele ගෙ එකම සිංදුව.... මේ ඔක්කොම මැද්දෙ එකම එක චායාවක්....

I know I have a fickle heart and a bitterness

And a wandering eye, and a heaviness in my head

අඳුරු කාමරේ මුල්ලක තිබුනු තනි සෝපා පුටුවෙ වැටිලා තිබුනු චායාවෙන් හීන් හඬක් නැගුණා....හීන් ඉකියක්....

"මට සමාවෙයන් මැණික..... මං දන්නවා මම මහ සතෙක්.... මං ...මං උඹට දුන්නු හැම දුකක්....වේදනාවක්ම....මම අද විඳවනවා මැණික....

උඹේ ඇස් වලින් වැටුණු හැම කඳුලු බිංදුවකටම මම වන්දි ගෙවනවා සුදු මැණික.....

මට එක ම එක වතාවක් උඹ බලන්න ඕනි මැණික....ඉන්න තැනක් දන්නවනම් මම ලෝකෙ පීරන් හරි එනවා මගෙ සූකිරි....

උඹේ කකුල් අල්ලලා වැන්දත් මට මගෙ පව් මකාගන්න බෑ මැණික..."

දකුණතේ දබරැඟිල්ලත් මැදඟිල්ලත් අතර රැඳවුණු ගෝල්ඩ්ලීෆ් එක දුඹුරු පාට ෆිල්ටර් කොටසට වෙනකම් අලුවෙලා ඇඟිලි දෙකත් හෙමි හෙමින් පිච්චුනත් ඒ ගැන දැනීමක්වත් නැති මහිත් අභිමාන්‍ය රේමන්ඩ් වමතෙන් දුරකතනය දිහා බලන් තමන්ටම දෝෂාරෝපණය කරගන්නවා....නෑ...ඉන්න ... හරියටම කිව්වොත් තමන්ටම සාප කරගන්නවා....

ටොක් ... ටොක්...

ටොක් ... ටොක්...

දෙපාරක්... හරියටම රටාවකට... සීක්‍රට් කෝඩ් එකක් වගේ හරිම පුරුදු විදියට දොරට වැටුණු තට්ටු දෙකක් එක්ක කාමරේට අමුත්තෙක් ඇතුල් උනා...

"මොන හු****ද බල්ලෝ වෙලා තියෙන්නෙ.... උඹේ ඔය ෆෝන් එක තියෙන්නෙ කෝල් කරන්න... නැත්තම් එන කෝල් වලට ආන්සර් කරන්න... උඹ ඒක තියන් හැ*****ද පගෝ....."

තප්පරේට වචන සීයක වේගෙකින් බැනගෙන බැනගෙන ගියෙ වෙන කවුරුත් නෙවේ.... අපේ කතා නායකයගෙ කොළ බොක්ක....අක්මාව... පිත්තාශය...එකී මෙකී නොකී ඔක්කොම .... කොටින්ම කිව්වොත් වැලි කෙළියෙ ඉදන් පෙම් කෙලිය වෙනකම් ම අත් නොහැර අත අල්ලන් උන්නු අතිජාත අඹ මිත්‍රයා.... නිකිත් හිමංසක දිසාසේකර

කාමරේට කඩන් වැදුණු නිකිත් කුණාටුව කොච්චර සැර උනත් මහිත් නෙවේ ඔලුවක් ඉස්සුවේ.... කාමරේ දිහා කේන්තියෙන් රතු කරගත්තු ඇස් වලින් බලපු නිකිත් ඊළඟට වහල තිබුණු කර්ට්න් දෙපැත්තට ඇදලා දාලා ජනෙල් පියන් විවර කලේ නහය හකුලුවමින්....

"බලපං මෝඩ මූසලයෝ මනුස්සයෙක් ඉන්න තැනක්ද මේක...මනුස්සයෙක්ට තියා සතෙක්ටවත් ඉන්න පුලුවන්ද? මොකද්ද මිනිහෝ උඹට වෙලා තියෙන්නෙ... ලෝකෙම හොල්ලන් ඉන්න ENIGMA එකේ අනාගත අයිතිකාරයා නේද උඹ?...

උඹ කොහොමද මේ විදියට කම්පැණි එක බාරගන්නෙ.... ගෑණි මැරුණු මිනිහ වගේ හූල්ල හූල්ල ඉන්න  එකේ තේරුම කියපන්කෝ...."

"ගෑණි මැරුණෙ නෑ..... ඒ  ගෑණි මාව පණපිටින් වැලලුවා නිකී..."

මෙච්චරම වෙලා නිකිත් මොනතරම් කෑගැහුවත් හූම් සද්දයක් නැතුව උන්නු මහිත් ඔලුවවත් නොඋස්සා හීන් හඬකින් කිව්ව වචන ටිකට එක විනාඩියකට නිකිත්ව නිහඬ කරන්න පුලුවන් උනා.....

"මහී....???"

ලොකු ප්‍රශ්නාර්ථයක් මූණෙ රඳවගත්තු නිකිත් මහිත්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු උනා.... මොකද්ද මේ හතර බීරි කතාව...

"ඒකි මාව රවට්ටලා බං... ඒකි ප්‍රෙග්නට් නිකී....."

"කවුද?....."

"මිතුනි...."

.....

"උඹට ශුවර්ද උඹ නෙවේ කියලා...?"

විනාඩියක විතර නිහඬතාවයකින් පස්සෙ....තමන්ට ඇහෙන දේවල් හීනයක් වෙන්න කියලා හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන් වෙව්ලන කටහඬකින් නිකිත් ඇහුවා... තොල් අගින් සමච්චල් හිනාවක් එක්ක මූණ උස්සලා නිකිත් දිහා එක එල්ලේ බලපු මහිත් ගෙ තද කලු ඇස් වල තිබුණ හැඟීම් තෝරගන්න නිකිත් උත්සහ කලා....

"මං ගැන උඹ දන්නවා නිකී... මම කෙල්ලො එක්ක ඕනි තරම් සෙල්ලම් දාලා ඇති....කොල්ලොත්.... ඒත් මං මිතුනිට සැලකුවෙ කොහොමද කියන්න උඹලා දන්නවා..... මට දැනුන්නැතුව නෙවෙ....පහුගිය මාස ගානෙම ඒකි වෙනස් උන හැටි... මං මේකට ලෑස්ති උනේ මීට කලින්..."

"මොකක්...????..... ඒ කියන්නෙ උඹ දැනන් උන්නා?????"

"එහෙමම කියන්නත් බෑ....මට තේරුණා...වෙනසක්...එකක්....නෑ....ගොඩක්.... ඒත් මම විශ්වාස කලා ඒකිව.... දන්න දවසේ ඉඳන් එකට ඉන්න එකී එහෙම නෑ කියලා මම හිතුවා...

වෙඩින් එකට මාසයක් තියල හරි මේක දැනගත්තෙ නැත්තම් මම වෙන එකෙක්ගෙ ලමයෙක්ට තාත්තෙක් වෙනවා...."

මිටි කරගත් දකුණතින් අනික් අතේ අල්ලට ගහගන්න ගමන් මහිත් කිව්වෙ තාමත් තමන් දිහා ඇස් එලියට පනින සයිස් එකට ලොකු කරන් කටත් ඇරන් ඉන්න නිකිත් ගෙන් ඇස් වෙනතකට හරවන ගමන්.....

"උඹට දැනුනණම්  ඒකි ට්‍රැක් එකෙන් අවුට් වෙලා කියලත්.... උඹ ඒකට ලෑස්තිත් උනා නම්....දැන් මේ මොන හුත්තක්ද සතියක් තිස්සෙ කාමරේට වැදිලා කරන්නෙ...."

තාමත් මහිත් කියන දේවල් ෆිගර් අවුට් කරගන්න බැරුව කන්ෆියුස් උන්ගා බුන්ගා මූඩ් එකේ ඉන්න නිකිත් ඇහුවේ ඔලුවත් කස කසා.....

"මට රිදෙනවා නිකී....."

"මට තේරෙනවා  මහියා....දරාගන්න අමාරුයි තමා...උඹ ඒකිට ආද.."

"මං ඒකිව හිතින් අතෑරලා ඉවරයි නිකියා.... මෙච්චර කාලයක් ඒකිට හොඳම යාලුවෙක්ට වඩා තැනක් දෙන්න මම පට්ටම ට්‍රයි කලා....හැබැයි දැන්  සති දෙකකට කලින් ඒකිව ඩර්ඩන්ස් එක ලඟදි අතටම අහු උනු වෙලාවෙ.....අන්න එතනදියි මම  ඒකිව හිතින්ම අතෑරලා දැම්මෙ....

කාගෙවත් එවුන්ගේ ළමයින්ට වාසගම් දෙන්න තරම්  මට කැහිල්ලක් නෑනේ...

"එහෙනම් දැන් මොන පම්කටද උඹට රිදෙන්නේ.....අර්‍ර්හ්....මහිත් උඹ මාව පිස්සෙක් කරවනවා...කියන අණ්ඩර දෙමළයක් තේරෙන්න කියපන් පරයෝ....."

පිස්සෙක් ගාණට අත් දෙකෙන් කොණ්ඩෙ දෙපැත්තට ඇදගත්තු නිකිත් මූණ කේන්තියෙන් පුරවන් තමන්ට පිටුපාල ජනේලෙන් එළිය බලන් උන්නු මහිත්ගෙ ඉස්සරහින් හිටගෙන මූණට එබිල මහිත්ගෙ ඇස් කියවන්න ගත්තා....

ම්හුක්.... කලිසම් කොට ඇඳන් වැලි අතගාපු කාලෙ ඉඳන් අද වෙනකම් එකට උන්නත් මහිත් මේ තද කලු ඇස් කියවන්න නිකිත්‍ට බෑ.... නිකිත්ට විතරක්ම නෙවේ...කාටවත්ම බෑ...මොකද කියනවනම්.... ෆේශල් එක්ස්ප්‍රෙශන් හංගගන්න එක කලාවක් නම්....මහිත් කියන්නෙ ඒකෙ පිකාසෝ...

"මට රිදෙනවා නිකියා....මම ඒකිට ආදරේ නොකරම ඒකි මට චීට් කරනවා කියලා දැනගත්තම... මට  දැණුනු හැඟීම... මගේ පපුව රිදුණු තරම්... ඒක අරූටත් ඒ විදියටම..... නෑ..... ඊටත් වඩා දැනෙන්න ඇති කියල මතක් වෙද්දි මට රිදෙනවා නිකී...."

.............

අර තද කලු ඇස් කොණකින් කඳුලු බිංදුවක් වැටෙන්න මිලි තප්පර අරික්කාලක් යන්නැති.....

"මහිත්...???  ආ යූ සීරියස් මචං?.... අරූ කිව්වෙ අර පොඩි එකා ???"

විනාඩි ගණනක නිහඬතාවය බිඳින්න නිකිත්ගෙ ඒ ප්‍රශ්නෙට පුලුවන් උනා..... මොහොතකට කලින් මහිත්ගේ වැඩ ගැන කේන්තියෙන් පිරුණු ඒ ඇස් දැන් පුදුමෙකින් මහත් වෙලා....

හරියට මේ දැන් තමන්ට ඇහෙන දේවල් විශ්වාස කරගන්න බෑ වගේ.... ඇත්ත නිකිත් හරි...පුදුම වෙන්න ඕනි තමා.... ඇයි දෙයියනේ...ලෝකෙ රට රටවල් හොල්ලන් ඉන්න ENIGMA කම්පැණි එකේ අනාගත උරුමෙ....

නමටම හරියන්න ආඩම්බර කාර සිංහයෙක් වගේ උන්න කොල්ලෙක්... එක බැල්මකින් ඕනි කෙල්ලෙක් ....නෑ නෑ....ඕනිම කොල්ලෙක් උනත් දැපනෙ දාගන්න තරම් පවර්ෆුල් ඇස් දෙකක අයිතිකාරයෙක්.....

කවුරුහරි මේක ලියන මගෙන් ඇහුවොත් පර්ෆෙක්ට් පිරිමියෙක්ට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම දෙකක් නැතුව මහිත්ව පෙන්නයි.... නිකිත්ට මතක ඇති කාලෙකින් මහිත් අඬනවා දැකලා නෑ.... ඉතින් එහෙම කොල්ලෙක්....

කොහෙවත් ඉඳන් එක පාරටම මතු වෙලා එක පාරට නැතිවෙලා ගියපු පොඩි කොල්ලෙක් මතක් කරන් අඬනවා කිව්වම පුදුමයි නේන්නම්.....

"උඹට පිස්සුද මහියා...ඌට ගාණක්වත් නැතුව ඇති.... නැත්තම් ඌ උඹට සිරා ලව් කලා නම් උඹයි මිතුනියි ගැන ඌ දැනගත්ත වෙලාවෙ ඌ අඬලා පොලොවෙ පස් කාලා වැලපෙන්නෙපැයි.....

අනික මහියා ඒක නිකම් බෙට් එකක්නෙ.... අපිට ඕනි උනේ උගෙ ගෑස් අඩු කරන්න....ඒක එතනින් ඉවරයි....උඹට මෝල්ද දැන් ඌව මතක් කරන් මෙතන බූට් කාපු මීහරකෙක් වගේ බිබී වැලපෙන්න???..."

"..."

"මහියා...."

"...."

"මහිත්....මොකද්ද හුත්තො උඹට වෙලා තියන්නෙ...."

මෙච්චර වෙලා තමන් කියවපු එක වචනෙකටවත් කිසිම ප්‍රතිචාරයක් නොදී ආපහු සෝපාවෙන් වාඩිවෙලා ෆෝන් එක දිහා බලන් භාවනා කරන මහිත් දිහා බලන් නිකිත් ඇහුවෙ ඇත්තටම කේන්තියකින්....

පොඩ්ඩක් ඉඳපන්.... බැරිවෙලාවත් මට කියන්නෙපා උඹ ඌට....ල....."

"මම දන්නෑ නිකියා..... ඒක ආදරේද මොකද්ද කියන්න මම දන්නෙ නෑ..... ඒ උනාට මට රිදෙනවා නිකියා..... එදා ඌ මගෙ ඇස් ඉස්සරහට ඇවිත් ඒ දීපු හිනාව ...

එදා මගෙ කණට පාරක් ගහලා ගියා නම් මට අද මෙච්චර රිදෙන එකක් නෑ.....

එදා මම හිතුවේ ඒක උගෙ නෝන්ජල් කම කියලා.... මම එච්චර දේවල් කරලත් අන්තිමට මට කීව්වෙ....මට සතුටින් ඉන්න කියල විතරයි....

මට තිබුණා මගේ හිතට අවංක වෙන්න..... මට එදා මිතුනිගේ අත අතෑරලා ඌගේ අත අල්ලගන්න තිබ්බා....."

වෙනදට කතාකරන්න වචන දහයක්වත් වැය නොකරන මහිත් බිඳුණු කටහඬකින් තමන්ගේ වේදනාව පිට කරන හැටි බලන් ඉන්න නිකිත්ට මීට අවුරුද්දකට කලින් ඒ පොඩි එකා මුලින්ම දැක්ක දවස මතක් උනා.....

.............

.....මතුවට හමුවෙන තුරු.....