අසීමාන්තික ආදරය සමඟ දෝලනය වන වෙනත් ලෝකයක සිටින කෙනෙක් හා ප්‍රේමයෙන් බැඳීමට ඔබට අවසර තිබේද...
ඔබවම සොයාගෙන මේ ලෝකයට ඇවිත් ප්‍රේමය මත්තේම ඔබව සොය සොයා ඇවිදින්නේ නම්...
ආත්ම ගානක දළු ලා වැඩී ගිය ආත්මයක් ආත්මයක් පාසා ඔබවම සොයන ඔබවම මඟ නොහැරී ඔබ ලඟින්ම ඉන්න ප්‍රේමයක සුන්දරත්වය කෙසේ නම් විස්තර කරන්නද...
දෙහදක් තුළ එක් අයෙක් පමණක් නොදැනුවත්ම සිදුවන ආත්ම බන්ධනය පිළිබඳ දැන සිටින්නේ එක් අයෙක් පමණමද...
අපි බලමු අවසානයේ කෙසේ, කවදා ඔවුන් දෙදෙනාගේ ඉරණම විසඳෙයිද කියලා...
සෑම හමුවීමක්ම සැලසුම් නොකරම නමුත් කෙසේ හෝ සිදුවීම අහම්බයක්ම නොවේ... එය ඔවුන්ගේ දෛවයේ ලියැ වී තිබුණු ආකාරයමයි...
ඇගේ නේත්‍ර
ඇගේ බැල්ම
ඇගේ දිගු වරලස
ඇගේ ගමන
ඇගේ වත
ඇගේ ලාලිත්‍යය
ඇගේ හැඩ සිරුර
ඇගේ සියළුම දෑ
කෙසේ නම් මනහරද...
ඇය එසේ වෙද්දී මා කෙසේ නම් මගේ දෑස් ඈ වෙතින් අහකට ගන්නද...
ඇය දෙව්ලියක්ම නොවේද...
මට දරාගන්නම බැරි තරමේ නාරි ලක්ෂණ ඔබට හිමි වෙද්දී ඔබ කෙලෙස නම් අන් අයගේ දෑස් වලට නොවැටී සිටියේද...
මා වෙනුවෙන්මද...
අලුත් වෙනස්ම කතාවක්...
මේ ඇයගේ කතාව
මේ ඇයගේ ප්‍රේමයේ කතාව
මේ ඇයගේ අපරිමිත ස්නේහයේ බලය ගැන කියැවෙන කතාව
මේ ඇයගේ ලෝකය ගැන දැනගන්න ලැබෙන කතාව
අපි බලමු ඇයගේ උත්තරීතර ප්‍රේමය හමුවේ ඒ ආත්මය සුවපත් කරන්න ඇයට හැකි වෙයිද කියලා...
මේක කතාවකට එහා ගිය ප්‍රේමයේ පාරිශුද්ධභාවය පෙන්වන නිර්මල සෞම්‍ය ප්‍රේමයක නිමාවක්මද...
අපි කියවලම බලමු...
" Red Lotus | රතු නෙළුම "
ඇත්තටම මේ කතාව මට ලියන්න අදහසක් ආවේම මගේ හිතට ගොඩාක්ම ලඟ කෙනෙක් එක්ක චැට් කරද්දී. බොරු කියන්න ඕනේ නෑ එයා කියපු දෙයක් නිසා ඒකට මං කියපු රිප්ලයි එක අනුව තමා මේක මට කතාවක් ලියන්න හොඳයි කියලා හිතුණේ...
ඉතින් කතාව මුලාරම්භයේ මගේ ඒ හිතට ගොඩාක්ම ලඟ ඒ කෙනාට තෑන්ක්ස් කරන්න ඕනේ. එයා නිසයි මේ වගේ ප්ලොට් එකක් මගේ ඔලුවට ආවේ.
ඉතින් කතාවේ කොටසක් එයාටත් අයිතියි කියලා මං කියන්න කැමතියි. මොකද එයා නොදැනුවත්වම මට කතාවක් ලියන්න උදව් කරා වගේම එයා එක්ක ඉද්දී මට මේ කතාව ලියන්න ගොඩාක් අදහස්, චිත්ත රූප මගේ ඔලුවේ මැවෙන්න ගත්තා...
මං දන්නවා මේක ඔයාලා කියවපු නැති විදියේ ඔයාලට ආස හිතෙන කතාවක් වෙනවා කියලා. මොකද මේක ටිකක් සාමාන්‍ය කතා තේමාවකින් ටිකක් එහාට ගිය කතාවක්...
මං මේක හදිස්සියේ ලියන්න හදන එකක් නෙමේ. ටිකක් වෙලා අරන් ලියන්න ඕනේ එකක්. මොකද ඔයාලට හොඳ කතාවක් වෙන්න නම් එහෙන් මෙහෙන් ලියලා දාලා බෑ. ඒ නිසා වෙලාව අරන් මේ කතාව වට්පෑඩ් එකට ලියනවා මගේ අනිත් GL එක ලියලා ඉවර වුණ ගමන්ම...
මේ මාසේ මේ කතාව අනිවාර්යයෙන්ම ලියනවා...
ඉතින් මගේ කතා කියවන හැමෝටම ආරාධනා කරනවා මේ කතාවත් කියවන්න කියලා...
මගේ කතා කියවන නොකියවන හැමෝටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න ඕනේ...
🥺🥰😍❤️✊
#newstory #destiny #heaven
#love #mythical #fiction #goddess #magical #spritual