ජීවිතේ මොනතරන්නම් පුදුමාකාරද
වෙලාවකට අසීමාන්තික සතුටක් දැනෙද්දි
තවත් මොහොතක අසීමාන්තික වේදනාවක් දැනෙනවා.... ඒ හැටි ජීවිතේ දුක සැප දෙකම අපිට විදින්න සිද්දවෙනවා අකමැත්තෙන් වුනත්
කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා වැඩියෙන් කැමති දුකින් ඉන්නද සතුටින් ඉන්නද කියලා
ඒ ප්‍රශ්නෙත් මහා මෝඩ ප්‍රශ්නයක් කවුද කැමති දුකින් ඉන්න හැමෝම බලන්නේ ජීවත් වෙන කාලේ සතුටින් ජීවත් වෙන්නයි
ඒත් අකමැත්තෙන් වුනත් කෙනෙක්ට ජීවිත කාලේ පුරාවට දුකම විතරයිනම් උරුම
මොනවා කරන්නද ඒක ඒ කෙනාගේ දෛවය වෙන්න පුලුවන්
එතකොට මේකද මගේ දෛවය
තාත්තෙක් නැතුව අම්මත් මරාගෙන උපන්න මට ජීවිතේට හිතේ සතුටක් හිතේ නිදහසක් දැනෙන්නෙ නැතිවේවි ඒක හීනයක්ම වේවිද මම දන්නැ
මට මගේ ජීවිතේ සතුටු වෙන්න කියලා හේතුවක් තිබුනනම් ඒ මම ඒලෙවල් පාස් වෙලා විශ්විද්‍යාල තේරුන දවස ඒත් මගේ කරුමෙක මහත කියනවනම් ඒ දවසෙවත් මට සතුටු වෙන්න මගේ දෛවය ලියපු කෙනාට ඉඩ දෙන්න හිතිලා නැ....මට හුස්ම දිලා හුස්ම ඇතැරලා ගියපු අම්මගේ එකම හීනේ හැබැ කරන්න මුල්ම පියවර තියන්න ලැබුන දවසෙම අවුරුදු
20 ක් මාව උස්මහත් කරපු මට අම්මා තාත්තා දෙන්නම වුන මගේ අත්තම්මත් මාව දාලා යන්නම ගියා
එදා මම මේ සෙංකඩගල අහස යට තනි වුනා අනාතයෙක් වුනා....
"සිත්රු පුතා"
(සිත්රු අභිමන් , වයස 21 )
කාර් එකේ ශටර් එකෙන් පහුවෙන දළදා මාලිගාව දිහා බලාන ගෙවුන මගේ ජීවිතේ ගැනම කල්පනාවක උන්න මම පුංචි මැණිකෙගේ කටහඩින් සිහියට ආවා
"පුංචි මැණිකේ"
මම කාර් එක ඩ්‍රයිව් කරන පුංචි මැණිකේ දිහා බැලුවා
"ගෙවුන අතීතේ අතීතෙටම බාර දෙන්න වර්ථමානේ ජීවත් වෙලා අනාගතේ ගැන හිතන්න සිත්රු"
එක අතකින් මගේ ඔළුව අතගාපු පුංචි මැණිකේ එහෙම කියද්දි මමත් හිනා වුනා...
ඔව් පුංචි මැණිකේ හරි මට අද මගේ අතීතේට තිතක් තියන්න වෙනවා සෙංකඩගල නුවරට සමු දෙන්න වෙනවා අම්මගේ අත්තම්මගේ හීනවලට පන දෙන්න මහන්සි වෙන්න වෙනවා
අත්තම්මා වලව්වේ උයන පිහන වැඩ කරා මැරිලා යනකල්ම මාව ජීවත් කරවන්න...
පුංචි මැණිකේ මගෙ අම්මගේ හොදම යාලුවාලු ඉතින් අම්මෙක් නැති මට පුංචි මැණිකේ අම්මෙක් වගෙයි සලකන්නේ වලව්වේ ලොකු මැණිකෙනම් ටිකක් නීති කාරයි ලොකු හාමු වගේ නුපුරු නෑ මට දුෂ්ටකම්නම් කරලා නැ කවමදාවත් වැඩකාරයෙක්ට වගේ සලකලා නැ...මට ඉගෙන ගන්න උදව් කරෙත් පුංචි මැණිකේ
ඉස්සර ලස්සනට හිනා වෙලා ඉන්න පුංචි මැණිකෙගෙත් හිනාව මීට අවුරුදු දෙකකට කලින් හොරු අරන්ගියා... පුංචි මැණිකෙගේ මහත්තයා මට කොළඹ මහත්තයා වුන දොස්තර මහත්තයත් මේ ලෝකෙන් යන්නම ගිය දවසේ පුංචි මැණිකෙගේ හිනාවත් අරන් ගිහින්
රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න සුදුසුකම් තිබුනත් පුංචි මැණිකෙගේ අහකදාන්න බැරි ඉල්ලිම නිසා මම විශ්ව විද්‍යාල ගමන නැවැත්තුවා
ඒ වෙනුවට පුංචි මැණිකේ සියලුම වියදම් දරලා මාව පුංචි බේබි එක්කම එකට ඉගෙන ගන්න රටේ පිලිගත්ත කැම්පස් එකකට ඇතුලත් කරා මගේ හීනෙට යන හැම වගකීමක්ම පුංචි මැණිකේ බාර ගත්තා
එයා මගෙන් ඉල්ලුව එකම දේ පුංචි බේබිව බලා ගන්න පුංචි බේබිට හොද යාලුවෙක් වෙන්න කියන එක විතරයි
අවුරුදු දෙකකට කලින් උන අනතුරෙන් කොළඹ මහත්තයා යන්නම යද්දි පුංචි බේබි රෝද පුටුවට වැටුනා
මම අවුරුදු හතරකින් විතර පුංචි බේබිව දැකලා නැ එයා ඉස්සරනම් මාත් එක්ක හරි එකතුයි ඉස්සර එයා හරි අහින්සකයි ඒත් දැන් කොහොම ඇත්ද.... මොනවගේ වුනත් ඉතින් මට අද ඉදන් ජීවත් වෙන්න වෙන්නේ එයා එක්ක එකටනේ
පුංචි මැණිකේ රට යන්නලු මොකද වලව්වේ පොඩි හාමු අසනිපෙන්ලු ඒ ඇවිල්ලා පුංචි මැණිකෙගේ අයියා දොස්තර හාමු එයා අවුරුදු ගානක්ම රට ජීවත් වෙන්නේ මම එයාව දැකලා තියෙන්නේ පින්තුර වලින් විතරයි
අනේ මන්දා මට හරි ආසයි එයාව හැබැහින් දකින්න
එක එක දේවල් හිත හිත හිටපු මගේ ඇස් මට නොදැනිම පියවෙලා ගියා...
"සිත්රු නැගිටින්න පුතා අපි දැන් ගෙදරට ලගයි"
"ම්හ්ම්.."
"අයියෝ කෝ කැම්මැලි කොල්ලෝ නැගිටින්න දරුවෝ.."
"පුංචි මැණිකේ.."
දෙවෙනි පාරටත් පුංචි මැණිකේ මට නැගිටින්න කියද්දි මම නින්දෙන් අවදි වුනා...පැය කීයක් ගිහින්ද කියන්න මම දන්නැ කොහොම හරි සෙංකඩගල නුවර පහුවුන ගමන්ම මට නින්ද ගියා
තවත් විනාඩි පහලවකින් විතර පුංචි මැණිකේ සුදුපාට උස තාප්පෙකින් වට වුන ගෙදරක කලු පාට ලොකු ගේට්ටුවෙන් කාර් එක වත්ත ඇතුලට දැම්මා...
කොළඹ කිව්වට මේ ගෙදර තිබුනේ ටිකක් නගරෙන් ඈතට වෙන්න සාමකාමී පරිසරයක..
පොඩි ගෙවත්තක් එක්ක තට්ටු දෙකේ ලොකු ගෙදරක්...මට මගේ ඇස් ඒ දර්ශනෙන් අහකට ගන්න බැරිවුනා වලව්වට වඩා ලස්සනයි ඇත්තටම
"යමු සිත්රු ඇතුලට"
පුංචි මැණිකේ කාර් එකෙන් බහිද්දි මාත් බැස්සා
"මයිකල් ඔය බැග් පොඩි බේබිගේ කාමරේට එහා පැත්තේ කාමරෙන් තියන්න"
අපි ඉස්සරහට ආපු අවුරුදු 45ක විතර වයස මාමා කෙනෙකුට පුංචි මැණිකේ මගේ බැග් එක ගන්න කිව්වා
මමත් ඉතින් වට පිටාව ගැන හොදට බල බලම පුංචි මැණිකෙගේ පස්සෙම්ම ගෙට ගියා
දෙවියනේ ගේ ඇතුල දැකපු මගේ කටත් ඇරුනා
තනි සුදුපාට උස බිත්ති ඊටම ගැලපෙන කලුපාට එක එක විදියේ ගෘහ බණ්ඩ එක්ක අමුතුම ලස්සනක් තිබුනේ
"සිත්රු අර දකුණු පැත්තේ තියෙන දෙවෙනි කාමරේ ඔයාගේ ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මම කෑම ලෑස්තිකරන්නම්"
"හොදමයි පුංචි මැණිකේ..."
පුංචි මැණිකේ පෙන්නපු කාමරේට ආපු මම තවත් පුදුම වුනා ඒ කාමරේ පුදුමාකාර චාම් ලස්සනක් තිබුනේ
නිල්පාටින් හැඩ කරලා තිබුන කාමරේ හුරුබුහුටි පෙනුමක් ගත්තා
මේ කාමරේ අපේ ගෙදර තිබුන මගේ කාමරේ වගේ තුන් ගුණයක් ලොකුයි
කාත් කවුරුත් නැති මට තමන්ගේ දරුවෙක්ට වගේ සලකන පුංචි මැණිකෙට පිං අයිතිවෙන්න ඕනා
ඉක්මනට නාගත්තු මම දැනුන බඩගින්න නිසාම පරක්කු නොකර කාමරෙන් එළියට ආවත් මගේ කාමරේට එහා පැත්තේ කාමරෙන් ඇහුන සද්දේ නිසා මම නතර වුනා
මොනවා හරි වීදුරු දෙයක් කුඩු වෙනවා ඇහුනා වගේම කවුරු හරි අඩන සද්දයක් ඇහෙද්දි දෙපාරක් නොහිතම මම ඒ කාමරේ ඇතුලට දිව්වෙ කලබලෙන්
ඒත් මගේ කකුල් මටත් නොදැනිම නතර වුනේ බිත්තියට හේත්තු වෙලා ඒ අඩන රුව දැකලා
මට මගේ ඇස් අදහගන්න බැරිවුනා තනි සුදුපාට කාමරේ ඇතුලේ සුදු පාටින්ම ඇදන් උන්න කිරිපාට හමක් තියෙන එයාව මට පෙනුනේ තනිකරම සුරදූතයෙක් වගේ
(සදෙව් අපූර්ව , 23)
අවුරුදු ගානකට පස්සෙ දැක්ක එයාගේ රුව ලග අතරමන් වෙලා හිටපු මම පියවි සිහියට ආවේ ඒ කම්මුල් දිගේ ගලන කදුළු දැකලා
ඒත් එක්කම මම දැක්කේ පැත්තකට වැටිලා තියෙන රෝද පුටුව වගේම කුඩු වෙච්ච වතුර වීදුරවක හැම තැනම විසිරිලා තියෙන වීදුරු කටු
"ඔ..ඔයා හොදින්ද...?"
හිමින් සැරේ අඩියෙන් අඩිය එයාගේ ලගට ලන්වුන මම කතා කරද්දි එයා ගැස්සුනා
මාව දැකලා ඉක්මනින් අහක බලාගත්තු එයා මට නොපෙනෙන්න ඒ කදුල පිහිදගත්තා
"තමුන් කවුද?
කොහොමද මගේ කාමරේට ආවේ?"
ඒ ගැබුරු කටහඩට මම ගල්වුනා
"මට සමාවෙන්න කරදරයක් කියලා හිතපු නිසයි ආවේ"
"තමුන්ට අදාල නැ... යනවා යන්න"
දෙවියනේ රුපෙන් ඒන්ජල් කෙනෙක් වගේ වුනාට මොකද කටේ සැර...කොච්චිද දන්නැ කන්නේ තුන් වේලෙටම
මට යන්න කියලා කෑ ගැහුවත් ඕන දෙයක් වෙද්දෙන් කියලා එයාගේ වචන නෑහුනා වගේ මම එයා ලගටම කිට්ටුවෙලා වැටිලා තියෙන රෝද පුටුව නැගිට්ටවලා හරි ගැස්සුවා වගේම ඊළගට එයා ලගට පහත්වුනා
"ඕකනම් කීයටවත් කරන්න හිතන්න එපා"
එයාව නැගිට්ටවන්න කියලා මගේ අත එයා ලගට දික් කරද්දිම එයා මට රවලා තර්ජනාත්මකව කිව්වා
අනේ ඉතින් මම සැලේවී ඕවට
පිප්පුවට මොකද මට බැ එයාව මෙහෙම තනියෙම දාලා යන්න අනික අද ඉදන් මම එපැයි මේ පොඩි බේබියව බලාගන්න
අනේ ඔය රැස් ඔයා ලගම තියාගන්න පොඩි බේබියෝ
මම එයාගේ වචන ගනනකට නොගෙන එයාව නැගිට්ටන්න හදද්දි මේ රුපෙට ඒන්ජල් ඇතුලෙන් ඩෙවිල් පොඩි බේබි මාව තල්ලු කරලා දැම්මා
"ආව්ව්.."
බිම වැටුනු පාරට මගේ අත්වලට වීදුරු කටු පොඩි වෙලා මගේ අත් කැපිලා යද්දි වේදනාවට මට කෙදිරි ගෑවුනා
මගේ තුවාල වුන අත් දැකලා එයා කලබල වුනා..
"ම-මම කිව්වනේ එපා කියලා ඇයි...ඇයි ඇහුවේ නැත්තේ ආහ්..මම කිව්වා එපා කියලා"
"වස්තුව ඇයි මේ කලබල වෙලා?"
එයා එක දිගට හුස්මක් නොගෙන කියවගෙන යද්දි කාමරේ ඇතුලෙන් ඇහුන අනිත් කටහඩට අපි දෙන්නම දොර දිහා බැලුවා
(නවිරු අවිහිංසන , වයස 29)
"අ-යියා.. මම කිව්වා එයාට එපා කියලා.."
"හරි හරි වස්තු කලබල නොවී ඉන්නකෝ දැන්"
එයාව තුරුලු කරගත්තු ලොකු බේබි එහෙම කියද්දි එයා සන්සුන් වුනා
මම තාමත් එයාලා දිහා ඇසුත් ලොකු කරන් බලන් උන්නා
"තුවාලද මල්ලි?"
"ඒක ගානක් නැ ලොකු බේබි..."
"ගානක් නැත්තේ කොහෙද කෝ අත දෙන්න බලන්න... ම් යමු මම බෙහෙත් දාන්නම්"
"ඕන නැ ලොකු බේබි"
"ඕන නැත්තේ මොකෝ යන් යන්.."
ඩෙවිල් ඒන්ජල්ව රෝද පුටුවෙන් වාඩි කරවපු ලොකු බේබි මාවත් නැගිට්ටලා මගේ අතට බෙහෙත් දාමු කියද්දි මම අදිමදි කරත් එයා අන්තිමට සැර නොකර සැර කරද්දි මාත් සද්ද නැතුව හිටියා
"අයියා මෙයා කවුද?"
"ඔයාගේ අභී....."
_________________________
මම
💜ND💙