Chereads / Sinhala gay / Chapter 2 - part 1

Chapter 2 - part 1

සීතල මීදුමට බිම සරසපු පිනිබිදු තණ අග රැදී බිම වැටෙන්නටමාන බලන හැන්දෑවක හදට තනි රකින තරු දෙකක් දිහා ඇසිපිය නොහෙලාම බලම් ඉන්න ඇස් දෙකක් පිනිබිදුවල සීතල මායිම් නොකරනවා නොව ඒ සීත නොදැනෙන තරමට කල්පනාව බරයි. ඇස් දෙකෙම් වැටෙන කදුලු තණ බිම සරසන වා නොදැනෙන තරමටම කල්පනාව බරයි. ඒ රිදුම් දෙන හදවතක් ඒ හිත කල්පනා කරේම ඒ හිත අයිති රූපෙට තියන කොළ පාට බළල් ඇස් නිසා එයා හොයන ආදරේ එයට අයිති නැ කියලමයි.ඒ හිත අඩක් පිරුණු හදට කතා කරනවා .එයා හදට ආදරෙයි ලු .හදත් එයාට ආදරෙයි කියලා හිතනවලු . හදට විතරමලු ආදරේ .හද ආදරේ නොකරට කමක් නෑලු. එයාව අහන් ඉන්නලු. ඒ ඇති ලු .

"මගේ සුදු පාට ආදරේ මං වෙන අයට ආදරේ කරන්නේ නෑ... රත්තරං... .මට ආදරේ අයිති නෑ ...මං ඔයාට ආදරෙයි ....ඔයා මාව තනි කරන්නෙ නෑ .නේද ... මගේ හිත රිදෙනවා ....ගොඩාක් .....මං ලගදි දැන ගත්තේ හිත හදවතට සම්බන්ධයි කියලා .....මගෙ හිත රිදෙන, දුක හිතෙන ,හැම වෙලාවකම පපුවෙ වම් පැත්ත වෙදනාවෙන් පිරෙනවා ...ඒ මොකද කියලා හෙව්වෙ නෑ ..මං ..මට හරි වේදනයි..මගෙ තනියට ඔයා ඉන්නවා නේ...ද ...සුදූ....මාව තනිකරන්න එපා මට හරි පාලුයි ...හිත කැඩිච්ච වීදුරුවක් වගේ තිබ්බේ ඒක අද වෙනකම් ම කුඩු උණා කුඩුම උණාදැම් උණු වෙලා දියවෙලා ගිහිම් .. ....තනිකම මට හොදයි නේද ...මේ බළල් ඇස් ආදරේට පිං කරලා නෑ සුදූ...".

(ඒ කොලපාට් ඇස්)

2025:01:17

දුක ලිමිට් නැතුව රිද්දනවා

හිතත් දූවිලි ගානට බිදෙනවා

හුස්මත් බදාගෙනම වද දෙනවා

තවත් බැ තවත් බෑ හුස්ම මේක අමාරුයි

....

නින්දක් නැතුව හද දිහා බලං ඉදල නොදැනිම එළිවෙන්නත් අරම් .ඈතිම් මූණට වැටෙන ඉර එළිය දැක්ක නිසාම ඉස්කෝලෙ එන්න ලෑස්තිවෙන්න දිව්වා. තේරුමක් නැති කල්පනාවක බස් එකට නගින්නත් ඇවිත් මේ ලොකෙ නොවිච්ච මානසිකත්වය නිසාම බස් නැවතුම මගැරිලා සැලකිය යුතු දුරක් පයින් එන්න උනා. ඉස්කෝලෙට එනගමන් අල්ලෙන් ඔලුවට ගහ ගහ ආවෙ කල්පනාවක් එක්කම නින්ද ගිය නිසාද නැත්තම් ඔලුවෙ කැක්කුමටද කියන එක ප්‍රශ්නයක්?. ඉස්කෝලෙට එනකොටම හිතාගත්තෙ අදනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඕනි. ඇතුලට ඇවිත් වැඩි දුරක් එන්න හම්බුනේ නෑ...

"මල්ලි..."

ඒපාර කව්ද කියලා අහන්න අනිත් පැත්ත හැරෙනකොට, උදේ ඉදන් ඔරවං හිටපු මූනට හිනාවක් මවාගන්න අමතක කරේ නෑ. තමංගෙ දේවල් අනුන්ට පෙන්නන්න උවමනා වක් නැති නිසා වෙන්න ඇති. කතා කර පු කෙනා බැජ් එකකිම් අදුර ගත්තා. ඒ D.hed prifect අයියා. බැජ් එකෙම් ඒ කෙනාව අදුර ගන්න කොටම එයා කිව්වෙ ,

" පොඩ්ඩක් අර පැත්තට යමුකො .."

ඒපාර මොකක් වෙන්න යනවද කියන දැවෙන ප්‍රශ්නය ඔලුවෙ තියම් ඇහුවෙ

"හරී...ඒත් "

අවසානයේ ඇයි කියලා අහන්න ලැබුනෙ නෑ, නැවතත් අයාචනාත්මක ඉල්ලීමක් , ඇත්තටම ඒක ආයාචනාත්මක ඉල්ලීමක් ,බැගෑපත් ඉල්ලීමක් ,

" යමුකෝ...."

ඒක එච්චර ලොකු ඉල්ලීමක් නිසාම වෙන්න ඇති අකුරු දෙකකින් උත්තර දෙන්න ඇත්තෙ .ඇත්තටම ඉල්ලීමක වටිනාකම දන්න නිසා වෙන්න ඇතී .

"Ok ..ok "

'' මලිලී ...''

හිත ඇතුලෙ ලොකු බරක් හිර කරම් ලොකු බර දැනෙන්නම ඒ වචන හඩක් උනා .

ඒ වචන වලිම් ඒ හිරකරම් ඉන්න දේ බර දැනෙව්වා

සාක්කුවට අත දාලා ඒ වචන වල හිමිකාරයා එලියට ගත්තු ඝනකමින් හුගාක් අඩු සිහින් රත්තරන් මුද්ද අල්ල උඩ තියම් කටහඩ තාවත් ගැබුරු කරම් ඒ හඩ ලොකූ හැගීමක් වචන කරන්න මිමිනුවා .

"මල්ලී.... මං ...ඔයාට ... මන් ඔයා..ට ..සෑහෙන්න ...සෑ..හෙන්න ආදරෙයී බබෝ...ඔය හිනාව ,ඔය හිත ,ඔය ඇස් විතරක් නෙවේ ඔය හදවත ,පෙනුමට වඩා ඔය හදවතට මං ආදරෙයී ළමයෝ, මං ආදරෙයී .."

ඒ ඇස් වලිම් ආදරේ පුරෝගෙන කියපු ඒ වචන හදවතටම දැනුනා .ඇගිලි තුඩුවලට නොආපු තාමත් අල්ල උඩ දිලිසෙන ඒ මුද්ද අතට අරම් ඒ ආදරේ පිලිගන්න හිතුනා ...එත් බෑ ,ඒ අත් දිගහැරලා එයාව බදාගන්න හිතුනා, ඒත් බෑ ...මතක ඒකට ඉඩ දෙන්නෙ නෑ.. ඒ නිසාම වෙන්න ඇති ඒ වචන දෝංකාර දෙන්න ගත්තේ , ඒනිසාම වෙන්න ඇති ඒ වචන ඇහෙද්දිම කදුලු එන්න ගත්තේ, ඒ නිසාම වෙන්න ඇති එවෙලාවෙ ...

''නෑ.....බෑ...අනේ....මට ආදරේ කරන්න එපා .....මට....ආදරේ කරන්න එපා .....වදින්නම් එපා...''

අතදරුවෙක් ගානට බිදුනු ස්වරයකින් බිදුනු කට

හඩකින් දුක් පුරෝලා වතුර ගානට කදුලු වැටෙද්දි කිව්වෙ . කියපු ඒ වචන වැඩි ඈතකට ඇහුනෙ නෑතු ව ඇති .. පපුවට දැනුන ඒ වේදනාව නිසාම අඩාගෙන ම වේගෙන් දිව්වා ...

ඒ වචනඇහෙද්දි අතේ තිබ්බ මුද්ද අතේ ඇගිලි වලට වැහුනා ..ඒ කදුලු දකිද්දි පපුව පිච්චිලා ගියා බලාපොරොත්තු අතරේ කවදාවත් නොතිබූ reaction එකක්

" දෙයියනේ.. මේ ළමයට මොකක් උනාද ?මොකක් හරි අව්ලක් පව් දෙයියනේ ...ඒ හිත සෑ ...හෙන්න රිදිලා ...එයා යන්න ඇත්තෙ එයා හැමදාම තනිවෙන තැනට වෙන්න ඇති .."

ගගකට කදුලු ගලනවා .ඈත අහසේ තාම මැකිලා නැති හද දිහා බලං ඉන්නවා .මං ඔතනට එන්නද අහන්නත් කලිම් ඉඩක් දෙන්න වගේ එහාට උනේ එන්න කියන්න වෙන්න ඇති .

" Reply එකක් හොයාගෙනද ආවේ "

ඒක තනිකරම බිදුනු කටහඩක් හද දිහා බලාගෙනම අවදි කරපු හඩක්

"අනේ නෑ ඔයා මට උත්තර නොදුන්නත් කමක් නෑ ..."

කදුලුවල අගක් මුලක් නොතේරෙන ප්‍රශ්නයක් හිරකරම් සැනසිමට හේතු කියන ස්වරයකින් උත්තර දුන්නෙ හේතුවක් ඇතුව වෙන්න ඇති .

අයිතියක් නැතත් ඒ උනුහුම ඕනි වෙන්න ඇති. වේදනාව මෙච්චර කල් තනියම විදගෙන ඒ පපුවට මහන්සි ,ඇති මොලේට තෙහෙට්ටු ,ඇති ඒ නිසාම වෙන්න ඇති තමන්ට නොදැනිම ඒ බර ඔලුව ටිකෙම් ටික මැකීගෙන නොපෙනීයන හද දිහා බලාගෙනම ඒ උරහිසට වාරු උනේ. මෙච්චර කල් ඉල්ලුවත් නොලැබිච්ච උනුහුම හොයන්න ඇති .ඒ නිසාම ඒ උරහිසට වාරුවෙලා ඈත බලම් කදුලු හෙලන්න ඇති.

""මොකද ළමයෝ...""

.''දුකයි... පපුව වම් පැත්තෙන් අමුතු වෙදනාවක් එනවා... අමුතු හැගීමක් දැනෙනවා ...මට මාවම එපා වෙනවා වගේ... ඇයි කියලා හේතු අහන්නෙ නැතුව, ටිකක් ඉන්න දෙන්න... බැරිනම් කියන්න මං අයිම් වෙන්නම් ''

ඉකිබිදුමක් එක්ක ඒ පිටවෙච්චි ඒ වචන කාටවත් බරක්, වදයක් වෙන්න අකම්ෂ්ති නිසා එහෙම කියන්න ඇති.

''අනේ බබෝ ,...මොකද බැරි . දවසක් උනත් ඉන්න මම් ඔයාගෙ ඔලුව අත ගාන්නද ?''

ඒ හිතට දැනෙනවා ඇති ඒ හැගීම .ඒ නිසාම වෙන්න ඇති ඒ නිවිච්ච ස්වර වලිම් එහෙම අහන්න ඇත්තේ.

ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හූ මිටියකින් ලැබුනේ කදුලු එලියට පනින නිසා වෙන්න ඇති .

''ඇයි මුකුත් අහන්නෙ නැත්තෙ ඔයා ''

''ඇයි ... ම්ම්ම් සමහර තැන් තියනවා.. නිහඩව බලං ඉන්න තරමට හොදයි ප්‍රශ්න කිරීමකින් එන්නෙ තවත් ප්‍රශ්නයක් විතරයි නිහඩ වෙන එකෙන් සැනසීමක් ලැබෙනවා සමහර ප්‍රශ්නවලට උත්තරත් ලැබෙනවා . ''

ඒකට උත්තර නම් ආවෙ නෑ. ඒත් උරහිස උඩ තිබ්බ ඔලුව කකුල් දෙක උඩට ඇවිත් ..ඒ කොල පාට ඇස් වලින් ඒ කළු පාට ඇස් දිහා බලං ඉදලා ඒ මූනේ කම්මුල් දෙකට අත් දෙක තියලා දෙපැත්තට ඇද්දා ඒ බැල්ම හරි හුරතල් .ඒ කලුපාට ඇස් වලිම් ඒ මූන දිහා ආදරෙ පුරෝගෙන බලං හිටියා .තමංගෙ කකුල් දෙක උඩ තියන ඔලුව අත ගාන්න ගත්තේ ඒ ලාවට කැරලි ගැසුන කෙස් අතරින් ඇගිලි තුඩු යවන ගමන් .

''අයියේ..."

""ම්ම්ම්ම් ..."

"ඇයි මට ඔයා ආදරෙයී කිව්වෙ ""

ඇස් වල තිබ්බ කදුලු ටික ටික වේ ලිලා ඒත් ඒ ස්වර වල ඒ වේදනාත්මක හැගීම තාම එහෙම්මමයි

ආදරේට හේතු අහන්න එපා බබෝ ආදරේ කියන්නෙ වෙනස්ම දෙයක් එකිනෙකා ට ඒක වෙනස් ඔයාට මං කියන දේ තේරෙනවනේද

ආදරනීය හැගීම් ගොන්නක් හිර කරම් කියපු ඒ දාර්ශනික වදන් නිදහසින් පුරෝනවා

ම්ම්ම් ගොඩාක් හොදට ඒත් ..,,

වාක්‍ය්ක් අවසානයේ අමතුම නැවතුමක්

ඒත් ..කිව්වෙ

දෙන්නෙක්ටම ප්‍රශ්නයක්

''අයියේ මට ආදරේ කරන්න එපා අයියේ ඔයා මට, ඔයාට අපි දෙන්නටම ආදරෙයී නම් මට ආදරේ කරන්න එපා .''

හිත ඇතුලෙ බරක් හිර කරගත්තු හඩකින් මුමුනනවා

"ඒත් ඇයි ඒ ..".

ලොකු ප්‍රශ්නයක් ඒත් ඇයි ඒම කියන්නෙ ...

"මං නියගලා මලක් .."

නියගලා මලක් තමං ගැනම මෙහෙම කියන්න තරම් වෙච්චි දේ මොකක්ද ..??

"ඒකෙ තේරුම මොකක්ද ?""

""නිගලා ගහම විස ගොඩක්.. මල මල් ලොකෙ ලස්සනම ,ආකර්ශනීයම, මල උනාට ඒක මරණයේ සංකේතයවගේ .ඒ ලස්සනේ හැංගිලා තියෙන්නෙ වේදනාව .""

"ඇති, නවත්තගන්නවා ,තමං ගැන ඔහොම කියන්න එපා ,"

කේන්ති යන්න ඇති තමං ආදරේ කරන කෙනා මේ විදිහට හිතන කොට

"ඔයා මං ගැන දන්නවා නම් ඔහොම කියන්නෙ නෑ අයියේ ..""

මං ඔයා ගැන හැම දේම දන්නවා බබෝ .අද හවස යද්දි මං එනකම් ඉන්න. ඕනවට වඩා ඉවර වෙච්චි දේවල් ගැන හිතන්න එපා .හරිද ?

නිවිච්ච ආදර නීය හඩින් සැනසීමක් ලැබෙනවා කියලා දන්න නිසාම ආයෙත් ඒ හඩ අවදි කරන්න

ඇත්තෙ

"ම්ම්ම්"

""දැම් පංතියට යන්න D Hed කියන්නෙ දුවනවා පංතියට ""

'හා බය උනා ...'

ඒ මුනෙ සුපුරුදු හිනාව ආවා ඒ හිනාව අනිත් කෙනාගෙ හිතටත් සතුටක් සැනසීමක් ඇත්තටම ඒ හිනාව ලස්සනයි ඒ හිනාවෙන්ම තමංගෙ පංතිය්ට දුවද්දි

හවසට මං එනකම් ඉන්න හරිද ...

හා...

කෑ ගහලා දෙන්නම ඒක කිව්වෙ සතුටිම් .....

....මගෙ කතාව හොදද කියන්න කෝ

කමෙන්ට් එකක් දාම් යන්න මේ කතාව ඇතුලෙ ලොකු සීන් ගොඩාක් ඉස්සරහට වෙයි

Ashu එක්ක දිගටම ඉන්න හරිද... නියගලා මලක් දෙන්නම් ❤️❤️❤️😉😉😉😉