අද ස්කෝලෙ දෙවනි වාරේ නිවාඩුවෙන් පස්සේ ස්කෝල පටන් ගන්න පලවෙනි දවස...අලුත් වාරෙ නිසා උදෙම්ම ස්කෝලෙට යන්න කියලා ලෑස්ති උනේ ඉතිම්....
මටත් ඉතිම් තියන අමාරුවටයි,ආසාවටයි දෙකටම අච්චර ගෙදර වාහන තියෙද්දිත් බස් එකේ යන්න කියලා මේ හෝල්ට් එකට වෙලා තපිනවා ඒකත් හේතු දෙකකට... එකක් 7.00 වෙලත් තාම බස් එකක් නෑ...අනික් එක මගේ පාපදර යාලුවො සැට් එක තාම ආවේ නෑ...බස් එකක් ආවත් මේ බේසිකයො ටික නැතුව යන්න විදියක් නෑ මට...
අහ්! අමතක උනානෙ මම කවුද කියන්න... මම දේව් මහීෂ සේනාධීර...නම් හෙන ගැම්ම නේතෙ...ඔව් කියපල්ලාහ්...නම් විතරක් නෙමෙ ඉතිම් මමත් ගැම්ම තමා...
[දේව් මහීෂ සේනාධීර ]
මම දැන් මෙතන පැය භාගයක් තිස්සේ හිටගෙන...මේ බස් කාරයන්ටත් ආතල් ද මන්දා...වෙලාවට එන්නෑ කවදාවත්...බස් කාරයොත් හරි ඒකටම හරියන යාලුවො වගයක් තමා මට ඉන්නේ....
"අඩෙහ් දේව්!"
ඔන්න ආවා මගේ එක කුස උපන් සහෝදරයා නොවුනට මගේ දුකට සැපට දෙකටම සූටි කාලෙ ඉදලම හිටිය එකා...කිව්වට විශ්වාස කරන්න වැලි කෙලියේ පටන් අපි එකට හිටියේ...
[තාරුක හසරැල් රාජපක්ෂ]
මොකද දන්නෑ මේ බේසිකයා පරක්කු...අනිත් ඩබල් තාම නෑ...අනේ මෙහෙමත් උන්!!
"අඩෝ සොරි බං...උබ ඇවිත් ගොඩක් වෙලාද?"
"ඔව් භල්ලො...කෝ අනිත් උන් දෙන්නා?"
"මඟ මඟ"
"අඩෝ හසරැලා...බස් එකක් තාම නෑනෙ උට්ටො...!!"
"එයි එයි 7.10 විතර වෙනවනේ"
ඌ එහෙම කියද්දී මම බැලුවේ අතේ තියන් ඔරලෝසුවෙන් වෙලාව කීයද කියලා...7.04!!! වෙලාවට ස්කෝලෙට යාගත්තොත් ඇති!
"අන්න අරුන් එනවා"
හසරැල් ඇත දික්කරලා ඈත තියාම උන් දෙන්නව මට පෙන්නුවා...ඔය එන්නේ පැද්දි පැද්දි...අනේ අම්මේඓඓඓ !!!
"සොරි දේව් පරක්කු උනා...කොහෙද මේ රසසරණියට හැඩ වෙන්න යන වෙලාව දන්නවනේ..."
"අනේ මේ අයියේ මගෙන් මුකුත් නාහා ඉන්නවා...කවුද දන්නෑ මඤේ ටේනු බලඤ්ඤ ලච්චනට යඤ්ඤ ඕඤෑ ගගා වැලලෙන්න ගියේ"
"අනේ උදේම උබලෑ අයියා නංගි වලි පටන් ගන්න එපා ඈ "
"හරි හරි ඉතිම්"
මේ දෙන්නා කවුද කියලා නේද බැලුවේ!! මගේ අනිත් අතිජාත මිත්‍රයෝ දෙන්නා...උන් දෙන්නා කිඹුල්ලු....නෑ මේ මං කිව්වේ නිවුන්නු 😂
[ආදිත්‍ය තේජාන් ජයවීර]
[ආදිත්‍යා සත්සරණි ජයවීර]
දැන් ඉතින් කට්ටිය එක්කම යන්නයි තියෙන්නේ ...කෝ ඒත් මේ බස් එක...!! අද නම් පරක්කු වෙනවා ෂුවර්!!!
"මේ දේව්, තාම ටේනුලා ආවේ නැද්ද?"
"ඇයි උන් අදෘශ්‍යමාන ද? ඉන්නවනම් උබට පේන්න එපෑ"
"හරි ඉතිම් "
"උබෙත් හෙන බොරුව නෙහ්"
"පල යන්න , උබට කවුරුත් නෑ කියලා මම පලියෑ?
"ඇයි එයාට ඉන්නේ මම, නේද මහී?"
ඔන්න ආවා මදි පාඩුව! හැමෝම මට දේව් කියලා කතා කරද්දි මට "මහී" කියලා කතා කරන එකම කෙනා...හංසක!!
[හංසක දේශාන් සිරිවර්ධන]
දැන් ටික කාලෙක ඉදන් හංසක මගේ පස්සෙන් එනවා...හොදට හිටපු එකාට මොනා උනාද මන්දා...අපේ අම්මා නිසා තමා සේරම!!!
මොකද හංසකගෙ අම්මයි අපේ අම්මයි හොදම යාලුවො!!! ඉතින් පොඩි කාලේ ඉදන් ට්‍රිප් එකක් ගියත් ,පාටියකට ගියත් අපේ අම්මා මාව යවන්නේ හංසක එක්ක....මටත් මුලදි ඒක ගානක් උනේ නෑ...ඒත් ඉතින් අපි ටික ටික ලොකු වෙද්දි ඉතින් ,කියන්න ඕන නෑනේ....
මටත් දැන් ඉස්සර වගේ නෙවෙයි...එයා ලඟ ඉද්දි මට නිකං මොකක් ද වෙනවා වගේ...මට හිතෙන්නෙ මම රතු වෙනවා ඇති...මොකද මට දැනෙනව මගේ කම්මුල් වලට ලේ පිරෙනවා...ඒත් මට එහෙම වෙන්න ඕන නෑ...ආආආආ මට ලැජ්ජයි අයියෝඔඔඔඔ!!!
මේ ඔක්කෝටම හේතුව අපේ අම්මා විතරක් නෙවෙයි ඉතිම්...මගෙත් පොඩීඊඊඊ සීන් එකක් තියනවා... මොකක් කියලද හිතන්නේ!!! ඔව් ඔව් උබලා හිතන් එක තමා...මම BL සීරීස් බලනවා ඉතිම් 😂 හී හී දන්නැද්ද...
ඔය ලෙඩේ බෝ කෙරුවේ අපේ හසරැලා තමා...මෙහෙමයි !! අපි 4 දෙනාම ,ඒ කිව්වේ මමයි,හසරැලයි,අපේ නිවුන් ඩබලයි BTS Army... අපිත් ඉතින් අනිත් ආමිලා වගේ ෂිප් කර කර තමා හිටියේ...අපි ඔක්කොමලා ටේකුක් ෂිපර්ලා...ටික කාලයක් යද්දි හසරැලා ඔය BL සීරීස් කියන එක හොයාගෙන ආවා....පස්සෙ වට්පෑඩ් එකේ කතා කියවලා එහෙම දැන් ඉතින් අන්තිමට අපි අන්තිම සවුත්තු වෙලා ඉන්නේ...
ඔය නිසා තමා මට දැන් හංසක ලඟ ඉද්දි අමුතු මෙව්වා එකක් දැනෙන්නේ...මුලදි මට විතරයි එහෙම උනේ..මම ඒක පෙන්නන්න ගියේ නෑ... හැබැයි දැන් මාස ගානක් ඉදන් එයත් මං දිහා හරි අමුතුවට බලනවා කියලා මට දැනෙනවා....
" ආ හංසකයා ගුම් මෝනිම්"
"ගුඩ් මෝනින් හසරැල්...කොහෙද ඉතින් සමහර අය ඉස්සර වගේ අපිට ගුඩ් මෝනින් කියන්නවත් නෑනෙ"
ආආආආආ ඔන්න කිව්වා...මම මේ යකා ආපු නිසා මේ බිම ඉන්න කූඹි ගනං කරනවා...මොකද මම ඔලුව ඉස්සුවොත් මගේ රතු වුන මූන මේකා දකිනවනෙ...ඒ අස්සේ මූ මගුලක් කතා කරනවා...
මම ඔලුව උස්සලා බැලුවා කාටද කිව්වේ කියලා....අනේඒ් මට කියලා තියෙන්නේ!!!
"එහෙම නෑ"
මම ටක්ගාලා එහෙම කියලා ආයම බිම් බලාගත්තා...
"නැත්තේ මොකද,තාම මට ගුඩ් මෝනින් කිව්වේ නෑනෙ..."
යෝඔඔඔඔඔඔ මේ මිනිහාආආආආ!!!
" හරි හරි ගුඩ් මෝනින්"
මං ඕනවට එපාවට එහෙම කියලා අහක බලා ගත්තා...
"හංසක කෝ ටේනු?"
"දැන් මේ ළඟ ඇත්තේ ආදි, ආ ඔය එන්නේ"
ඔන්න අනිත් තුන් කට්ටුව...ඔය එන්නේ හංසකගෙ යාලුවො තුන් දෙනා...එකෙක් දැනටම ආදිත්‍ය එක්ක යාලුයි...ඔව් ඔය ටේනු කියන හාදයා තමා...
[ටේනුක දිල්ශාන් මංචනායක]
අනිත් දෙන්නගෙන් අකේන්ට අපේ හසරැලා පැන හල හල ඉන්නේ...
[අකේන් උද්යෝග පෙරේරා]
අනිත් එකා කොට මොඩල්...ඒ උනාට උගේ කට!!! ඌ අපේ ආදිත්‍ය ගේ නිවුන්නා සත්සරණි යට ලයින්...ඒකිත් නිකං කැමතියි වගේ කියලා හිතෙනවා...
[රනිෂ් අකලංක මනම්පිටිය]
"ආං බස් එක එනවා"
"ඇති යන්තං"
"අඩෝ කට කපලා නේද"
"යහතින් ස්කෝලෙට යන්න තිබුනොත් ඇති"
කතාවෙන් කතාව 7.10 ත් වෙලා...බස් එකක් එනවා, හැබැයි කට කපලා ඒක...යන්නම වෙනවනේ....හොඳ වැඩේ වාහන තියාගෙන බස්වල යන්වට!!
"නැගහං නැගහං"
බස් හෝල්ට් එකෙන් බස් එක නැවැත්තුවාම ටික දෙනෙක් බැස්සත් තාම වාඩි වෙන්න සීට් එකක් නෑ...හිටගෙන තමා යන්න වෙන්නෙ...
බස් එකේ තෙරපි තෙරපි මැදටම රිංග ගත්තා කොහොම හරි...පස්සෙ බැලුවේ අපේ සෙට් එක කෝ කියලා...උන් තැන් තැන් වල...ආදි ටේනු එක්ක ෆුට් බෝඩ් එකේ...එව් මුන්ට තැනක් නොතැනක් නෑ පෙම් කෙලින්න...මං බැලුවේ අනිත් උන් දිහා...රනිෂ් කාරයා සත්සරණි ට ගාඩ් එක දීගෙන ඉන්නවා...හසරැලා අකේන්ගෙ පිටිපස්සට වෙලා සිරික්කිය දදා ඉන්නවා...
එතෝට කෝ මගේ මිනිහා!!! මොකක් ද?? කවුද යකූ මගේ මිනිහා...ආආආආආ මටත් පිස්සු...මම සේප් එකේ පිටිපස්ස හැරිලා බැලුවා...ඔය ඉන්නෙ හෙන කඳයා වගේ මගේ පිටිපස්සෙන්...
ටික දුරක් ඔහොම හොඳට ගියා...ඒ ඉතින් බස් කාරයා බ්රේක් ගහනකං විතරයි...බ්රේක් එකේ සැර කොහොම ද කිව්වොත් තව ඩිංගන් මම ඉස්සරහ වීදුරුවේ...
ඒත්, මාව විසි වුනේ නෑ...
____________________________
ඔන්න ලමාආආආයි අලුත් කතාවක් එක්ක ආවා...සමාවෙන්න ඕන කතා තුනක් තියාගෙන තව ඒවත් දානවට...ඒත් ප්ලොට් එක ඔළුවට ආපු ගමන් අමතක වෙන්න කලින් දාන්න ඕන...
කතාව ගැන මොකද හිතන්නේ...
කමෙන්ට් එකක් වෝට් එකක් දාන්න කට්ටිය...ඊලඟ කොටස ඕනනම් ඉතින් කමෙන්ට් වෝට් ඕන...
එහෙනං මම යනවා...
ආආයෙම එන්නාආම්!! පරිස්සමෙන් ඉන්න...