Download Chereads APP
Chereads App StoreGoogle Play
Chereads

Under The Senkadagala Sky (Taekook)

🇱🇰choi_hyemin_
--
chs / week
--
NOT RATINGS
1.2k
Views
Synopsis
මං උඹට ආදරේ තරම උඹ තවම දන්නෑ දෙනුවන්.. දැනගන්න ඕනි නම් මේ බෝගම්බර වැව් ඉවුරට ගහන පොඩි පොඩි රැළි ගාන ගණන් කරන්න.. ~ ආත්ම ශ්‍රවූශාක්‍ය බණ්ඩාර 2024.02.18 ~

Table of contents

Latest Update1
19 months ago
VIEW MORE

Chapter 1 - 1

" අයියේ.... "

" ඕයි... බල්ලො නැගිටිනවකෝ... "

වැස්සෙ සද්දෙත් එක්ක කන ගොඩවෙන සයිස් එකට ඇහුණ කඨෝර ස්ත්‍රී කටහඬකින් ඇහැරුණ මම ඔළුව උස්සලා බැලුවා.. හිටිය එකී දිහා බලලා මං ආයෙ කොට්ටෙට ඔළුව ගහගත්තෙ නැගිටින්න හිත දුන්නෙ නැති නිසා.. ඒ පාර ඒකි මගෙ බ්ලැන්කට් එක ඇදල බිමට දාලා ගස්සගෙන කාමරෙන් එළියට ගියා.. මං ඇඳේ ඉඳන්ම බිමට නැමිලා බ්ලැන්කට් එක අරන් ඔළුවෙ ඉඳන් පොරවගෙන මගෙ ටෙඩියවත් තුරුල් කරගෙන වකුටු වුණා..

" අම්මේ.... අරූ ඇහැරෙන්නෑ.... මට බෑ ආයි ගිහින් ඇහැරවන්න මගුල.. "

" මං වැඩක් ළමයො.. අන්න අරෙහෙ අප්පච්චිත් අයියට කතාකරනවා.. ගිහින් ඇහැරවන්නකො.. "

මට ඇහුණා අරකි හයියෙන් අඩි තිය තිය කාමරේට එන සද්දෙ.. ඒ එක්කම හික් ගෑවෙන්න තට්ටමට පාරකුත් වැදුණා..

" ඕයි.... හවස හතරටත් කිට්ටුයි.. නැගිටිනවකෝ... අප්පච්චි කතාකරනවා... වරෙන්කෝ... ඕයි අයියෙ.. ශිට්.. ඕලෙවල් රිසාල්ට් ඇවිල්ලා බල්ලෝ... ඕයි හු#තො... නැගිටපන්කෝ.....! "

" ආම්..ම්ම ඇවිල්ලද එල එල... හැ! මොකා රිසාල්ට් ඇවිල්ලද? "

මම දනිපනි ගාලා බිමට පැනලා බ්ලැන්කට් එක නැමුවා.. ලබ්බ නැවෙන්නෙත් නෑ කලබලේට..

" ඇයි යකෝ කලින් ඇහැරෙව්වෙ නැත්තෙ.. "

" කීයෙ ඉඳන්ද මං තෝව ඇහැරවන්නෙ.. පැයක් තිස්සෙ! පැයක්! "

මං බ්ලැන්කට් එක නවලා ඉස්තෝප්පුවට දිව්වා.. යනකොට අප්පච්චි ඇඳි පුටුවෙ ඉඳන් ෆෝන් එක තියාගෙන මං දිහා මරන් කන්න වගේ බලන් ඉන්නවා.. ඒකට අම්මා.. එයත් ඉන්නවා නිකන් අනේ මන්දා.. බයේ බෑ.. ඉන්න හැටියෙන් පේන්නෙ විසාල කරදරයක් වෙන්න යන ලයින් එකක්.. මම මගේ කිරි සුදු හා දත් දෙක පෙන්නගෙන ගිහින් ඉස්සරහ පඩියෙන් ඉඳගත්තා..

" නුවිනු! මේ බලනවා රිසාල්ට්.. මං ඔයිට වඩා බලාපොරොත්තු වුණා.. "

" බැලුවත් කොයි වෙලේ චිත්‍රයක් බදාගෙන.. නැත්තම් ෆෝන් එක හරි මල් පාත්තියක් හරි බදාගෙන.. මට හිතුණා අනාගනී කියල.. "

" අම්මෙ මං- "

ඒ අස්සෙ අරකි දොරෙන් එබිල දිව දික් කර කර මට විරිත්තනවා.. අම්මපා ළඟ හිටියනම් මං ඕකිගෙ හොම්බ තලනවා.. ඒකත් එක්ක අම්මයි අප්පච්චියි කතා කෙරුව විදිහට මගෙ හිත සුට්ටක් රිදුණා.. මගේ හෘදය වස්තුව ඩිස්ටි ඩිඩිං නටන අතරෙ අප්පච්චි මගෙ අතට ෆෝන් එක දුන්නා.. මං ඇස් දෙක වහන් වෙව්ලන අතින් ෆෝන් එක අරගෙන මූණ කෙලින් තියාගත්තා.. ඊටපස්සෙ එක ඇහැක් ඇරල ෆෝන් එක දිහා බැලුවා.. අඩෝ.... A9යිනේ.. එහෙනම් මොන ප#ක්ද ඒ කිව්වෙ.. මං wtf බැල්මෙන් අප්පච්චි දිහා බැලුවම එයා හෙන හයියෙන් හිනාවෙනවා.. සැක් මට එවෙලෙ එතනම වළක් කපාගෙන වැළලෙන්න හිතුණා..

" මොකද්ද අප්පච්චි අම්මෙ ඒ කරේ... වේදනයි... මං හිතුවෙ නෑ මගේම උන් මෙහෙම කරයි කියලා.. අහෝ මගේ.... සියුමැලි හාටුව.. "

මං ඩ්‍රැමටික් විදිහට මගෙ පපුවට ගගහා කියද්දි අම්මයි අප්පච්චියි තව හයියෙන් හිනාවුණා.. ටිකකින් අප්පච්චි හිනාව නවත්තලා මං දිහා බැරෑරුම් විදිහට බැලුවා..

" ඉතින්.... රිසාල්ට් එනකම් ඉන්නවා කිව්වනෙ.. ඒකත් හරිනෙ ඉතින්.. මොකද්ද උඹ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නෙ.. මොකද්ද තමුසෙගෙ ඒම් එක.. "

" මං බයෝ කරන්න හිතන් ඉන්නෙ අප්පච්චි.. "

" හ්ම්... එහෙනම් කොළඹ යන්න ලෑස්ති වෙන්න.. "

" ඒත් අප්පච්චි මං- "

" ඇයි දැන් මොකද්ද කියන්නෙ? "

" නංගි කොහොමත් කොළඹනෙ ඉන්නෙ.. ඒක ප්‍රශ්නයක් නෑ.. ඒත් මං ගියාම අම්මටයි අප්පච්චිටයි උදව් කරන්නෙ කවුද.. මට සති අන්තෙවත් එන්න බැරි වෙනවා.. නිවාඩුවට විතරමයි එන්න වෙන්නෙ.. අනික වියදම.. මට බෑ අප්පච්චි... මං මෙහෙ යන ඉස්කෝලෙටම යන්නං.. අනේ අම්මෙ අප්පච්චිට කියන්නකෝ... "

අප්පච්චි අත් දෙක පිටිපස්සට කරගෙන මිදුල දිහාට හැරුණා..

" නුවිනු... පොඩිකාලෙ උඹව කොළඹ ඉස්කෝලෙකට දාන්න හැදුවම උඹට අපි නැතුව ඉන්න බෑ කියල යන්න කැමති වුණේ නෑ.. අපි ශිෂ්‍යත්වෙන් කොළඹ යවන්න හැදුවම උඹ ඒකටත් බෑ කිව්වා.. උඹ දුක් විඳින්න ඕනි එකෙක් නෙවෙයි.. මේ වයසට උඹ කරන හරිය හොඳටම ඇති.. සේරටම කලින් උඹ හොඳට ඉගෙනගෙන හිටපන්.. ඊටපස්සෙ ඕනි එකක්.. "

මං අප්පච්චි කියන දේවල් ඔහේ අහන් හිටියා..

ඉතින්.... මම නුවිනු දෙනුවන් විජේරාම.. මම අම්මගෙ සුදු පුතා.. අප්පච්චිට උඹ.. තමුසෙ.. නුවිනු.. තමුසෙ කියන එක සුට්ටක් සැර වගේ පෙනුණත් ඒ වචනෙ ඇතුළෙ ගැබ්වෙලා තියෙන ආදරේ මට තේරෙනවා.. මම ඉපදුණේ නුවරඑළියෙ ජීවත්වෙන රජයෙ සේවකයෙක්ගෙ පවුලක වැඩිමලා විදිහට.. මම වැඩක් නැති වෙලාවට අම්මත් එක්ක මල් පැළ විකුණන්න ගියා.. පොඩි ළමයින්ට චිත්‍ර පන්ති කරා.. අහළ පහළ ගෙවල්වල අයගෙ පාත්තිවල අල ගළවන්න ගියා.. ඒ දේවල් කරේ අප්පච්චිගෙ පඩියෙන් ගෙදර සේරම දේවල් බලාගන්න බැරි නිසා වගේම නංගිගෙ වියදම්වලටත් සල්ලි හොයාගන්න ඕනි නිසා..

මම වැස්ස දිහා බලාගෙන මනෝපාරක් ගහද්දි අම්මා මං ළඟ ඉඳගෙන මගෙ ඔළුව අතගානවා දැනුණා.. මං අම්මා දිහා බැලුවම අම්මගෙ ඇස්වල කඳුළු පිරිලා.. මට ගිලගන්න බැරි දෙයක් උගුරෙ හිරවෙලා වගේ එකක් දැනුණා.. අප්පච්චි අම්මා දිහා බලලා ආයෙ මිදුල පැත්ත බලාගත්තා..

" හරි... නුවිනු, උඹට කොළඹ යන්නනෙ බැරි... එහෙනම් නුවර යන්න ලෑස්ති වෙයන්.. ඒත් මේත් මොකුත් බෑ.. ඒක මගෙ අන්තිම තීරණේ.. සමදරා... කොල්ලගෙ වැඩේට අපි ඉක්මනටම එහෙ එනවා කියලා නංගිට කියල තියන්න.. "

අප්පච්චි ඒක ටිකක් සැරෙන් කිව්ව නිසා මං කට වහගෙන හිටියා.. නංගි ඇවිත් පුටු ඇන්දෙ ඉඳගෙන මායි අප්පච්චියි දිහා මාරුවෙන් මාරුවට බලලා එතන නිහැඬියාව නැති කරන්න කතාකරා..

" අයියෙ හෙට ඉස්කෝලෙ යන්න වෙයිනෙ.. "

" ම්ම්ම් යන්න ඕනි.. "

නුවරඑළියෙන් පිට නොගිහින් ශේප් එකේ ඉන්න හැදුවට මේ පාර නම් ගැළවීමක් නැති බව මට තේරුණා.. අප්පච්චි මාව මෙහෙන් යවන්නෙ මොකක් හරි හේතුවකට වෙන්න ඇති.. මට ඒක හොඳටම තේරෙනවා.. මං දහ අතේ කල්පනා කරා.. අම්මයි අප්පච්චියි ගෙට ගියාම නංගි ඇවිත් මං ගාවින් වාඩිවුණා..

" අර පාන්කඩ ටෙරන්ස් තමා සේරටම මුල.. "

" අඩෝ... අද ඩයල් එක හම්බුණා කඩේට යද්දි.. ඒකා ශටර් එකෙන් ඔළුව දාලා දැම්මා පැණි හිනාවක්.. මට ඇල්ලුවෙම නෑ.. "

" අහගන්නවකො සීන් එක.. තවුසෙ ගියාම ඩයල් එක මෙහෙ ආවා.. දන්නවනෙ පාන්කඩයගෙ කෙරුවාව.. මට ඌ ආව එක ඇල්ලුවෙම නැති හන්දා ඌ අප්පච්චි එක්ක ටෝක් කර කර ඉන්න අතරෙ මං දැම්මා මගේ වටිනා කියන රබර් කන.. හරිත... "

නංගි පෝනි නැට්ට වන වන කියද්දි මට මල පැන්නා..

" අගේ නොකර කියනවකො මගුල.. "

" ඌ අප්පච්චිට කියනවා තවුසෙව පොඩි කාලෙදිම ඌ ගාවට එවන්නලු තිබ්බෙ.. දැන් කරන්න දෙයක් නෑලු.. කාලය ආපස්සට යවන්න බෑලු.. ඒ වෙනුවට දැන් ඉඳන් තවුසෙගෙ ඉගෙනීමට වියදම් කරන්නම්ලු.. ඉගෙනගෙන ඉවර වුණාම රස්සාවක් හොයල දෙන්නම්ලු බ්ලා බ්ලා බ්ලා... "

" ඌ අහවල් එකටද මට උදව් කරන්නෙ.. යකෝ මං ගැන හොයන්න ඕනි තරම් උන් ඉන්නවා.. "

" තවුසෙ නුවර යන එකම හොඳයි.. නැත්තම් තවුසෙගෙ අහවල් එකටත් කෙලවෙන ලයිනක් යන්නෙ.. නාකි සෙවල කොතල හිඹුටු පැණියා.. පනහ පැනලත් නෑනෙ උගෙ වල්කම ගිහින්.. ඕකගෙ- "

" වල්ල කුණුවෙන්න ඕනි කරන දහදුරා වැඩවලට.. නාකි පඩත්තර සෙවල ගස් ඔටුවා.. "

" මේ වගේ සුවිශේෂී දේවල් හොයන මං වගේ නංගියෙක් ලැබුව එක ගැන සතුටු වෙනවා.. "

" අනේ අම්මේ... දරාගන්න බෑ.. තනි ඇහැට ඇඩෙනවා.. "

නංගිට ඒකට තදවෙලා මටත් එකක් ගහලා ගස්සගෙන ගෙට ගියා.. සැක් මට පෙන්නන්න බැරි ඔය වැනිල්ල.. මම ඒ දිහා බලලා ආයි වැස්ස දිහාවට මගේ අවධානෙ දුන්නා.. මම ටිකක් වෙලා ඇස් වහගෙන වැස්සත් එක්ක එන හීතල හුළඟට මූණ අල්ලගෙන හිටියා..

වැස්ස.. ඒක කෙනෙක්ට තමන්ගෙ හිත නිවාගන්න උදව් වෙන භාවනාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්.. තව කෙනෙක්ට නිකම්ම නිකම් ස්වභාවික සංසිද්ධියක් වෙන්න පුළුවන්.. තව කෙනෙක්ට හොඳට නිදාගන්න ඉඩකඩ හදල දෙන දෙයක් කියල කියන්නත්

පුළුවන්.. හැබැයි මට.. වැස්ස කියන්නෙ ලස්සන සිත්තමක්.. ඒක වෙනමම එකක්.. වැස්ස මගේ යාළුවෙක් වගේ.. මං වැස්සට කැමතියි.. ඒ මොකද කියනවනම් මං අවුලෙන් ඉන්න හැම වෙලාවකම වැස්සට පුළුවන් මගෙ හිතේ තියෙන හැම දුකක්ම නැති කරල දාන්න.. හරියට වැහි වතුර පාරට මිදුලෙ තියෙන කොළ රොඩු ගහගෙන යනවා වගේ.. වැස්ස කියන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් වෙනස්කරන මායාවක්..

මම ඇස් අරිද්දි වැස්ස පායලා.. මම නැගිටලා ගෙට එන්න හැරෙද්දි දැනෙන නොදැනෙන ගානට ආව හීතල හුළඟක් මගේ ඇගේ වැදීගෙන ගියේ මගෙ හිතට අමුතු හැඟීමක් දැනෙද්දි.. මම කුස්සියට ගිහින් අම්මටයි නංගිටයි රෑ කෑම හදන්න උදව් කරලා කෑම ටික මේසෙට ඇරියා.. අනිත් පැතිවල වගේ මෙහෙ කෑම ගොඩ වෙලා රස්නෙට තියාගන්න බෑ.. ඒ නිසා හැමෝම ඉක්මනට කාලා කුස්සිය අස්කරලා ටීවී බලන්න ආවා.. මම කාමරේට ගිහින් ෆෝන් එක අරන් ඇඳේ පෙරලුණා..

මගෙ මිත්‍ර සංගමේ සමහර අය රිසාල්ට්ස් ස්ටේටස් දාලා.. මං නම් රිසාල්ට් එක දාන්න ගියෙ නෑ.. නිකන් බොරුවට ඕක දාලා අපි පොර කියල පෙන්නන්නෙ අහවල් එකටද කියන මතේ තමා මං හිටියෙ.. සමහර අය රිසල්ට් එක ඉන්බොක්ස් දාලා උගන්නපු එකට තෑන්ක්ස්.. තවුසෙ හින්දා තමා ගොඩ ගියේ එහෙම දාල තිබ්බා.. මට පුදුම සතුටක් දැනුණෙ.. අපිට පුළුවන් විදිහට කෙනෙක්ට උදව්වක් කරල ඒ කෙනා ඒකෙ ප්‍රතිඵල අත්විඳින එක දකිනවා කියන්නෙ ඒ තරම් සතුටක් කොහෙන්ද.. රිසාල්ට් දාපු හැමෝටම කන්ග්‍රෑට්ස් කරල මගෙ මෙයාට මැසේජ් එකක් දැම්මා.. ඒක වෙනම කතාවක්.. ඒක ආකර්ෂණය නිසා උන දෙයක්ද මොකද්ද කියන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් මං එයාට ගොඩක් කැමතියි.. නංගියි මගෙ බොක්කයි විතරයි දන්නෙ.. අනිත් දෙන්නා දන්නවනම් මං මේ ලෝකෙ වසලා හමාරයි.. කලින් දාපු ඒවටත් රිප්ලයි නෑ.. තරහ වෙලාද දන්නෑ.. මං කෝල් එකකුත් ගැහුවා.. ආන්සර් කරන්නෙත් නෑ.. තරහ වෙලා තමා.. කමක් නෑ හෙට ගිහින් යාළු කරගන්නවා.. වට්සැප් එකෙන් අයින්වෙලා මං ඉන්ස්ටා එකෙයි එෆ්බී එකෙයි රවුමක් ගැහුවා.. ඒවගෙත් විශේෂ දෙයක් තිබ්බෙ නැති නිසා මම ෆෝන් එක චාජ් එකට ගහලා නිදාගත්තා..

" මොන හු#තද මේ උදේ පාන්දර? "

උදේ පාන්දර කන දෙපිටින් යන්න සිංදුවක් ඇහෙන්න ගත්ත නිසා මම බිත්තිය මුල්ලටම ගිහින් තව බ්ලැන්කට් එක අස්සට ගුලි වුණා..

" නංගි.. ඔය කෑගහන එක නවත්තනවා.. මල වදේ නිදාගන්නවත් නෑ.. හු#ත...! "

" මොන ප#ක්ද මේ....!!!! "

මං බ්ලැන්කට් එක විසිකරලා එරමිණියා ගොතාගෙන ඇඳ උඩින් ඉඳගෙන වටපිට බැලුවා.. යකෝ එලාම් එක වදින්නෙ.. මං අහවල් එකටද ඕක ඔන් කරේ.. ආ අද ඉස්කෝලෙ යනවා කිව්වනේ.. -ටහික්කෙන්න හත හමාරටත් කිට්ටුයි.. මං ඇඳෙන් පැනලා සාළුවත් අරන් නාගන්න ගියා.. ශවර් එක යටට ගිහින් ඒක ඇරලා ඔළුව ඇල්ලුවා.. යකෝ පට්ට හීතලයි.. මගෙ ඔළු කට්ට හිරිවැටිලා කොඳු නාරටිය දිගේ හෙන කරන්ට් එකක් ඇවිත් මුළු සර්වාංගෙ පුරාවටම පැතිරුණා.. සැක් හීටරේ ස්විච් එක ඔන් කරන්න බැරිවුණානෙ.. කාමරේ තියෙන එකක්යෑ.. හු#ත තියෙන්නෙ කාමරේට එන කොරිඩෝ එකේ.. මං සාළුව පටලන් ගිහින් ඒක ඔන් කරනකොට නංගි මහා වල් හිනාවක් දාගෙන කුස්සියට ගියා.. අම්මපා මේකිට මං.. සාළුව ඇඳන් හිටියෙ නැත්තම් දනී මං කරන එක.. මං ඉක්මනට නාගෙන අළු පාට හුඩී එකකට සුදු කලිසමක් ඇඳගෙන සුදු පාට එකේ කළු ඉරි තුනක් තියෙන සපත්තු දෙකක් දාගෙන එළියට ගියා..

" මොන තූත්තුකුඩියෙ ගියත් කමක් නෑ කාලා පලයන්.. "

" කැන්ටිමෙන් කනෝ.. "

" මගෙන් මොකුත් අහගන්නැතුව ඇවිල්ලා කනවා...! "

අම්මගෙ ටෝන් එක හොඳ නැති නිසා මං ක්ෂණිකව කුස්සියට ගියා.. මොනාද දන්නෑ සුදූ හදලා තියෙන්නෙ.. අඩේ ලැවරියා නේද.. මං ගිහින් අප්පච්චිගෙ සුදූට තොත්තුවක් දීලා ලැවරියක් අතට ගත්තා..

" මොනාද ළමයො කරන්නෙ.. මූණෙ කෙලත් ගෑවා.. "

අම්මා ඔහොම කිව්වට ඒවට කැමතියි.. මං දැක්කනෙ හොර හිනාව.. අම්මට බෑ අම්මගෙ සුදු පුතාව අන්ඳන්න..

" අනේ අම්මගෙ විකාර.. අප්පච්චි දුන්නම හොඳයි.. මං දුන්නම තමා හොඳ නැත්තෙ.. "

ඕකනෙ ඉතින් බැරි.. අම්මා හැන්ද ගන්නකොටම මං තව තොත්තුවක් දීලා පැන්නා කුස්සියෙන්..

" මොනෞත්තක්ද කරන්නෙ බල්ලො? "

මං නංගිගෙ ඇඟේ හැප්පීගෙනම එළියට බැස්සා.. මං ලැවරියා එක කකාම පොඩි කන්ද බැහැලා තාර පාර දිගේ ගියා.. හන්දිය පහු කරන්න උනේ නෑ..

" ආ කොලුවෝ... කොහෙ යනවද උදේ පාන්දර? "

මුදලාලි මාමේ මං මොන රෙද්දෙ ගියත් ඔයාට මොකද.. ඕන්නැති හු#තක් නෑ.. බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනි වයසෙ එනවා අනුන්ගෙ රෙද්ද අපුල්ලන්න.. ඕවට තමා මට නගින්නෙ..

" ඉස්කෝලෙට යනවා.. "

" අර මොකටද? "

" දන්නෑ එන්න කියල තිබ්බා.. "

" රිසාල්ට් ආවා නේද කොලුවො.. "

" ඔව් අන්කල් A9... පරක්කු වෙනවා මං යනෝ.. "

මං අන්කල්ටත් අත වනාගෙන තව මොනවත් අහන්න ඉඩ නොදී ඉක්මනට එතනින් එන්න ආවා.. මං ස්කූල් ගේට් එකෙන් ඇතුළට යන්න හැදුවා විතරයි කොහෙන්ද මන්දා පාත්වුණ එකෙක් මගෙ කොන්දට පැනලා බෙල්ල බදාගත්තා.. තව ටිකෙන් කොන්ද ගහල යනවා.. මට මැවිලා පෙනුණා මං පැරලයිස් වෙලා අම්මා කටට බටයක් දාලා සුප් පොවනවා.. මං ඌට දෙකක් අනින්න හදද්දි දැකල පුරුදු එකෙක් මූණට එබුණා..

" අඩේ මගෙ කිරි සුදු හාවා... ම්වහ් දැක්ක කල්... "

ඒ මගෙ පොඩි කාලෙ ඉඳන් බොක්කෙ මිත්‍රයා අමීර්.. ආදරේට කියන්නෙ අමී කියලා.. ඇත්තම කියන්න එපැයි පොර දුටු තැන කෙල්ලන් සහ කොල්ලන් වශී කරවන පෙනුමකට හිමිකම් කියන උසට සරිලන බරින් යුතු බළල් ඇස් කාරයෙකි..

" යකෝ අමී.. තෝ කොහෙද මෙච්චර කල් අතුරුදහන් වුණේ බල්ලො..? "

" මම මෙතුවාක් කල් නුවර සිටියෙමි.. දිනක් කේසීසී එකේදි කොහෙවත් යන පරයෙක් මගෙ ෆෝන් රාජයා උස්සන ලදි.. එබැවින් මගේ මිත්‍ර රත්නයව සම්බන්ධ කරගැනීමට නොහැකි වුණි.. ඊට කම් නැත.. දැන් ඔබ මා සමග සිටිනවනේ... එතරම් සතුටක් බෝතලයකින්වත් ලබාගත නොහැක.. "

මුගෙ ලිඛිත බාසාව තමා මට සෙට් වෙන්නෙම නැත්තෙ.. මොනා කරන්නද යාළුවනෙ.. දුක තමා.. අපි පචයක් හලන ගමන් කර වටේ අත් දාගෙන ගේට් එකෙන් අස්සට ගියා..

" උඹ සුදු වෙලා ලම්සන වෙලා මා කිරි සුදු හාවෝ.. "

" අඩේ.. උඹ උස ගිහින්ද මන්දා.. "

" උඹ මොනාද වටේ හොයන්නෙ.. ආහා.. ප්‍රියම්භිකාව නේද හොයන්නෙ.. ඒකිව පස්සෙ හොයාගමු.. වරෙන් යන්න වල් හාවා.. "

සුදහ ගින්දරේ බැරුවා.. උදේ වරුවටම ලැවරියයි.. එකක් ගෑවෙන්නවත් මදි.. සැක් සුදූ හැන්ද අමෝරාගෙන ආවෙ නැත්තම් තව දෙක තුනක් උස්සන්න තිබ්බා..

අපි මුළු ඉස්කෝලෙ වටේම රවුම් ගහලා ටීචර්ස්ලත් එක්ක කතා කරලා මගදි අහුවුණ උන් එක්කත් ටෝකක් දාලා කැන්ටිමට ආවා.. අමීර් මටත් එක්ක බනිස් ගද්දි මං ඌටත් එක්ක ටී දෙකක් ගත්තා..

" මා දයාබර හා මිතුර... ඔබට දුක්ඛදායක පුවතක් පැවසීමට තිබේ.. "

" කිමද මිතුර..? "

අමීර් ටී එකෙන් ටිකක් බීලා මං දිහා බැලුවා.. පෙනුමෙ හැටියට සීරියස් එකක් වගේ පේන්නෙ..

" මං නුවර යනවා.. දිගටම ඉන්න බලාගෙන.. ඉස්කෝල මාරු කරන්න වෙනවා.. "

" යකෝ ඕක කියන්නද අච්චර තැටමුවෙ..? උඹ කොහොමත් යන්නනෙ හිටියෙ.. "

" උඹට දුක නැද්ද මා කිරි සුදු හාවෝ...? "

ඌ දුක හිතෙන මූණක් හදාගෙන අහපු විදිහට මට හිනා යන්නත් ආවා.. මං හිනාව කාගෙන බනිසෙන් කෑල්ලක් කෑවා..

" මම සන්තාප වන්නේ කිමද? මාගේ වගකිව යුත්තාණන්ද මාව නුවර යැවීමට තීරණය කරගෙන සිටී.. "

" අඩෝ සිරාවට? පරයා තෝ මාව බය කරා.. එකම ඉස්කෝලෙට යමු පණේඒඒඒ... "

මොකද මූ එකපාරට ශෘතිය අල්ලන්න ගත්තෙ.. මං බෙල්ල හරෝලා ඌ බලන් ඉන්න ඇන්ගල් එක ඔස්සේ බැලුවා.. එකපාරම මගේ හාට් එකේ පැත්තකින් හීනි හිරියක් ගියා වගේ දැනුණා.. මං මේ දකින්නෙ ඇත්තක්ද.. මං දෙතුන් පාරක් ඇහිපිය ගහලා බැලුවා..

" නුවිනු.. බං.. මචං මං දිහා බලපන්.. "

" ම්... "

" උඹ අවුලෙන් නෙවෙයි කියල කියන්න එපා.. උඹ හොඳටම අවුල් වෙලා ඉන්නෙ.. "

" කෝල්වලට ආන්සර් කරේ නැති වුණාම මැසේජ්වලට රිප්ලයි කරන්නෙ නැති වුණාම හිතුවෙ තරහ වෙලා කියලා.. ඇයි එහෙම කරේ.. මගෙන් වුණ වැරැද්ද මොකද්ද? මට දැනගන්න ඕනි.. "

" ඕන්නෑ බං.. එපා හින්දනෙ අතෑරියෙ.. මොකටද පස්සෙන් යන්නෙ.. උඹ නිකන් නෝන්ඩි වෙන එක විතරයි වෙන්නෙ.. උඹ කොහොම හරි හිත හදාගනින්.. අමාරුයි තමා.. ඒත් කොහොම හරි කරපන්.. කෙල්ලෙක් හන්දා උඹේ ජීවිතේ කාලකණ්ණි කරගන්න එපා.. ගැහැණුන් මායාවක් කියන්නෙ නිකන්ද.. මේ ලෝකෙ කෙල්ලෙක්ට කියල ඉන්නෙ ඕකි විතරක් නෙවෙයිනෙ.. හරිම කාලෙට උඹට ඔයිට වඩා හොඳ කෙල්ලෙක් හම්බවෙයි.. එක්කො කොල්ලෙක්.. එව්වා පස්සෙ කරගත්තෑකි.. දැන් ඔය තේක බීපන් නැට්ට කොට වල් හාවා...! "

අමීර්ගෙ කෑගැහිල්ලටම මම තේක බීලා බනිස කාලා ඉවර කරා.. එතන ඉන්න එකෙන් තව හිත රිදෙන එක විතරයි වෙන්නෙ.. වෙන කරන්න වැඩකුත් නැති නිසා අපි ගෙදර එන්න ආවා..

" උඹෙ මූණත්තහඩුව දැක්කම මටත් එපාවෙනවා.. මොකෙද්ද මන්දා උඹ.. හිටපන්කො ගැම්මෙන්.. කෝ හිනාවෙයන්.. විරිත්තපන්කො ඒකත් බැරිනම්.. "

මූ එක්ක බෑ මේක කරන්න.. පාඩුවෙ මූඩක්වත් ගහන් ඉන්න නෑ.. මං සාක්කුවල අත් දෙක දාගෙන බිම බලාගෙන ගල්වලට පයින් ගගහා ගියා..

" හු#තො...!!! "

මුගෙ මගෙ පස්ස කොනිත්තලා හූ තිය තිය පාර දිගේ දුවල ගියා.. මුගෙ ආච්චිට.. මමත් ඇරියෙ නෑ ඌ පස්සෙම අඹෝගෙන ගියා..

" මම පියඹා යමි සමදරා ඇන්ටි වෙත.. ගොසින් පෙන්වමි මේ අමීර්ගෙ ආලය.. "

කඩේ අන්කලයටත් ඇහුණද දන්නෑ.. -ටහික්කෙන්න පාන්කඩයත් ඉන්නවා.. මූට මෙලෝ සිහියක් නෑ.. ලැජ්ජාව බාල්දියෙන් එකයි..

" ගනිමි අවසර කරකා- "

මූ ගෙදර දොරකඩට ආවම මම අල්ල පුරෝලා දුන්නා එකක් උගෙ පුපට..

" හු#තො....!! "

" මොකද මේ සද්දෙ? ආආආ.... අමීර් පුතානෙ.. දැක්ක කල්.. එන්න ඇතුළට.. "

" දැක්කනෙ ඇන්ටිට මාව දැක්කම මුළු ලෝකෙම අමතක උනා.. "

" යැයි යැයි තමා.. "

අමීයා සෝෆා එක උඩට හතර ගාතෙ දාලා පතබෑවිලා උඩ බලාගත්තා..

" අර වලු කුණා උඹට අමුතු ප# ලයින් දෙනවනෙ.. මොකදේ.. "

" ඕකා ළඟකදි ඉඳන් ඕනවට වැඩී..ඔය නාකි පඩත්තර සෙවල ගස් ඔටුවගෙ ඇ- "

අම්මා ආව හින්දා මං කියන්න ගිය එක ගිලගත්තා.. අම්මා අපි දිහා 'තොපිව නම් හදන්න බෑ' බැල්මක් දාලා ට්‍රේක ස්ටූල් එක උඩින් තියලා කුස්සියට ගියා..

" ආහා.. we go.. we go.. we go hard.. hard like a criminal.. hard like the beat.. hard like ma flow neodo weonhaenni.. bami nogeul mankeum.. tteugeopgo jinhan.. saeroun hiteu.. meomchuji.. maem haettaji.. "

අමීර්ට තේක පිටගිරියෙ ගියා.. ආයෙ දෙකක් නෑ වෙන ප#ක් හිතෙන්න ඇති.. ඒ අස්සෙ නංගි ඉය'ෆෝන්ස් දෙක ගහගෙන කැරකි කැරකි සාලෙට ආවා..

" Hard like a criminal.. hard like the beat.. hard like ma flow dumi danggyeotji.. Yeah.. meot nae bwa mateul bwa nuga nuga wa.. neoreul nollaekina.. we go hard.. "

ඒපාර ඒකි ඇස් වහගෙන රොක් සින්ගර් කෙනෙක් වගේ ඔළුව උඩට පහළට ගස ගස කැරකෙන්න ගත්තා.. මං ශේප් එකේ ඒකිට කෝල් එකක් ගහලා කට් කරා..

" අයියා හු#තා... මූ මගෙ මෙව්වා එක කෑවා... "

ඒකි කෝල් බැක් කරනකම් මම ෆෝන් එක ස්ටූල් එක උඩ තියලා බිස්කට් එකක් අතට ගත්තා.. රිගින්ටෝන් එකේ සද්දෙට ඒකි ඔළුව උස්සලා අපි ඉන්න දිහාව බලලා ඔළුවෙ අත ගහගෙන මූණ දිගේ අත පල්ලෙහාට ඇද්දා.. ඒකට හිනා වෙන්න ගිහින් අති සාර්ථකව දෙවනි පාරටත් අමීර්ට තේක පිටගිරියෙ ගියා..

" පොඩි එකෝ.. තොට කාව දැකලද හාඩ් උනේ.. "

" අනේ මේ මගෙන් මොකුත් අහගන්නැතුව ඉන්නවා ඔටු කිරා.. "

" අද කාටද මන්දා ආව වෙලේ ඉඳන් නැගලා ඉන්නෙ.. "

" කට වහගනින් ප#යා.. "

" අඩේ හාවො තවුසෙටද නැග්ගෙ.. තවුසෙගෙ ප්‍රියම්භිකාව මොනාත මේ කරේ.. "

" මොකද මේ සද්දෙ..? "

ඒකත් හරිනෙ.. ඇහුණද දන්නෑ.. අහෝ මං ඉවරයි.. අප්පච්චි මගෙ කිරි සුදු හා දත් දෙක කඩයි.. ඊටපස්සෙ උඩ ඇන්දෙ පත හිලක්.. තියෙන හිල් ටිකට අමතරව තව එකක්.. සැක් මොනාද මං මේ හිතන්නෙ.. ප#යා බීඑල් වට්පැඩ් පුරුදු කෙරුව එක තමා මේකට මුල.. ගැළවෙන්නම බෑ.. බලලත් බෑ නොබලත් බෑ.. කියවලත් බෑ කියවන්නැතුවත් බෑ.. කහනවා කහනවා වගේ.. අහෝ කුමක්ද පිවිතුරු මට මේ උනේ..

" ආ.. ඉලන්දාරියා මෙහෙද..? "

අඩෝ අමීර්ගෙ තාත්තා.. සිරාම කිව්වොත් මං එයාට සුට්ටක් බයයි.. අමීර් කොච්චර සැර නෑ කිව්වත් මං කතා කරන්න බයයි.. එයා වැඩිය කතා කරන්නැති සාමාන්‍යයෙන් කාගෙවත් ගෙවල්වල එන කෙනෙක් නෙවෙයි.. කවදාවත් නැතුව මොකද දන්නෑ.. මේ වෙන දේවල් අමුතුයි අප්පා..

" අඩේ මට කියන්න බැරි උනා එයා එනවා කියලා.. ඉස්කෝලෙ වැඩේ ගැන කතා කරන්න ඇවිල්ල තියෙන්නෙ.. සමා වුව මැනව මා දයාබර රට හාවෝ... "

අමීර් ගොන් හිනාවක් දාලා මාවයි නංගිවයි ඇදගෙන එළියට ආවා.. අප්පච්චියි අන්කලුයි කතා කරන අස්සෙ අපි ජෑම් පේර ගහට වැඩේ දුන්නා.. පැය ගානකට පස්සෙ අප්පච්චි අන්කල් එක්ක එළියට ආවා.. එළියට ඇවිල්ලත් පැය ගානක් කතාකරාට පස්සෙ අන්කල් අමීර් එක්ක යන්න ගියා..